
අප මීට කලිනුත් ඔබට මෙම මෘදුකාංගය පසුගිය ලිපියකින් හදුන්වාදුන්නා මතක ඇති. අන්තර්ජාතික වශයෙන් සමරනු ලබන Balck Friday දිනය
වෙනුවෙන් මේ මෘදුකාංගය නොමිලේලබාදීමට තීරණයකර තිබෙනවා. ඔබට Black Friday giveaway promoපිටුවට පිවිස මේ පිළිබද විස්තර බලන්න පුළුවන්.
- මේ මෘදුකාංගයෙන් කරන්න පුළුවන් දේවල් මොනවද දැනගමු.
කෙලින්ම කියනවානම් මේකෙන් පුළුවන් DVD Rip කරන්න. DVD Rip කරනවා කියන්නේ පරිගණකයට සාමාන්‍ය පරිදි copy කරගන්න නොහැකි ආකාරයට DVDතැටිවල writeකරලා තිබෙන වීඩියෝ චිත්‍රපට, සංගීත ආදිය පරිගණකයට copy කරගැනීමයි. Ripකරගත් විඩීයෝ ඔබගේ ස්මාර්ට් ජංගම දුරකතනයට හෝ ටැබ් එකට බලන්න හැකි අයුරින් convert කරගන්නත් පුළුවන්. WinX DVD Ripper platinumහි අනෙකුත් වීඩියෝ convert මෘදුකාංග වලට සාපේක්ෂව ඕනෑම කෙනෙක්ට පහසුවෙන් පරිශීලනය කලහැකි අතුරු මුහුණතක් ඇතුලත් වෙනවා. පැය දෙකක වීඩියෝවක් විනාඩි 5න් කන්වර්ට් කරගන්න පුළුවන්. (Enjoy 32x Faster Conversion Speed)
දැන් පවතින ස්මාර්ට් ෆෝන් වල Mp4, MKV, AVIවැනි ෆෝමැට් සහිත වීඩියෝ බලන්න හැකි වුවත් convert කරලා ස්මාර්ට් ෆෝන් වලට වීඩියෝ දාගැනීමෙන් file sizeඑක අඩු වීමත්, කිසිවිටක වීඩියෝ Stuck නොවීම ආදී වාසි ලබාගන්න පුළුවන්. Hi-Quality Videoසහිත DVDතැටියක ඇති වීඩියෝ නම් අනිවාර්‍යයෙන් Rip කිරීමෙන් පසු convertකරලා අදාල ජංගම උපාංග වලට දාගන්න වෙනවා. මේ මෘදුකාංගයෙන් එම කාර්යය ලේසියෙන්ම ඔබට කරගන්න පුළුවන්.
බලන්න මෘදුකාංගයේ තිර ඡායාරූප කිහිපයක්.
මෙතනින් පිවිස වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය සඳහාද මෘදුකාංගය බාගතකරගන්න.
Technical Details
- Software Name : WinX DVD Ripper Platinum
- Requirements : Windows All
- License : Free
- Publisher website : www.winxdvd.com