ඇපල් සමාගම හදුන්වාදුන් අලුත්ම අයිෆෝන් 3ගැන දැනගමු.
පසුගිය සතිය තුලදී ඇපල් සමාගම ඔවුන්ගේ නවතම අයිෆෝන් නිපැයුම් 3ක් එළිදැක්වූවා. ඒවා නම් කරන ලද්දේ iPhone XS,
සෑම වසරකම ඇපල් සමාගම ස්මාර්ට්ෆෝන් Design හදුන්වා දෙනවා. මෙය 2018 වසරේ හදුන්වාදුන් Design 3 යි. බැලූ බැල්මට මීට පෙර නිකුත්වූ අයිෆෝන් Xවලට පෙනුමෙන් සමාන වුවත් performance අතින් වැඩි වර්ධනයක් පෙන්නුම් කරනවා. මෙය හදුන්වාදුන් විශේෂ event එකපැවැත්වුයේ කැලිෆෝනියාවේ ඇපල් මූලස්ථානයේ, Apple Campus ශාලාවේදී. ඇතුලත performance වගේම බාහිර පෙනුම පිළිබඳව වැඩි අවධානයක් මෙවර හදුන්වාදුන් අයිෆෝන් 3ට තිබෙනවා. අලංකාර නිමාවක් වගේම තෝර ගැනීමට වර්ණ කිහිපයක්ම තිබෙනවා. මෙය අනෙකුත් ස්මාර්ෆෝන් නිපදවන සමාගම් වලට ලොකු තරගයක් ලබාදෙනු නිසැකයි. අපි බලමු මෙහි බාහිර පෙනුම කොහොමද කියලා ඡායාරූප මගින්,
අයිෆෝන් Xr මාදිලිය වර්ණ කිහිපයකින්ම පැමිණෙනවා. අයිෆෝන් Xs Maxසඳහා ඇත්තේ අඟල් 6.5ක ඩිස්ප්ලේ එකක්, දැනට වෙළඳපොල තුල පවතින Display එක විශාලත්වයෙන් වැඩි ස්මාර්ට් ෆෝන් පන්තියට ඇපල් ෆෝන් එකකුත් එකතු වෙනවා. ![]()
මෙයට අමතරව මෙම Device 3හි පිටුපස සහ ඉදිරිපස කැමරා තවත් වැඩි දියුණුකර තිබෙනවා. රාත්‍රී කාලයේ අදුරු පරිසරයක ලබාගන්න ඡායාරූපය පැහැදිලි ලෙස ලබාගන්න, ඉදිරිපස ඇති කැමරාව මගින් selfie ඡායාරූප ගැනීමට වඩාත්යෝග්‍ය අයුරින් නිපදවා තිබීම සහ පිටුපස කැමරා දෙක මගින් wide-angle ඡායාරූප ලබාගැනීමට හැකි අයුරින් නිපදවා තිබෙනවා. iPhone XRඑකට telephoto/zoom lensඑකක් අන්තර්ගත නොවුනත් අනෙකුත් මාදිලි දෙකටම ඇතුලත් කරනු ලැබූ megapixel 12කින් යුතු camera moduleඑක ඒ ආකාරයෙන්ම අන්තර්ගත කිරීමට Apple සමාගම කටයුතු කර තිබෙනවා.
iPhone XSසහ XS Maxෆෝන් දෙකෙහි ඉදිරිපස ඇති කැමරා දෙකක් ඇතුලත් බැවින් Selfie, Face ID, Animoji සහ Memoji සඳහා මේ megapixel 7ක camera module එකක් බාවිතා වෙනවා.
තවද ඇපල් සමාගම මගින් මෙම ස්මාර්ට් ෆෝන් 3හි මාර්ගෝපදේශ වීඩියෝවක් නිකුත්කර තිබෙනවා. එය බලන්න පහතින්.
මෙම ස්මාර්ට්ෆෝන් 3මිල ගණන් සහ ඇතුලත් performanceවෙන් වෙන්ව දැනගන්න අවශ්‍යනම් පහත වගුව බලන්න.
![]()
iPhone XSසහ iPhone XS Maxමාදිලි දෙකෙහි display එක සහ ප්‍රමාණය හැරුණු විට specඑකෙහි කිසිඳු වෙනසක් දකින්නට නොලැබෙන බව කිවයුතුයි. දැනට නිකුත් වී ඇති ඇපල් ෆෝන් සඳහා බාවිතාකල හැක්කේ එක් සිම් පතක් වුවත් මෙම Device 3න සඳහා eSIM තාක්ෂණය හදුන්වාදී ඇත. අපට කැමති සන්නිවේදන සේවා සපයන ආයතනයකට පිවිස eSIM එකට සේවා සහය ලබාගන්න පුළුවන්. එයට අමතරව සුපුරුදු Nano SIMඑකක් මෙයට දාන්න පුළුවන්. ( අපට හුරුපුරුදු ඩුවල් සිම් නොවේ.)
අයිෆොන් X එකට වඩා 15%ක වේගයක් ලබාදෙන A12 Bionic processorඑක Device 3සඳහා ඇතුලත් කරලා තිබෙනවා. මෙහි අන්තර්ගත වන GPU එක හරහා පැරණි මාදිලියට වඩා 50%ක වේගයක් ලබා ගත හැකි වෙනවා. මීට අමතරව cores 8කින් බලය ලබන, තත්පරයක් ඇතුලතදී AI taskට්‍රිලියන 5ක් හැසිරවිය හැකි Neural Engineඑකකින්ද මෙහි සමන්විතයි.
මීට අමතරව wireless Charging ෆෝන් 3ම සහාය දක්වනවා.විශේෂ කාර්ණයක් ලෙස StereoSound Recordකිරීමට සෑම ස්මාර්ට් ෆෝන් එකකටම Microphone 4බැගින් ඇතුලත්කර තිබෙනවා. සුපුරුදු පරිදි 3.5mm Headphone jackඑකක් දක්නට ලැබෙන්නේ නෑ.
ප්‍රමාණයෙන් විශාල මාදිලිය වන iPhone XS Maxඑක සාමාන්‍යය මාදිලියට වඩා ඇමෙරිකානු ඩොලර් 100 කින් වැඩි වෙන අතර iPhone XS (64GB)මාදිලිය 999 USD ලෙසත් iPhone XS Max (64GB) - 1,099 USD ලෙසත් මිලගණන් ඇපල් වෙබ් අඩවිය තුල දක්වා තිබෙනවා. ඔබට ඇපල් නිල වෙබ් අඩවියෙන් Pre-Orderකිරීමටද හැකියාව පවතිනවා.
පසුගිය සතිය තුලදී ඇපල් සමාගම ඔවුන්ගේ නවතම අයිෆෝන් නිපැයුම් 3ක් එළිදැක්වූවා. ඒවා නම් කරන ලද්දේ iPhone XS,
iPhone XS Max සහ iPhone XR ලෙසයි. එකිනෙකට වෙනස් බාහිර පෙනුමක් සහිත performance අතින් එකිනෙකට වෙනස් ස්මාර්ට් ෆෝන් 3කි. ඇපල් සමාගම හදුන්වාදුන් නිල වීඩියෝව බලන්න පහතින්.

