Quantcast
Channel: Aluth | Software Review, Download, Tech News
Viewing all articles
Browse latest Browse all 1805

Apple iPhone Battery Sinhala Guide

$
0
0
http://www.aluth.com/2017/03/apple-iphone-battery-sinhala-guide.html
ඇපල් අයිෆෝන් බැටරිය ගැන දැනගමු. 

බොහෝ ස්මාර්ට් ජංගම උපාංගවල වගේම අයිෆෝන් වලද පවතින්නේ ලිතියම් අයන් බැටරි. මොනවද මේ lithium-ionබැටරි කියන්නෙ. සමහර අයනම් මේ නම

 අහල ඇති lithium-ionබැටරි කියල කියන්නෙ වැඩි කාලයක ආයු කාලයක් රදා පවතින ඉක්මනින් charge වෙන කාර්යක්ෂම බැටරියකි. මෙම බැටරියෙහි ගබඩා කරන ධාරිතාවය භාවිතා නොකොට වැඩි කාලයක් වුවත් ගබඩා කර තැබිය හැකියි.අද ඇති බොහෝ ජංගම දුරකතන වලට වගේම ඇපල් සමාගම විසින් නිශ්පාදනය කරන සෑම iPhone, iPad, iPod, iWatch සදහා භාවිතා කරන්නේ lithium-ionබැටරියයි.

ඔබ දන්නවාද සෑම බැටරියකටම ආයු කාලයක් බවතින බව. ඒක බැටරියෙන් බැටරියට වෙනස් වෙනව. සාමාන්‍යයෙන් Apple iPhoneඑකක් සදහා එන battery එක 500 වාරයක් charge කල විට එහි ජීවී බව ක්ෂය වෙනවා. එහෙම වුනා කිය ලොකු බලපෑමක් ඇති වන්නේ නෑ. 500 වෙනි charge circleඑකෙන් පසු ඒ කියන්නෙ 500 වැනි ආරෝපණ අවස්ථාවෙන් පසු කොපමණ charge කලත් 100%පෙන්නුවත් ඇත්ත වශයෙන්ම ඔබේ බැටරිය chargeවෙන්නෙ 80% ප්‍රමාණයක් පමණයි.


දැන් බලමු iPhone එකක lithium-ionබැටරි එකක එක charging circleඑකක් එහෙමත් නැත්තම් එක් ආරෝපණ වාරයක් ලෙස සලක්න්නෙ කොහොමද කියල. ( ඉහත රූප සටහන බලන්න ) එක් charging circleඑකක් සදහා 100%එක් අවස්ථාවක් සම්පූර්ණ විය යුතුයි. ඒ කියන්නේ අද ඔයා ඔයාගෙ iPhoneඑක 75% chargeකරල 50% useකලා කියන්නකො එතකොට ඉතිරි 25%යිනේ. හෙට දවසෙ ඔයා iPhone එක charge කරන පලවෙනි 25% පිරුනට පස්සෙ එක charging circleඑකක් පිරෙනව හේතුව තමයි ඔයා කලින් දවසෙ chargeකල 75% +අද දවසෙ charger වෙන පලවෙනි 25% = one charging circle.මෙන්න මේ වගේ අවස්තා 500ක් තමයි මම ඉහත සදහන් කලේ. මම හිතනව දැන් ඔයාලට charging circleඑකක් කියන්නෙ මොකක්ද කියල පැහැදිලි ඇති නේද.

iPhone
එකක් charge කිරිමේදි සෑම විටම ඉතාමත් සෙමින් charge වෙන්නට ඉඩ හැරිය යුතුයි. ඒ කියන්නෙ Original chargerඑකෙන්. එවිට වැඩි කාලයක් භාවිතා කිරීමට හැකි වෙනව. නමුත් ඉක්මනින් charge කරගැනීමේ අදහසින් යුතුව වැඩි Ampere ගනනකින් යුතු chargerඑකක් භාවිතා කිරීමෙන් සිදු වන්නේ ගබඩා වන ධාරතාවය ඉක්මනින් බැස යාමයි. එලෙස වැඩි Ampere ගනනකින් යුත් charger භාවිතා කිරිම ඔබේ බැටරියේ ආයු කාලයට මෙන්ම iPhone එකට හානිදායක බව තරයේ මතක තබාගන්න.



apple
සමාගම විසින් පවසන ආකාරයට iPhone එකක් charge කල යුත්තේ 80%දක්වා පමණයි. ඉතිරි 20% charge කල ද එයින් අපිට වැඩි ප්‍රතිපලයක් ලැබෙන්නේ නෑ. (
ඉහත රූපසටහන බලන්න) එමෙන්ම අපි iPhone එකේ battery 20%ක ප්‍රමාණයට වඩා අඩු වීමට කලින් නැවත Recharge කරන්නේ නම් එයින් අපිට අපේ battery එකෙන් වැඩි කාලයක් මෙන්නම වැඩි වැඩක් කර ගැනීමටද හැකියාව ලැබෙනව.

