Quantcast
Channel: Aluth | Software Review, Download, Tech News
Viewing all articles
Browse latest Browse all 1805

Google ban Huawei's Android support update

$
0
0
මේවනවිට තාක්ෂණික ලෝකයේ ප්‍රධානම පුවත වී තිබෙන්නේ මෙම කාරණයයි. ඒ චීනයේ පිහිටි තාක්ෂණික මෙවලම් නිපදවන විශාලතම සමාගමක් වූ හුවාවේ සඳහා ගූගල් ආයතනය විසින් ලොකු බලපෑමක් ඇතිකරමින් මින්පසු හුවාවේ ස්මාර්ට් උපාංග සඳහා ඇන්ඩොයිඩ් මෙහෙයුම් පද්ධතිය බාවිතා කිරීම නවතාලීමට යම් තහංචි කිහිපයක් පැනවීමයි. රොයිටර් පුවත් වාර්තා කරන ආකාරයට හුවාවේ ස්මාර්ට් උපාංග සඳහා බාවිතා කරන ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය සඳහා සෙකියුරිටි අප්ඩේට්ස් ඇතුළු කිසිම Google සේවාවක් නොලැබේ. ඒවගේම ගූගල් නිල ඇප්ස් Play Store, Gmail, YouTube, Google Map වැනි අත්‍යවශයම සේවා සපයන ඇප්ස්ද මින් ඉදිරියට පැමිණෙන හුවාවේ ෆෝන් සඳහා ලබානොදෙන බව ගූගල් පවසයි.හුවාවේ සඳහා ගූගල් ඇන්ඩ්‍රොයිඩ් අප්ඩේට් නෑ.

මේවනවිට තාක්ෂණික ලෝකයේ ප්‍රධානම පුවත වී තිබෙන්නේ මෙම කාරණයයි. ඒ චීනයේ පිහිටි තාක්ෂණික මෙවලම් නිපදවන විශාලතම

සමාගමක් වූ හුවාවේ සඳහා ගූගල් ආයතනය විසින් ලොකු බලපෑමක් ඇතිකරමින් මින්පසු හුවාවේ ස්මාර්ට් උපාංග සඳහා ඇන්ඩොයිඩ් මෙහෙයුම් පද්ධතිය බාවිතා කිරීම නවතාලීමට යම් තහංචි කිහිපයක් පැනවීමයි. රොයිටර් පුවත් වාර්තා කරන ආකාරයට හුවාවේ ස්මාර්ට් උපාංග සඳහා බාවිතා කරන ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය සඳහා සෙකියුරිටි අප්ඩේට්ස් ඇතුළු කිසිම Google සේවාවක් නොලැබේ.

ඒවගේම ගූගල් නිල ඇප්ස් Play Store, Gmail, YouTube, Google Map වැනි අත්‍යවශයම සේවා සපයන ඇප්ස්ද මින් ඉදිරියට පැමිණෙන හුවාවේ ෆෝන් සඳහා ලබානොදෙන බව ගූගල් පවසයි.


මෙසේ ගූගල් සමාගම විසින් හුවාවේ සමාගම වෙත බලපෑම් එල්ල කරනුයේ පසුගිය දිනවල ඇමරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් චීනයේ පිහිටි මෙම Huawei සමාගම දැඩි ලෙස විවේචනය කිරීම මගිනි. ඒ අනුව පැවසූයේ හුවාවේ සමාගම ඇමරිකානු තොරතුරු සොරාගැනීමට සිය නිෂ්පාදන මෙවලම් භාවිත කර ඇති බවයි. වහාම ක්‍රියාත්මක වූ ගූගල් සමාගම හුවාවේ සමාගම සමඟ සාකච්ඡාකරමින් ඉදිරියේදී නව හුවාවේ නිෂ්පාදන සඳහා ගූගල් සේවා ලබා නොදෙනබවත් දැනට නිකුත්වී ඇති ස්මාර්ට් උපාංග සඳහා පමනක් තම සේවාව පරිශීලකයින්හට අත්විදීමට අවස්ථාව ලබාදෙන බව ප්‍රකාශකර ඇත. නමුත් මේ තීරණය සමඟ මෑත කාලීන P30, P30 Pro, Mate 20 Proඇතුළු කිසිම Huawei නිශ්පාදනයකට Android Updates හෝ Google Playstore, Gmail සෙකියුරිටි අප්ඩේට් ඇතුළු කිසිම Google නිශ්පාදනයක් ලැබෙන්නේ නෑ.

මෙයට ප්‍රතිචාරව හුවාවේ තම තම පරිශීලකයින්හට ප්‍රකාශකරන්නේ ගූගල් යනු අපගේ තවත් එක් සේවා සපයන්නෙක් බවත් වෙනත් ආදේශක ඇති නිසා ගනුදෙනුකරුවන් මෙයට කලබල වියයුතු නැති බවයි. Android තහනම් කළහොත් ඒ වෙනුවට භාවිතා කිරීමට Huawei විසින් ඔවුන්ගේම මෙහෙයුම් පද්ධතියක් නිර්මාණය කිරීමට කටයුතු කර ඇති බව ඔවුන් නොබියව ප්‍රකාශකර තිබෙනවා.



කෙසේ වෙතත් ඇන්ඩ්‍රොයිඩ් යනු open source මොබයිල් මෙහෙයුම් පද්ධතියක් බැවින් ඕනෑම කෙනෙකුට මෙය බාවිතාකල හැකිද ගූගල් සඳහන් කරනවා. දැනට භාවිතා වන Huawei දුරකථන වලට සීමාසහිතව තම සේවා සපයන බව ගූගල් ආයතනය පවසනවා.


Huawei ප්‍රධාන විධායක රෙන් පවසන්නේ ⁣Huawei නිෂ්පාදන⁣ ලොව ඉතා වේගයෙන් ජනප්‍රිය වන්නට පටන් ගැන්ම නිසා ඇමරිකානු දුරකථන නිෂ්පාදන සමාගම් වලට එල්ලවන පහර වැලැක්වීමට ඇමරිකානු සමාගමක් වන ගූගල් මෙය සිදුකරන්නට ඇති බවයි. කෙසේ වෙතත් ගූගල් ආයතනට දැනට වසර කීපයකට පෙර සිටම Huawei දුරකථන සඳහා යම් යම් තහංචි පනවා තිබුනා.

ABS-CBN News හි මෙය පලකල ආකාරය.



ඇන්ඩොයිඩ් නිල ටිවිටර් පිටුවෙහි මෙම පුවත පහත ලෙස පරිශීලකයින් දැනුවත්කර තිබුණා.



Viewing all articles
Browse latest Browse all 1805

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>