Quantcast
Channel: Aluth | Software Review, Download, Tech News
Viewing all articles
Browse latest Browse all 1805

Audio MP3 Cutter, Mix Converter and Ringtone Maker App

$
0
0
ඔබට අවශ්‍ය ආකාරයට Mp3 ෆයිල් එකක ඇති කොටස් Cut කරලා Ring Tone එකක් ලෙස හෝ Alarm එකක් ලෙස හදාගන්න පුළුවන් ඇප් එකක් ලෙස Appzcloud Audio mp3 cutter ඇප් එක හදුන්වාදෙන්න පුළුවන්. Mp3 ෆයිල් කපාගනිමින්අවශ්‍ය අකාරයට සකස් කරගැනීම සදහා Trim Audio නම් බටන් එක ක්ලික් කරගත යුතුය. එවිට විවෘත වන තිරයේ ඔබට කපාගැනීමට අවශ්‍ය ගීතය තෝරා ගතයුතුය. එවිට ඔබට පහත පරිදි Wave එකක් සේ ගීතය පෙන්වයි.ෆෝන් එකෙන්ම Audio Edit කරන්න, Ring හදන්න නියම ඇප් එකක්.

ඔබට අවශ්‍ය ආකාරයට Mp3 ෆයිල් එකක ඇති කොටස් Cut කරලා Ring Toneඑකක් ලෙස හෝ Alarm එකක් ලෙස

හදාගන්න පුළුවන් ඇප් එකක් ලෙස Appzcloud Audio mp3 cutterඇප් එක හදුන්වාදෙන්න පුළුවන්. Mp3 ෆයිල් කපාගනිමින්අවශ්‍ය අකාරයට සකස් කරගැනීම සදහා Trim Audioනම් බටන් එක ක්ලික් කරගත යුතුය. එවිට විවෘත වන තිරයේ ඔබට කපාගැනීමට අවශ්‍ය ගීතය තෝරා ගතයුතුය. එවිට ඔබට පහත පරිදි Wave එකක් සේ ගීතය පෙන්වයි.


ඉහත දැක්වෙන පරිදි wave එකේ ඉහලින් හා පහළින් Slider දෙකක් දැකගන්න පුළුවන්. වම් පස ඇති Slider එක ගීතයේ කපා ගත යුතු කොටසේ ආරම්භක ස්ථානය වෙත ගෙන යා යුතුය. දකුණු පස ඇති Slider එක ගෙන යා යුතුතේ කපාගත යුතු කොටසේ අවසානය ඇති තැනටයි. මෙසේ අවශ්‍ය කොටස් කපාගැනීමෙන් පසු පහළ ඇති Play බටන් එක ක්ලික් කර ක්‍රියාත්මක කළ බැලිය හැකිය. ඉන්පසු තීරයේ ඉහළින් ඇති Trim බටන් එක ක්ලික් කර ගැනීමෙන් පසු විවෘත වන බොක්ස් එකේ Use Usයන්න තුළින් ෆයිල් එක සේව් විය යුතු ආකාරය තෝරා ගත යුතුය.

ඔබට එය Ringtone එකක් සේ සේව් කර ගත යුතුනම් Default Ringtone යන්න තෝරා ගත යුතුය. නැතිනම් music යන්න තෝරා සාමාන්‍ය Mp3 ෆයිල් එකක් සේ සේව් කරගන්න පුළුවන්. මීට අමතරව මෙම ඇප් එකෙන් තවත් පහසුකම් ලබා ගන්න පුළුවන්. සංගීත භාණ්ඩ කීපයක් එකිනෙක යා කර ගැනීම සදහා Marge Audio බටන් එක තෝරා දිය යුතුය.එවිට විවෘත වන තීරයේ Add Audio බටන් එක ක්ලික් කර එකිනෙක සම්බන්ධ කළ යුතු ගීත තෝරා දිය යුතුය. අවසානයේ Marge බටන් එක ක්ලික් කිරීම මගින් සංගීත භාණ්ඩ කීපයක් එකිනෙක සම්බන්ධ කළ හැකිය.


තවද ඔබට Audio ෆයිල් එකක වෙනත් ෆෝමැට් එකකට හැරවීමට නම් ඇප් එකේ ප්‍රධාන තීරයේ ඇති Audio Converter බටන් එක තෝරා දිය යුතුය. එවිට විවෘත වන තිරයේ Choose Format මෙනු එකේ ඇති mp3, waw, acc වැනි ෆයිල් ෆෝමැට් තෝරා ගැනීමෙන් පසු Ok කළ යුතුය.


අවශ්‍යනම් මෙය Music Player එකක් ලෙසද ඔබට භාවිතා කරන්න පුළුවන්. ඇන්ඩ්‍රොයිඩ් උපාංග සඳහා මෙම ඇප් එක ඉන්ස්ටෝල් කරගන්න මෙතනින් පිවිසෙන්න.



Viewing all articles
Browse latest Browse all 1805

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>