
අපි කලින් ලිපි වලින් ඕනෑ තරම් DVD Ripperමෘදුකාංග ලබාදී තිබෙනවා. මෙම ලිපියෙන් අපි බලාපොරොත්තු වන්නේ
මේ යෙදවුම් බාවිතා කරන ආකාරයයි. DVD Ripperමෘදුකාංග 2ක් ගැන අපි මූලක වශයෙන් කතා කරනවා. මේ මෘදුකාංග දෙක තමයි දැනට අන්තර්ජලයෙන් ලබාගන්න පුළුවන් හොදම DVD Ripper මෘදුකාංග දෙක. මේ මෘදුකාංග නිපදවා තිබෙන්නේ Digiarty Softwareආයතනයයි.
1. WinX DVD Ripper Pro
→ මුලින්ම මෙතනින් පිවිස මෙම මෘදුකාංගය බාගන්න.→ දෙවනුව පරිගණකයට කොපි කරගන්න අවශ්‍ය DVD එක Rom එක තුලට දමා ඉහත ආකාරයට මෘදුකාංගය open කරගන්න.
→ තෙවනුව DVD එක තුල තිබෙන වීඩියෝ මේ මගින් ඉහත ආකාරයට පෙන්වයි. අවශ්‍ය වීඩියෝ එකින් එක Select කර පරිගණකයට copy කරගන්න Run බටන් එක මත click කරන්න.
මෙම මෘදුකාංගය අනෙකුත් DVD Ripper වලට වඩා හොදයි කියන්නේ ඇයි ?
Level-3 Hardware Accelerationසහිත එකම DVD Ripper මෘදුකාංගය වන්නේ මෙම WinX DVD Ripper යෙදවුමයි. අඩු Hardware usage එකක් යටතේ ක්‍රියා කරන නිසා Ripper සහ වීඩියෝ convertවෙන අවස්ථාවේ පරිගණකය මන්දගාමී වන්නේත් නෑ. මෙම මෘදුකාංගය බාවිතා කරන ආකාරය තවමත් අපැහැදිලිනම් පහත විඩියෝව බලන්න.
2. Handbrake
මෙයත් Digiarty Software ආයතනයේ නිර්මාණයක්. DVD එකක් MP4හෝ MKVෆෝමැට් එකකට පරිගණකයේ save කරගන්න ඉතාමත් පහසු මෘදුකාංගයකි. වින්ඩෝස් සහ මැක් මෙහෙයුම් පද්ධති සදහා සහාය දක්වයි. මෙම මෘදුකාංගයේ සුවිශේෂත්වය වන්නේ output වීඩියෝ එක Audio සහ Video Customizeකරමින් කැමති අයුරින් save කරගන්න පුළුවන් වීම. බලන්න පහත තිර ඡායාරූප.