
අදකාලය අපි KDJ Singlishමෘදුකාංගය කලින් ලිපියකින් ඔබට හදුන්වාදී තිබෙනවා. මේ එහි නවතම
යාවත්කාලීනය සහ ජංගම යෙදවුම හදුන්වාදීමයි. මෙම වසරේ ලංකාවේ නිපදවූ නවතම මෘදුකාංගයක් ලෙස KDJ Singlishහදුන්වන්න පුළුවන්. මෙය ලාංකීය සැමට ඉතාමත් ප්රපයෝජනවත් මෘදුකාංගයක්. PCසඳහා හඳුන්වාදෙන KDJ Singlishමෘදුකාංගය මඟින් ඔබට සුපුරුදු Message Type කරන ආකාරයෙන්ම සිංහල වචන Type කිරීමේ හැකියාව ලබා දෙනවා. කලින් නිකුත් වුණු සියළුම සංස්කරණයන් පරිගණකය සඳහා පමණක් වුවද, මේ වන විට ඔබගේ ඇන්ඩ්රෝයිඩ් දුරකථනයට මෙන්ම Google Chromeවෙබ් බ්‍රවුසර් එකේ Extensionඑකක් ලෙස දාගන්න පුළුවන්.
බලන්න හදුන්වාදෙන වීඩියෝව.
බලන්න හදුන්වාදෙන වීඩියෝව.
KDJ Singlish Google Chrome Browser Extensionඑක ගැන හදුන්වාදිමක්.
මේ කාලය තුළ Google Chromeකියන්නෙ ලංකාවෙ වගේම ලෝකයේ අනෙකුත් රටවලත් බහුලව භාවිතා වන වෙබ් බ්‍රවුසරයකි. මෙම බ්‍රවුසරය සමග ඔබ පිවිසෙන වෙබ් අඩවිවල සිංහල Singlish ආකාරයට ටයිප් කිරීමට පුළුවන්. ඒ කියන්නේ සමාජ ජාල වෙබ් අඩවියක් වූ Facebookහි Status දාන්න, යහළුවන් සමඟ සිංහලෙන් chat කරන්න, Google එකේ සර්ච් කරන්න වගේ ගොඩක් දේවල්වලට මෙම Extensionඑක යොදාගන්න පුළුවන්. බලන්න තිර ඡායාරූපක්.
Google Chromeසදහා මෙතනින් පිවිස Extension එක බාගන්න.
KDJ Singlish Android App එක ගැන හදුන්වාදිමක්.
KDJ Singlishසඳහා ඇන්ඩ්රො යිඩ් ඇප් එක 2019මැයි මස නිකුත් කළා. මෙයින් ඔබට ඉතාමත් ලේසියෙන් යුනිකෝඩ් විදිහට හරි ෆොන්ට් විදිහට හරි ටයිප් කරල Share කරගන්න පුළුවන් . ගොඩක් Simple App ඒකක්. බලන්න තිර ඡායාරූප.
Android Smart Devices සදහා මෙතනින් පිවිස App එක බාගන්න.
KDJ Singlish Desktop Version එක ගැන දැන් බලමු.
හඳුන්වාදුන් විශේෂාංග රැසක් සමඟ නවතම සංස්කරණය දැන් ඔබට Download කරගන්න පුළුවන්. මෙම මෘදුකාංගය මඟින් සිංග්ලිෂ් ආකාරයෙන් Type කර Unicodeහා Font යන දෙයාකාරයටම ලබාගැනීමේ හැකියාව පවතී. Unicodeසඳහා ctrl+uහා ෆොන්ට් සඳහා ctrl+fයන keyboard shortcuts භාවිතාකර Word Documentඑකකටද, Photoshop, Illustratorවැනි මෘදුකාංගවලටද, එසේත් නැතිනම් වෙබ් බ්‍රවුසරයක පහසුවෙන්ම Copy & Pasteකරගන්න පුළුවන්.
විශේෂයෙන්ම, සිංහල Type කිරීමේදී ඔබට අවශ්යහ ඕනෑම අකුරක් නිවැරදිව බලා ගැනීමට Help Optionඑකෙහි ඇති Keyboard Layoutඑක භාවිතාකළ හැක. එසේම මෙම මෘදුකාංගය මඟින් Typeකරන අකුරු වල Font Sizeඑක වෙනස් කර ගැනීමේ හැකියාවද ලබාදී ඇත. ඔබගේ ඇසට පහසු පරිදි Font Sizeඑක වෙනස් කරගත හැකි වන අතර එය වෙනත් ස්ථානයකට Pasteකිරීමේදී බාධාවක් නොවනු ඇත. ඔබට ලබාදී ඇති Online හා Offline Library Optionsමඟින් අවශ්‍යවන වචන Type කරන අතර තුරේදීම Word Suggestion Listඑක මඟින් අවශ්‍ය වචන තෝරා ගැනීමේ හැකියාවද ලබාදී ඇත.
තවද, ඔබට අවශ්‍ය ලෙස Window එක කුඩා සහ විශාල කිරීමේ හැකියාවද, ඒ සමඟම අවශ්‍ය ලෙස Text Areasවල හැඩගැසීමද පරිශීලකයාට පහසුයි.
ඊට අමතරව ඔබට අළුත්ම Update එක තුළින් Settings කිහිපයක් වෙනස් කිරීමේ Section එකක්ද ලබාදී ඇත. මෙහි ඇති තවත් විශේෂාංග කිහිපයක් ඔබට පහත රූපවලින් බලාගත හැක. විශේෂයෙන්ම ඔබට ඇති ගැටළු මේල් කිරීම මගින්, එම ගැටලු වලට විසදුම් ලබා ගැනීමටද පුළුවන්. තවත් විශේෂම දෙය තමයි, මෙහි Install Versionඑක වගේම Portable Version එකද බාගන්න පුළුවන්. ඒ නිසා පෙන් එකක දාගෙන වැඩ කරන්න පුළුවන්. නැතිනම් ඔබ කාර්‍යාලයක වැඩ කරන කෙනෙක්නම් එම පරිගණකවල Admin Accessනොමැතිව මෘදුකාංගය ක්‍රියාත්මක කරන්න පුළුවන්.
Laptop සහ Desktop පරිගණක සදහා අදාල මෘදුකාංගය බාගන්න.