Quantcast
Channel: Aluth | Software Review, Download, Tech News
Viewing all articles
Browse latest Browse all 1805

Icecream Video Editor - Free video editing software

$
0
0
අන්තර්ජාතික වශයෙන් මෘදුකාංග නිපදවන "Icecream App" ආයතනය විසින් ඔවුන්ගේ නවතම මෘදුකාංගය පසුගියදා හදුන්වාදෙනු ලැබුවා. එය නමින් Icecream Video Editor යෙදවුමයි. මේ මගින් ඔබගේ පරිගණකයේ ඇති වීඩියෝ සංස්කරණ කටයුතු සිදු කිරීමට පුළුවන්. අනෙකුත් icecream මෘදුකාංග වගේම මෙයත් කිසිදු මුදලකින් තොරව පරිශීලකයාහට නොමිලේම බාවිතා කිරීමට හැකියාව ලබාදෙනවා.ඉක්මනින්ම වීඩියෝ එඩිටින් කරන්න අලුත්ම මෘදුකාංගයක්.

අන්තර්ජාතික වශයෙන් මෘදුකාංග නිපදවන "Icecream App"ආයතනය විසින් ඔවුන්ගේ නවතම මෘදුකාංගය 

පසුගියදා හදුන්වාදෙනු ලැබුවා. එය නමින් Icecream Video Editor යෙදවුමයි. මේ මගින් ඔබගේ පරිගණකයේ ඇති වීඩියෝ සංස්කරණ කටයුතු සිදු කිරීමට පුළුවන්. අනෙකුත් icecreamමෘදුකාංග වගේම මෙයත් කිසිදු මුදලකින් තොරව පරිශීලකයාහට නොමිලේම බාවිතා කිරීමට හැකියාව ලබාදෙනවා. බලන්න හදුන්වාදෙන වීඩියෝව.



ඔබ ස්මාර්ට්ෆෝන් එකෙන් ලබාගත් ඡායාරූප පරිගණකයට copy කර මේ මෘදුකාංගයට ලබාගෙන ලස්සන slide showවීඩියෝවක් හදන්න පුළුවන්. අනෙකුත් වීඩියෝ එඩිටින් මෘදුකාංගවල ඇති slide effectsසියල්ලම වාගේ මෙහිද ඇතුලත් වෙනවා. 

ඔබ නිර්මාණය කරන වීඩියෝවට වචන දාන්න අවශ්‍යනම් Text Effect ආකාරයෙන් දාන්න පුළුවන්. ඒවගේම Trim, cut, resize, captureවැනි ප්‍රධාන අංගයන්ද ඇතුලත් වෙනවා. YouTube channel වලට වීඩියෝ අප්ලෝඩ් කරන අයටද මේ මෘදුකාංගය ප්‍රයෝජනයට ගන්න පුළුවන්. වීඩියෝවල Colours ඇතුලත් කරන්න, Visual Effectsදාන්නත් පුළුවන්. අනෙකුත් වීඩියෝ එඩිටින් සොෆ්ට්වෙයා වලට සාපේක්ෂව පරිශීලකයාට වඩාත් ඉක්මනින් සහ පහසුවෙන් වීඩියෝ එඩිටින් වැඩ කරගන්න මේ මෘදුකාංගය ප්‍රයෝජනවත් වෙනවා.

බලන්න තිර ඡායාරූප කිහිපයක්




වින්ඩෝස් 7, 8සහ 10 මෙහෙයුම් පද්ධති සදහා මෙය සහාය දක්වනවා. මෘදුකාංගය ඔබගේ පරිගණකයට බාගතකරගැනීමට මෙතනින් පිවිසෙන්න. නැතිනම් නිල වෙබ් අඩවියෙන් බාගන්න.


Technical Details

  • Software Name : Icecream Video Editor
  • File size : 37 Mb
  • Requirements : Windows 7, 8, 10
  • License : Free
  • Publisher website : icecreamapps.com

Viewing all articles
Browse latest Browse all 1805

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>