ඇත්තටම මොකක්ද මේ battery life කියන එකෙන් අදහස් වෙන්නෙ. ඇත්තටම battery lifeකියල කියන්නෙ එක් වරක් charge කල විට කොපමණ කාල සීමාවක් එම battery ය භාවිතා කල හැකිද යන්නයි.
එතකොට මොකක්ද battery lifespanකියන්නෙ. battery lifespanකියල කියන්නෙ කොපමණ කාල සීමාවක් battery එක භාවිතා කරන්න පුලුවන්ද කියල. ඒ කියන්නෙ battery එක නිශ්පාදිත දිනයේ සිට කල් ඉකුත්විම දක්වා කාලය.ගොඩක් අයට තියන ගැටළුවක් තමයි battery එක ඉක්මනට බහිනව කියක එක. සමර විට ඒක battery එකේ දෝශයක්ම නොවන්නත් පුලුවන්.


iPhone
එකේ එන lithium-ion battery එක හදල තියෙන්නෙ 16'Cත් 22'C (සෙල්සියස් අංශක) කියන පරිසර උෂ්ණත්ව තත්වය යටතේ භාවිතා කිරීමටයි. පරිසර උෂ්ණත්වය 35'Cට වඩා වැඩි උනොත් battery lifeඑකටයි battery lifespanකියන එකටයි තදින්ම බලපානවා. (
ඉහත රූපසටහන බලන්න). ඒ කියන්නේ කොච්චර charge කලත් ඉක්මනට බහිනවා. අදික උෂ්ණත්ව තත්වයකදී කොපමණ battery එක charge කලත් එය රදා පවතින්නේ නෑ. එලෙස අදික උෂ්ණත්ව තත්වයක් යටතේ charge කිරීමකදී battery ට ඇති වන බලපෑම් නැවත් යතා තත්වයට පත්නොවේ.

එමෙන්ම අදික සීතල සහිත තත්වයකී වුවද battery charge විමට වැඩි කාලයක් ගතවනවා මෙන්ම battery ය බහින ප්‍රවනතාවයද වැඩිය. සිත කාලගුණ අවස්ථාවකදී battery ට ඇති වන බලපෑම් එම කාලගුණ තත්වය ඉවත් වු පසු නැවත යතා තත්වයට පත්වේ.එමෙන්ම අපි phone එක charge කරන අවස්ථාවේදී phone එකේ ආරක්ෂාවට හා අලංකාරයට එක් කර ඇති back cover, pouch, bumpersවැනි දෑ නිසා phone එක රත්වීම වැඩි වන නිසා එවා ඉවත්කර charge කිරීම ආරක්ෂාකාරී වේ.

ඔබගේ දුරකථනය මාස කිහිපයකට භාවිතා කිරීමට සිදු වන්නේ නෑ කියල හිතන්න. එතකොට කොහොමද අපි Phone එක සහ battery යට හානියක් නොවන ආකාරයෙන් තියාගන්නෙ. අපි එහෙම කරනවනම්
Phone එකේ battery ධාරිතාවය 50%ප්‍රමාණයට තබා off කර තැබිය යුතුයි. ඉන් පසු මාස 6ට වරක් පමණක් නැවත charger කිරීම (50%දක්වා) ප්‍රමාණවත් වෙයි. එමෙන්ම එසේ මාස කිහිපයක් දුරකතනය භාවිතා නොකරන්නේනම් දුරකනය තබන ස්ථානයේ පරිසර උෂ්ණත්වය ගැනද බෙහෙවින් සැලකීය යුතුයි.

අපි phone එක use කරන විට අපේ battery lifeඑක වැඩි වෙලාවක් රදවා තබා ගැනීමට සරල ක්ර්ම 2ක් යොදා ගත හැකියි.Brightnessඅඩු කොට cellular data offකර WiFi භාවිතා කිරීම මගින් විශාල ලෙස battery lifeඑක ඉතිරි කරගත හැකියි. Dim screenසහ auto brightnessයෙදීම මගින් හා auto app refresh off කිරීම මගින්ද විශාල ධාරිතාවයක් ඉතිරි කරගක හැකිය.

iOS 9හදුන්වා දුන් පසු iPhone වලට අලුතින් එකතු වු සුවිශේෂි අංගයක් වුයේ low powermodeය. මෙය ස්වයංක්‍රියව battery ධාරිතාවය 20%දී හා 10%දී දෙවතාවක් ක්‍රියාත්මක වෙයි. මෙලෙස low power mode onවු පසු iPhone එකේ Mail, i Cloud, airdropsඇතුලු අංශ කිහිපයක් ස්වයංක්‍රියව ක්‍රියාත්මක වීම නතර වෙනව. නුමුත් අපිට ඒ සියල්ලම manually ලෙස use කරන්න පුලුවන්. අපි නැවත phone එක charge කලාම ඒ කියන්නේ 20%සීමාවට වඩා වැඩි වු විට නැවත අර පහසුකම් auto ම ක්‍රියාත්මක වීම ආරම්භවෙනවා.

අයිෆෝන් එකේ බැටරිය වැඩි වේලාවක් තියාගන්න කියලා දෙන Tips & Tricksඇතුලත් විඩීයෝව බලන්න.


✋ සැලකිය යුතුයි - iPhoneදුරකතනයක් charge කිරීමේදී සෑම විටම Original chargerඒකක් සහ Original Cableඒකක් use කරන්න. පරිගණකයකින් charge කරන්නේනම් සෑම විටම පරිගණකය onඅවස්ථාවේදී පමණක් chargeකරන්න, මන්ද පරිගණකය Sleep mode orstandbyඅවස්ථාවලදි phone batteryඑකේ ඇති විදුලිය පරිගණකයට යයි. හැකි සෑම විටකම දුරකතනය 80%දක්වා පමණක් charge කොට 80%හා 20%අතර ප්‍රමාණයක් යන සීමාව තුල භාවිතා කරන්න. එවිට ඔබගේ battery එකෙන් වැඩි කාලයක් වැඩ කරගැනීමට හැකිවනු ඇත.

🖊 Post by Anjula Madusanka

Viewing all articles
Browse latest Browse all 1805

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>