Quantcast
Channel: Aluth | Software Review, Download, Tech News
Viewing all articles
Browse latest Browse all 1805

MacX Video Converter Pro Review

$
0
0
මෙවර ශ්‍රී ලංකාවේ පැවති Google I/O Extended 2018 වැඩසටහනේදී වසරේ ජනප්‍රියම තාක්ෂණික බ්ලොග් අඩවි අතුරින් දෙවන ස්ථානයට අපව තෝරා පත්වූ බව ඔබට සතුටින් දන්වා සිටිනවා.වීඩියෝ එඩිටින් කරන අයට වටිනා මෘදුකාංගයක්.

4K වීඩියෝ කන්වර්ට් කරන්න හොදම මෘදුකාංගයක් තමයි MacX Video Converterකියන්නේ. කන්වර්ට් කරනවාට අමතරව 

Video Editing Part එකත් මෙහි ඇතුලත් වෙනවා. යූටියුබ් වීඩියෝ ඩවුන්ලෝඩ් කිරීමේ පහසුකමත් ඇතුලත් කරලා තියෙනවා. Level-3 hardware accelerationතාක්ෂණය බාවිතා කරන පළමු 4K Video converter එක තමයි මේක. ඒනිසා 4K වීඩියෝ කන්වර්ට් කරන්න සහ එඩිටින් වැඩ වලට Mac පරිගණකය උපරිම සහයෝගයක් මේ මෘදුකාංගය වෙත ලබාදෙනවා. ඔයාලා දන්නවානේ 4K වීඩියෝ තමයි දැනට තිබෙන හොදම Quality වීඩියෝ format එක. Resolution එක, Size එක, පැහැදිලි තාවය ගොඩක්ම වැඩි නිසා පරිගණකයේ උපරිම කාර්‍යක්ෂමතාවය ඒ සදහා ලබාගන්නවා.

ගොඩක් Professional Video Editing කරන අය මේ වැඩේට බාවිතා කරන්නේ Mac OSසහිත පරිගණක නිසා, මේ මෘදුකාංගයද සහාය දක්වන්නේ Mac OSඑකට පමණයි. (Mac OS X Leopard/Snow Leopard/Lion/Mountain Lion/Mavericks/Yosemite/El Capitan/macOS Sierra/macOS High Sierra)


බලන්න තිර ඡායාරූප කිහිපයක්.


ඇපල් අයිෆෝන්, ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට් ෆෝන්, Go-Pro කැමරා, DSLR කැමරා, Drone කැමරා වලින් ලබාගන්න වීඩියෝ සාමාන්‍ය ස්මාර්ට්ෆෝන්, ටැබ් වල බලන්න අඩු Resolution යටතේ Convertකරන්න මේ මෘදුකාංගයෙන් පුළුවන්. එතකොට වීඩියෝ වලට යන ඉඩ ප්‍රමාණයත් අඩු වෙනවා. ෆේස්බුක් වැනි සමාජජාල වෙබ් අඩවි වලට වීඩියෝ අප්ලෝඩ් කරන අයටත් මේ 4Kවීඩියෝ කන්වර්ට් කරලා අප්ලෝඩ් කරන එක වාසියි. 4K Videoෆේස්බුක් තුල සහාය දක්වන්නේ නොමැති නිසා MP4 HDවිදියට කන්වර්ට් කරගත්තනම් ඉක්මනින් විඩියෝ අප්ලෝඩ් වෙනවා. වීඩියෝ Quality එකත් හොදටම ප්‍රමාණවත්.

Level-3 hardware acceleration තාක්ෂණය බාවිතයේදී මෙම මෘදුකාංගයේ වැදගත්කම පහත වගුවෙන් ඔබට තේරුම් ගන්න පුළුවන්.


මෙතනින් පිවිස මෙම මෘදුකාංගය බාගන්න. මෙම මෘදුකාංගයෙන් වීඩියෝ Editing කටයුතු කරන ආකාරය ඉගෙන ගන්න අවශ්‍ය අය මෙතනින් පිවිස බලන්න.

ඒවගේම MacX Video Converter Proඩිවලොපර්වරු විසින් මේ දිනවල වීඩියෝ එඩිටින් කටයුතු කරන අයට විශේෂ තරගයක් පවත්වනවා. GoPro කැමරාවක්, Tripod එකක්, Power Bankඑකක් සහ MacX Video Converter Proමෘදුකාංගය නොමිලේ ලබාගන්න  අවස්ථාව ඉන් සැලසෙනවා. එම තරගය ඇතුලත් පිටුවට මෙතනින්පිවිසෙන්න.



Viewing all articles
Browse latest Browse all 1805

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>