
තාක්ෂණික ලෝකයේ අති දැවැන්තම event එක විදියට හඳුන්වන්න පුලුවන් Google IO,මේ වසරේදීත් ඉතාමත් සාර්ථක අන්දමින් පැවැත්වුණා. ඒ ඇමෙරිකා එක්සත් ජනපදයේ
කැලිෆෝර්නියා ප්‍රාන්තයේදී. Google IO 2019 ගැන අවධානයෙන් පසු වූ බොහෝ දෙනා, විශේෂයෙන්ම tech enthusiastsලා පසු ගිය මාස ගණනක් තිස්සේම බොහෝ අනාවැකි පළ කළා. ඒ ඉදිරිපත් වුණු අනාවැකි කීපයක්ම සැබෑවක් බවට පත්කරමින් Google සමාගම කාගේත් සිත් ඇදගන්නාසුළු නිෂ්පාදන කීපයක් ගැනම තොරතුරු ලෝකයට මුදා හැරියා. ඉතින් Google IO 2019 ඔබටත් මග හැරුණා නම්, ඒ ගැන මේ වනතෙක්ම ඔබට සොයා බලන්නට නොහැකි වුණා නම්, මේ ලිපියෙන් ඒ ගැන ඔබට යම් අවබෝධයක් ලබා ගන්නට හැකි වේවි. Google IO 2019 සුවිශේෂීම highlights ගැනයි මේ.
1. Pixel 3Aසහ 3A XLඅද සිට වෙළඳපොළේ.

2. Nest Hub Max – cameraඑකක් සමගින් එන smart display එක


Google සමාගම ප්‍රකාශ කළ අන්දමට ඔවුන්ගේ Google Home product lineඑක Google Nest ලෙසින් පසුගියදා re-brandකරනු ලැබුවා. ඉතින් මේ product lineඑකේ අලුත්ම deviceඑක විදියට Nest Hub Max, Google IO 2019දී හඳුන්වා දෙනු ලැබුවා. මේ device එක Nest Camera, Google Home Hub සහ Google Home Max කියන devicesවල එකතුවක් විදියටත් හඳුන්වන්න පුලුවන්. මෙහි විශේෂත්වය වන්නේ security camera, smart display, සහ loudspeakers යන මේ සියල්ල එකම devices එකක අන්තර්ගත වීමයි. තවත් සුවිශේෂීම කාරණාවක් තමයි facial recognition featureඑක සහිත in-built cameraඑකක් සහිතව එන මේ device එකේ, processing වලට අදාළ දත්ත කිසිවක් web එක හරහා හුවමාරු නොවීම. මේ device එකත් නුදුරේදීම වෙළඳපොළට release වෙන්නට නියමිතයි.
3. Androidවෙතින් live subtitles ළඟදීම.

ඔබ camera roll එකේ තියෙන, web එකේ තියෙන video එකක් නරඹනවානම්, එහෙමත් නැත්නම් app එකක් භාවිතයෙන් video එකක් නරඹනවානම්, මේ ඕනෑම අවස්ථාවකදී live subtitles ඔබ වෙත ගෙන එන්නට Google සමගම කටයුතු කරගෙන යන බව තමයි ඔවුන් Google IO 2019දී ප්‍රකාශයට පත් කළේ. ඒ විතරක් නෙවෙයි මේ feature එක video calls සහ phone calls දක්වා ගෙනයන්න තමයි ඔවුන්ගේ බලාපොරෝත්තුව. විශේෂයෙන්ම ශ්‍රවණාබාධිත පුද්ගලයින්ට මේ service එක ඉතාමත් වැදගත් වේවි. ඔවුන්ට විතරක් නෙවෙයි, අපි ඕනෑම කෙනෙක්ට භාෂාමය ගැටලුවක් මතු වෙන අවස්ථාවකදී වගේම, පොදු ස්ථානවලදී අනිත් අයට බාධාවක් නොවන ආකාරයට videoඑකක් නැරඹීමටත් මෙය උපකාරී වෙන නිසා මෙය බොහෝ දෙනෙක් ඉතා ඉක්මනින් වැළඳගන්න serviceඑකක් වෙයි කියලා ගොඩක් දෙනෙක් මත පලකරනවා.
4. Google Mapsවෙත හඳුන්වා දෙන Incognito Mode.

