ක්‍රෙඩිට් කාඩ් එකක් තරම් කුඩා පරිගණකය රු.1,500යි.
වසර කිහිපයකට ඉහත දී වෙළෙඳපොළ වෙත හඳුන්වා දුන් තනි පුවරු (Single board) පරිගණකයක් වන Raspberry Pi හඳුන්වාදීමෙන් පසුව අවම මිලකටRaspberry Pi Zero
මෙම Raspberry Pi Zero Wතනි පුවරු පරිගණකයේ විශාලත්වය මාන වශයෙන් ගතහොත් අඟල්. 2.6 x 1.2 x 0.2ලෙසින් පෙන්වා දිය හැක අප භාවිතා කරනා රුපියල් සියයේ මුදල් නෝට්ටුවකටත් වඩා ප්‍රමාණයෙන් කුඩා, තනි පරිපථ පුවරුවක් මත ගොඩනංවා ඇති මෙම පරිගණකය මගින් සැබවින්ම පෙන්වා දෙන්නේ, වර්තමානය වන විට පරිගණක දෘඩාංග තාක්ෂණය පරිණාමයෙන් කෙතරම් ඉදිරියට පැමිණ ඇතිද යන්නත්, පරිගණක දෘඩාංග කෙතරම් ලාභදායී වී ඇතිද යන්නත් වේ. මෙය කෙතරම් කුඩා ප්‍රමාණයක නිමාවකින් යුක්ත වූවත්, මෙහි හැකියාවන් සම්බන්ධයෙන් සලකා බලන විට එය සෑහෙන ඉදිරියකින් සිටී.
මෙම Raspberry Pi Zero Wතනි පුවරු පරිගණකයේ මධ්‍යම සැකසුම් ඒකකය ලෙසින් ඇත්තේ 1GHz single-core ARM11ප්‍රොසෙසරයකි. එසේම 512MB ප්‍රමාණයේ රැම් මතකයක් තිබෙනා අතර, මතක ධාරිතාවය අවශ්‍යය පරිදි ඉහළ දමාගත හැකි පරිදි Micro SDකාඩ්පතක් ඇතුළත් කිරීමේ හැකියාවද ලබාදී තිබේ. මීට අමතරව මෙහි mini HDMIපෝට් එකක් සහ Micro USBපෝට් දෙකක්ද තිබේ. එම Micro USB පෝට් දෙකින් එකක් භාවිතා වන්නේ මෙම තනි පුවරු පරිගණකය බලගැන්වීම සඳහායි. එසේම අමතර සම්බන්ධතාවයන් සඳහා HAT-compatible 40-pin headerපෝට් එකක්ද මෙහි තිබේ.
හදුන්වාදුන් වීඩියෝව.
රැහැන් රහිත සම්බන්ධතාවයන් සලකා බලන විට මෙහි 802.11 b/g/n wireless LAN, Bluetooth 4.1 සහ Bluetooth Low Energy (BLE)හැකියාවන් ස්ථාපනය කොට ඇත. මෙම Raspberry Pi Zero Wපරිගණකය සාමාන්‍ය පරිශීලකයෙකුට වඩා වැදගත් වන්නේ නව නිපැයුම්කරුවන්ට වේ.
එසේම ඔබ ප්‍රමාණවත් කුතුහලයකින් යුක්ත අයෙකු නම්, ඔබේ පරිකල්පනය මෙහෙයවා විවිධ නිපැයුම් නිවසේදීම නිර්මාණය කරන්නට සිතන්නේ නම්, ඒ සඳහා පරිගණක බලය සැපයීමටද මෙම තනි පුවරු පරිගණකය අතිශයින්ම සුදුසු වනු ඇත.
මෙහි පූර්වජයා වූ Raspberry Pi Zero තනි පුවරු පරිගණකය මෙන් Raspberry Pi Zero Wපරිගණකය ඩොලර් 5කට මිල කිරීමේ හැකියාවක් නැතත්, තවමත් එහි මිල වන්නේ ඩොලර් 10ක් පමණි. මෙය ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමේදී තවත් මුදලක් එකතු විය හැකි වූවත්, වර්තමානයේ වෙළෙඳපොළේ ඇති මූලික ජංගම දුරකථනයකටත් වඩා තවමත් මෙහි මිල අඩු මට්ටමක තිබේ. raspberrypi.orgනිල වෙබ් අඩවිය විසින් ප්‍රකාශ කරන පරිදි ලොව ඕනෑම කෙනෙකුට අන්තර්ජාලය හරහා රාස්බෙරි පයි පරිගණකය ඇනවුම් කිරීමටත් හැකියාව තිබෙනවා.
බලන්න ඡායාරූප කිහිපයක්.
