
ශ්‍රී ලාංකීය සිනමාවේ ප්‍රථම වරට එළිදැක්වීමට නියමිත 3D චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය මේ වනවිට අන්තර්ජාලයට මුදාහැර තිබෙනවා.
හැත්තෑව දශකයේ මෙරට පුවත්පත් කලාව හරහා අතීශය ජනප්‍රියත්වයට පත් කැමිලස් පෙරේරාගේ "ගජමෑන්"ඇතුළු කාටූන් චරිත කිහිපයක් මූලික කර ගනිමින් නිර්මාණය කෙරුණු මෙම චිත්‍රපටය නොබෝ දිනකින් රට පුරා 3D සිනමාශාලා තුළ ප්‍රදර්ශනය කිරීමට සැලසුම් කර ඇත.
3D තාක්ෂණය භාවිතයෙන් නිර්මාණය කරනු ලබන මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනුයේ චානක පෙරේරායි. ඔහු තොරතුරු තාක්ෂණය හා වෙළෙඳ දැන්වීම් නිෂ්පාදනයේ නියුතු අයෙකු වනවා. ඔහු කියන විදියට මේ 3D චිත්‍රපටය ඇවෙටර්, ටින් ටින් වැනි ලෝක ප්‍රකට දැවැන්ත සිනමා කෘති නිර්මාණය කෙරුණු මෝෂන් කැප්චර් (Motion capture)තාක්ෂණය භාවිතයෙන් තමයි නිර්මාණය වන්නේ. මෝෂන් කැප්චර් තාක්ෂණයේ දී සැබෑ නළු නිළියන් අවශ්‍ය අංග චලන සිදු කළ පසු Motion builder, Cinema 4Dවැනි මෘදුකාංග භාවිතයෙන් සජීවීකරණය කළ චරිත වල චලනයන් අනුරූපණය කෙරෙනවා.
රුපියල් මිලියන 75කපමණ වියදමින් මේ චිත්‍රපටය 2010 වසරේ සිට වසර 7ක් පුරාවටම නිර්මාණය කර තිබෙන්නේ චානක පෙරේරා ප්‍රමුඛ Studio 101 motion pictures කණ්ඩායම විසින්. මෙයට ලංකාවේ ප්‍රකට රංගන ශිල්පීන් රැසක්ම හඬ කැවීමෙන් දායකවනු බවයි මෙහි නිෂ්පාදක කණ්ඩායම කියා සිටියේ.
මෙහි ප්‍රචාරක පටය පහතින් නරඹන්න.
ඡායාරූප කිහිපයක් පහතින්.













