Quantcast
Channel: Aluth | Software Review, Download, Tech News
Viewing all articles
Browse latest Browse all 1805

Enhanso - All in One Tools system utility software

$
0
0
අන්තර්ජාතික වශයෙන් මෘදුකාංග නිපදවන WonderFox ආයතනය විසින් මුදලට ලබාදෙන මෘදුකාංග 7ක් නොමිලේ ලබාදීමේ Giveaway වැඩසටහනක් පවත්වනු ලබනවා. මේ මස (සැප්තැම්බර්) 17 වෙනි දින දක්වා 'දින 7ක්'මෙම Giveaway අවස්ථා ක්‍රියාත්මකයි. මෙම මෘදුකාංග සියල්ලේ වටිනාකම $350 ක් එනම් රු.55,000 ක් පමණ වෙනවා. අපි බලමු නොමිලේ ලබාදෙන මෘදුකාංග මොනවද කියලා.පරිගණකය Speed කරන්න මෘදුකාංගයක්.

පරිගණකය කාලයක් භාවිතා කිරීමේදී එහි වේගය අඩුවීම සාමාන්‍ය දෙයකි. අනවශ්‍ය ෆයිල් පිරීයාම, අනවශ්‍ය වැඩසටහන් ධාවනය වීම

වැනි හේතු නිසා මෙසේ පරිගණයක් මන්දගාමී වීම සිදුවේ. ඒ සදහා භාවිතා කරන්න පුළුවන් හොදම මෘදුකාංගයක් ලෙස Enhanso නම් මෘදුකාංගය හදුන්වා දෙන්න පුළුවන්. මෙම මෘදුකාංගය මගින් පරිගණකය වේගවත් කරනවාට අමතරව පරිගණකයේ ඇති සියලුම දෘඩාංග වල සියලු තොරතුරු ඉතාමත් සවිස්තරාත්මකව ඉදිරිපත් කර තිබේ. මෙමගින් ඔබට පහසුවෙන් පරිගණක පද්ධතියේ තොරතුරු ලබාගන්න පුළුවන්. Processor,Mainboard  Memory, SDP, Display Adapter, HDDආදියෙහි සියලුම තොරතුරු ඉතා පැහැදිලිව දැකගන්න පුළුවන්.

මෙම මෘදුකාංගයේ ඇති පරිගණකය Maintain කිරීමේ tools මගින් පරිගණකයේ ඇති අනවශ්‍ය දෑ පහසුවෙන් ඉවත් කර එය වේගවත් කරගන්න පුළුවන්. මෙහි ඇති Registry cleanerබටන් එක හරහා වින්ඩොස් රෙජිස්ට්‍රියේ සැකසී ඇති අනවශ්‍ය දේවල් ඉවත් කරගන්න පුළුවන්. අවශ්‍යනම් රෙජිස්ට්‍රිය බැකප් කරගැනීමටද හැකියාව තිබේ. Disk cleanerමගින් පරිගණකයේ දෘඩ තැටියේ සැකසුනු තවදුරටත් අවශ්‍ය නැති temporary ෆයිල්ස් ආදී අනවශ්‍ය දේ සොයා ඉවත් කරගැනීමට හැක. Startup Itemsබටන් එක හරහා මෙහෙයුම් පද්ධතිය Boot වීමේදී ඉබේ ක්‍රියාත්මක වෙන වැඩසටහන් අවශ්‍ය ආකාරයට Enable හෝ Disable කරගන්න පුළුවන්. තවද දෘඩ තැටියේ විසිරී ඇති ෆයිල්ස් ආදිය පිළිවෙලට සකස් කරගැනීම සදහා Defrag කරගැනීමටද හැකියාව තිබේ. මීට අමතරව මෙහි ඇති Uninstaller අයිකන් එක මගින් දැනටමත් පරිගණකයේ ඉන්ස්ටෝල් කර ඇති වැඩසටහන් ආදිය පහසුවෙන් ඉවත් කරගන්න පුළුවන්. පහතින් බලන්න තිරඡායාරූප.



මෘදුකාංගය ඩවුන්ලෝඩ් කරගැනීම සදහා මෙතනින් පිවිසෙන්න.


Technical Details

  • Software Name : Enhanso
  • File size : 15.2 MB
  • Requirements : Windows All
  • License : Free
  • Publisher website : seriousbit.com

Viewing all articles
Browse latest Browse all 1805

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>