වසර කිහිපයකට ඉහත දී වෙළෙඳපොළ වෙත හඳුන්වා දුන් තනි පුවරු (Single board) පරිගණකයක් වන Raspberry Pi හඳුන්වාදීමෙන් පසුව අවම මිලකටRaspberry Pi Zero
සංස්කරණය පැමිණි අතර, එය වඩාත් ජනප්‍රිය වූයේ ඉහළ මට්ටමේ ශක්‍යතාවයන් තිබෙනා නමුත් එහි මිල වූයේ ඩොලර් 5 ක් වැනි මුදලකට නිසාවෙනි. අලුත් වෙබ් අඩවිය මගින් මින් පෙර හඳුන්වා දුන් සංස්කරණය ගැනද අලුත් ලිපියකින් ප්‍රාඨක ඔබව දැනුවත් කළා. එම ලිපිය මෙතනින් බලන්න.
කෙසේ නමුත් මෙම පැරණි සංස්කරණ වල තිබූ ප්‍රධානම ගැටළුව වූයේ රැහැන් රහිත තාක්ෂණයන් කිසිවක් නොතිබීමයි. එනිසා එයට බාහිරින් සවිකරනා ඩොංගලයක් මගින් රැහැන් රහිත සම්බන්ධතා හැකියාවන් ලබාගැනීමට සිදුවුණි. කෙසේ නමුත් වර්තමානයේදී බොහෝ කරුණු කාරණා සිදුවන්නේ රැහැන් රහිත තාක්ෂණයන් පදනම් කරගනිමින් වීම නිසා, මෙම පරිගණකයේ නවතම සංස්කරණයක් එළිදක්වා තිබේ. එය Raspberry Pi Zero Wයනුවෙන් හැඳින්වෙන අතර, එහි ඇති ප්‍රධානතම යාවත්කාලීන වීම වන්නේ Wi-Fiසහ Bluetooth යන රැහැන් රහිත සම්බන්ධතා තාක්ෂණයන් භාවිත කිරීම සඳහා අවශ්‍ය හැකියාවන් ස්ථාපනය කර තිබීමයි. මෙම උපාංගය භාවිතයෙන් කරගන්න පුඵවන් වැඩ මොනවද දැනගන්න පහත වීඩියෝව බලන්න.
කෙසේ නමුත් මෙම පැරණි සංස්කරණ වල තිබූ ප්‍රධානම ගැටළුව වූයේ රැහැන් රහිත තාක්ෂණයන් කිසිවක් නොතිබීමයි. එනිසා එයට බාහිරින් සවිකරනා ඩොංගලයක් මගින් රැහැන් රහිත සම්බන්ධතා හැකියාවන් ලබාගැනීමට සිදුවුණි. කෙසේ නමුත් වර්තමානයේදී බොහෝ කරුණු කාරණා සිදුවන්නේ රැහැන් රහිත තාක්ෂණයන් පදනම් කරගනිමින් වීම නිසා, මෙම පරිගණකයේ නවතම සංස්කරණයක් එළිදක්වා තිබේ. එය Raspberry Pi Zero Wයනුවෙන් හැඳින්වෙන අතර, එහි ඇති ප්‍රධානතම යාවත්කාලීන වීම වන්නේ Wi-Fiසහ Bluetooth යන රැහැන් රහිත සම්බන්ධතා තාක්ෂණයන් භාවිත කිරීම සඳහා අවශ්‍ය හැකියාවන් ස්ථාපනය කර තිබීමයි. මෙම උපාංගය භාවිතයෙන් කරගන්න පුඵවන් වැඩ මොනවද දැනගන්න පහත වීඩියෝව බලන්න.
මෙම Raspberry Pi Zero Wතනි පුවරු පරිගණකයේ මධ්‍යම සැකසුම් ඒකකය ලෙසින් ඇත්තේ 1GHz single-core ARM11ප්‍රොසෙසරයකි. එසේම 512MB ප්‍රමාණයේ රැම් මතකයක් තිබෙනා අතර, මතක ධාරිතාවය අවශ්‍යය පරිදි ඉහළ දමාගත හැකි පරිදි Micro SDකාඩ්පතක් ඇතුළත් කිරීමේ හැකියාවද ලබාදී තිබේ. මීට අමතරව මෙහි mini HDMIපෝට් එකක් සහ Micro USBපෝට් දෙකක්ද තිබේ. එම Micro USB පෝට් දෙකින් එකක් භාවිතා වන්නේ මෙම තනි පුවරු පරිගණකය බලගැන්වීම සඳහායි. එසේම අමතර සම්බන්ධතාවයන් සඳහා HAT-compatible 40-pin headerපෝට් එකක්ද මෙහි තිබේ.
හදුන්වාදුන් වීඩියෝව.
මෙහි අඩංගු දේවල් පහතින් :
- 802.11 b/g/n wireless LAN
- Bluetooth 4.1
- Bluetooth Low Energy (BLE)
- 1GHz, single-core CPU
- 512MB RAM
- Mini HDMI and USB On-The-Go ports
- Micro USB power
- HAT-compatible 40-pin header
- Composite video and reset headers
- CSI camera connector