
අද දවස ගූගල් ප්ලස් බාවිතා කරන අයටනම් එතරම් සුබ නෑ. ඒ අද දිනයේ ඔවුන් සුපුරුදු ලෙස තම google+ගිණුමට පිවිසුන පසු දැනගන්නට ලැබුණ කාරණයයි.
ඒ ගූගල් ප්ලස් වසා දැමීමේ සහ පරිශීලක දත්ත මකා දමන දින පිළිබඳව නිළ ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.
පසුගිය වසරේ Google+සේවාවට එල්ල කළ මහා පරිමාණ Hacking ප්‍රහාරයකට මුහුණ දීමෙන් අනතුරුව එම සේවාව නවත්වා දැමීමට Google සමාගම තීරණය කළ බව ඔබව දැනුවත් කළා මතක ඇති. ඔන්න දැන් මේ සේවාව නැවැත්වීම හා එයට අදාල දත්ත මකා දමන දින වකවානු පිළිබඳව නිළ නිවේදනයක් නිකුත් කිරීමට Google සමාගම කටයුතුකර තිබෙනවා. මේ අනුව Google+ platformඑක මේ වසරේ අප්‍රේල් මාසයේදී වසා දැමීමට නියමිත අතර එළැඹෙන පෙබරවාරි මාසයේ සිට ක්‍රමයෙන් මෙම කටයුත්ත සිදු කිරීමට Google සමාගම කටයුතු සූදානම් කර තිබෙනවා.
2019පෙබරවාරි 4 වැනිදා සිට අලුත් Google+ profile, pages, communitiesසහ events නිර්මාණය කිරීමේ හැකියාව නවතා දැමීමට නියමිතයි. Blogger වෙබ් අඩවි සඳහා ලබා දී තිබූ Google+ Commentපහසුකම පෙබරවාරි 4වැනිදායින් පසුව නවතා දැමෙනු ලබන අතර වෙනත් වෙබ් අඩවි සඳහා ලබා දී තිබූ comments පහසුකම මාර්තු 7වැනිදා සිට අක්‍රීය වනු ඇත. එමෙන්ම මේ හරහා පළ කළ සියලුම comments අප්‍රේල් 2වැනිදා වන විට සම්පූර්ණයෙන්ම මකා දැමෙනු ඇත.
Google+ sign-in buttonපහසුකම භාවිතා කළ වෙබ් අඩවි හා apps මීළඟ සති කිහිපය ඇතුලත අක්‍රීය වනු ඇති අතර ඇතැම් සේවාවන් වලදී මෙම buttons Google sign-inලෙස වෙනස් වනු ඇත. Google+ Communityවල admin වරුන් හා moderator වරුන් හට තම community වල දත්ත download කරගැනීමේදී සෑම public post එකකම author, body සහ සියළුම photos downloadකරගැනීමට ලැබෙන අතර මෙම download කිරීමේ අවස්ථාව මාර්තු මාසය ආරම්භයේ සිට සිදුකළ හැකි වෙනවා.

අප්‍රේල් මස 2වැනිදා සිට සියළුම Google+ accountsසහ pages සම්පූර්ණයෙන්ම නවත්වා දැමෙන අතර Google Photosවලට backup කරනු ලබන photos හැර අනෙක් සියලුම දත්ත දත්ත මකා දැමීමට Google සමාගම කටයුතු කරනු ලබනවා. මේ delete කිරීම සඳහා මාස කිහිපයක් ගතවිය හැකි බැවින් ඒ අතරතුර කාලයේ අදාල දත්ත වලට ඇතැම් පරිශීලකයන් හට පිවිසීමේ හැකියාව තිබියහැකි බවත් Google සමාගම වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.
කොහොම වුණත් G Suitහරහා Google+ සේවාව භාවිතා කළ Google සමාගමේ enterprise customerපිරිසට නම් මේ සේවාව අහිමි වන්නේ නැහැ. තවත් වැඩිදියුණු කිරීම් කිහිපයක් සමඟින් ඔවුන් හට මේ සේවාව තවදුරටත් ලබා දීමට Google සමාගම කටයුතු කරනු ලබනවා. මේ සමඟින් වසර 8කට අධික කාළයක් පුරා පැවති Google+ සේවාව අවසාන වන අතර ඔයාගේ දත්ත මේ Google+ වල තිබෙනවා නම් ඒවා backup කරගන්නට මේ වන විට කාලය එළඹ තිබෙනවා.
එසේනම් යාළුවනේ අපගේ Aluth.comගූගල් ප්ලස් පිටුව සමග අවුරුදු 8ක කාලයක් හිදිමින්, අපගේ පෝස්ට්, ලිපි, වීඩියෝ ශෙයා කරපු සියලු දෙනාට බොහොම ස්තූතියි. G+යාළුවන් ෆේස්බුක් සිටිනවානම් අපගේ ෆේස්බුක් පිටුව සමග එකතුවී අපගේ අලුත්ම අප්ඩේට් ලබාගන්න.