
ඉතා හොද මට්ටමේ අයිකන් නිර්මාණය කළ හැකි නොමිලේ ලබා දෙන මෘදුකාංගයක් ලෙස Axialis IconGeneratorමෘදුකාංගය හදුන්වා දෙන්න පුළුවන්.
මෙම මෘදුකාංගය මගින් ඉතාමත් පහසුවෙන් ඔබ කැමති අයිකන තෝරාගෙන ඒවා අවශ්‍ය පරිදි සකස් කර ගත හැකිය.බොහෝ විට ඔබ Graphic Design කරන කෙනෙක්නම් මෙම මෘදුකාංගය ඔබට බොහෝ උපකාරී වනු ඇත.පොදුවේ ඕනෑම කෙනෙක්ට පහසුවෙන් අවශ්‍ය ආකාරයට අයිකන් සකස් කරගන්න පුළුවන් හොදම මෘදුකාංගයක් ලෙස කිව හැකිය.ඒ වගේම මෙම මෘදුකාංගය තුළ ඇති සියලුම අයිකන් Vector formatඑකෙන් ලබාදී ඇත.
මෙම මෘදුකාංගය මගින් අයිකනයක් create කිරීමෙන් පසු PNG, BMP, JPG, ICO and ICNS ආදී bitmap filesආකාරයෙන් ද , SVG and XAML ආදී vector filesආකාරයෙන් ද සේව් කරගන්න පුළුවන්. බලන්න මෘදුකාංගයේ තිර ඡායාරූපයක්.
මෙමගින් ඔබගේ වටිනා කාලයත් ඉතිරි කරගනිමින් Professional මට්ටමේ අයිකන් නිර්මාණය කරගන්න පුළුවන්. මෘදුකාංගය ඩවුන්ලෝඩ් කරගැනීම සදහා මෙතනින් පිවිසෙන්න.
Technical Details
- Software Name : Axialis IconGenerator
- File size : 14.9 MB
- Requirements : Windows All
- License : Free
- Publisher website : axialis.com