
ශ්‍රී ලංකා ෆේස්බුක් පරිවර්තන සමූහය කිව්වහම කාටත් මතක් වෙනවා ඇත්තේ පහුගිය දවස් වල සමාජ මාධ්‍ය වාරණයත් සමගම
පුවත්පත් ගවන්විදුලි වැඩසටහන් මගින් කරලියට ආපු සංවිධානයක් ගැන.ඉතිං මේ සංවිධානය මීට ප්‍රථම Facebook ,Google Translateවගේ සමාජ මාධ්‍ය ජාල වෙබ් අඩවි සහ යෙදුම් වලට සිංහල භාෂාව එක් කිරීමට කටයුතු කරපු සංවිධානයක්.
විවිධ වූ සමාජ ජාල වෙබ් අඩවි/යෙදුම් වලට සිංහල භාෂාව එක් කරත් ලංකාවටම ආවේනික වූ සමාජ මාධ්‍ය අඩවියක් නොමැති කමේ ලොකු අඩුපාඩුවක් පහුගිය දවස් වල සමාජ ජාල අඩවි වාරණයත් එක්ක මුළු ශ්‍රී ලංකා වාසීන්ට තදින්ම දැනුනු නිසා ශ්‍රී ලංකා පරිවර්තන සමූහය විසින් ලංකාවටම ආවේනික වූ සමාජ ජාල යෙදුමක් මේ වනවිට නිර්මාණය කර එය වැඩි දියුණු කරගෙන යමින් පවතිනවා.
මෙම සමාජ ජාල යෙදුම දැනට Android මෙහෙයුම් පද්ධතියට පමණක් සීමා වන අතර නොදුරු අනාගතයේදී iOS මෙහෙයුම් පද්ධතියටත් හදුන්වාදීමට බලාපොරොත්තු වන අතර මෙම යෙදුම ලබාගැනීමට Google Play Storeහි SLTC නමින් සෙවීම මගින් ලබාගත හැකිය. බලන්න තිර ඡායාරූප කිහිපයක්.
මෙම ඇප් එක ඔයාගේ ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරගැනීමට මෙතනින් පිවිසෙන්න.