
අපි කලින් ලිපිය මගින් ඔබට මෘදුකාංගයක් ඉන්ස්ටෝල් කිරීමකින් තොරව ගූගල් ක්‍රෝම් මගින් බ්ලොක් කරලා තියෙන වෙබ් අඩවියකට
පිවිසීමට හැකි Free VPN Service එකක් ලබාදෙන නියම Extension එකක් හදුන්වා දුන්නා. එම ලිපිය නැරඹූ පිරිස්, VPN ඕනෑම වෙබ් බ්‍රවුසරයකට ක්‍රියාත්මකවෙන සහ ජංගම දුරකතන වලටද ක්‍රියාකරන හොද ඇප් එකක්ද ලබාදෙන ලෙස වැඩිදෙනෙක් ඉල්ලා සිටියා.
අන්තර්ජාලය මගින් ඔබට VPN මෘදුකාංග ලේසියෙන්ම හොයාගත හැකි වුවත් ඒවා අතුරින් සාර්ථකලෙස ක්‍රියාත්මක වෙන මෘදුකාංග තිබෙන්නේ කිහිපයයි. අන්න ඒ මෘදුකාංග කිහිපය අතින් අපි යෝජනා කරන මෘදුකාංගය වන්නේ Windscribe.

මෙය පරිශීලකයාට පහසුවෙන් බාවිතාකලහැකි ලෙස ඉතාමත් සරල පෙනුමකින් නිර්මාණයකර ඇත. Interfaceඑක අලුත් පෙනුමක් සහිතයි. වින්ඩෝස්, මැක් සහ ලිනක්ස් මෙහෙයුම් පද්ධති ඇතුලත් පරිගණක වලට වගේම ඇන්ඩොර්යිඩ්, ඇපල් iOS operating system සහිත ජංගම උපාංග වලටත් මෙය සහාය දක්වනවා. මෙතනින් පිවිස බාගත කරගන්න.
මෙහිදී ඔබට නම සහ ඊමේල් ලිපිනය ලබාදී Windscribe ගිණුමක් නිර්මාණය කිරීම අනිවාර්‍යයි. නොමිලේ 10GB VPN ඩේටා ප්‍රමාණයක් බාවිතා කරන්න පුළුවන්.
මෙහිදී ඔබට නම සහ ඊමේල් ලිපිනය ලබාදී Windscribe ගිණුමක් නිර්මාණය කිරීම අනිවාර්‍යයි. නොමිලේ 10GB VPN ඩේටා ප්‍රමාණයක් බාවිතා කරන්න පුළුවන්.