Location සහ search trackingඅවම කිරීමේ අරමුණ ඇතිව Google සමාගම ගත් පියවරක් විදියට Google mapsවෙත incognito modeහඳුන්වා දීම දක්වන්න පුලුවන්. Google Map, webසහ app versions දෙකටම මෙය අදාළ බවත් වාර්තා වෙනවා. මේ feature එකත් නුදුරේදීම අපි අතරට පැමිණේවි.
5. Project Mainlineසමගින් Android updates ඉක්මනින් අපි අතට.
සාමාන්‍යයෙන් update එකක් අපි අතට එන්නේ phone manufacturer හරහා. ඉතින් Googleසමාගම මේ සුදානම් වෙන්නේ play store හරහා Android updatesබෙදා හරින්නටයි. Android Qසමගින් මෙය ආරම්භ වන බව තමයි ඔවුන් තවදුරටත් ප්‍රකාශ කර සිටියේ. මෙමගින් ඉතාමත් ඉක්මනින් Android updatesඅපේ අතට පත් වේවි.
6. Google Lens Update

Google සමාගම පවසන අන්දමට restaurant එකක අපිට ලැබෙන menu cardඑකක දකින්න ලැබෙන dish එකක පින්තුරයක්, Google Lensසහ Google Mapsවල එකතුවෙන්, ඒ dish එක ඇත්තටම කොහොම වේවිද කියලා පෙන්නුම කිරීමට තරම් Google lens දියුණු කිරීමට මේ update එකට හැකියාව තියෙනවා. Restaurantඑකේ බිල්පත Google lens හරහා scan කිරීමෙන්, මුදලට tip එකක් එකතු කරලා, මුළු මුදල කීප දෙනෙක් අතර බෙදුවොත් එක්කෙනකුට කීයක් ගෙවන්න වෙයිද වගේ ගණනය කිරීම් calculator එකෙත් උදව් ඇතිව ඔබට කර දෙන්නටත් මේ සමගින් Google Lens හට අවස්ථාව ලැබේවි. ඒ වගේම Googleසමාගම සමගින් එකඟතාවයට පැමිණි යම් සඟරා වල අන්තර්ගත පින්තූර සජිවකරණයට ලක් කරලා පෙන්නුම් කිරීමටත් නුදුරේදීම Google Lens වලට හැකියාව ලැබෙන බවයි වාර්තා වෙන්නේ.
7. Google Duplex සහ Google Assistant තවත් දියුණුවෙන් දියුණුවට.

ඔබේ කටහඬ පමණක් උපයෝගී කරගෙන messages වලට reply කරන්න, emails ලියන්න, messages වලට images insert කරන්න වගේම personalized results ( Google Mapsවලින් තමන්ගේ නිවසට යන පාර ආදිය) ලබා ගන්න තරම් Google Assistant දැන් දියුණුයි. ඒ විතරක් නෙවෙයි නෙවෙයි, Google Assistant driving modeසමගින් නවතම අත්දැකීමක් ලබා දෙන්නත් මීළඟ සති කීපය තුළදී Google සමාගම සුදානම් වෙනවා.

Google IO 2018දී ඔබට මතක ඇති Google Duplexඅපේ bookings වගේ දේවල් ඉතාමත් සාර්ථක ලෙස voice call එකක් මගින් අපිට confirmකරන ආකාරය ගෙන හැර දැක්වුවා. ඉතින් මේ වනවිට තවත් පියවරක් ඉදිරියට ගිහින් අපේ bookings confirmකරන්න විතරක් නෙවෙයි, අපි වෙනුවෙන් forms fill කරලා booking එකක් place කරන්න තරම් Google Duplex දියුණු වෙලා. හිතන්නකෝ අපි Google Calendarවල හෙට යන ගමනක් ගැන scheduleකරලා තියෙනවා කියලා. එතකොට ඒ වෙනුවෙන් යම් cab serviceඑකකින් අපිට taxiඑකක් bookකරන්න කියලා අපි voice commandඑකක් දුන්නොත්, Google Calendarවල විස්තර ලබාගෙන, webඑකෙන් අපිට අවශ්‍ය cab service web site එකට ගිහින්, bookingඑකක් සඳහා අවශ්‍ය formඑක fill කිරීමට තරම් Google Duplex දියුණුයි. Booking එක confirm කරන්න කලින් auto fill වෙච්ච form එක බලන්නත් userට අවස්ථාව සැලසෙනවා.
මේ ලිපියෙන් ඔබත් සමග බෙදා හදා ගත්තේ Google IO 2019 Event එකේ ප්‍රකාශයට පත්වුණු වැදගත්ම කියලා හිතෙන කරණු කීපයක්. එහෙමත් නැත්නම් Highlights කීපයක්. ඉතින් මේ දේවල් දකිද්දී අපේ අනාගත තාක්ෂණය මොන තරම් නම් දියුණු වෙයිද කියලා අපිට හිතාගන්නවත් බැහැ නේද? කොහොමවුණත් මේ කියවපු දේවල් ගැන සවිස්තරව දැනගන්න Google IO 2019 key noteඑක පහතින් නරඹන්නත් අමතක කරන්න එපා !
🖊 Post by Sandali Siriwardane