
දැනට අපගේ පරිගණකයේ කාලයක් පුරාවට installකර ඇති SSDසහ HDDහාඩ් ඩ්‍රයිව් වල අපට කොතරම් වටිනා දත්තයන් පවතිනවාද,
තමන් වැඩ කරන කාර්‍යාලයේ පරිගණකයේ එදිනෙදා වැඩ කරන ෆයිල් සහ සිස්ටම් එක තුල කොතරම් වටින දත්ත පවතිනවාද ? හිතන්න මේ සේරම එකපාරට නැති වුනොත් 😳 සාමාන්‍යයෙන් බැකප් එකක් ලබාගෙන ඇත්නම් ගැටළුවක් නෑ. පරිගණකයේ කාලයක් පුරාවට අප වැඩකරන සියල්ල ගබඩා වී තිබෙන්නේ හාඩ් එකේ. මේ හාඩ් එක කොයි මොහොතේ අකර්මණ්‍ය වෙයිද අපට කියන්න බෑ. අන්න ඒ මොහොත කල්තියාම ඔබට දැනගන්න පුළුවන් වටිනා මෘදුකාංගයක් තමයි අප මේ ලිපියෙන් හදුන්වාදෙන්නේ.
මෘදුකාංගයේ නම තමයි Hard Disk Sentinel. බලන්න තිර ඡායාරූපයක්.
මේ මගින් හාඩ් එකේ ඇති දෝෂ, උෂ්ණත්වය, කල්පැවැත්ම නිරීක්ෂණයකර report එකක් ලබාදෙනවා. මෙය මුදලට ලබාගන්න ඇති මෘදුකාංගයක් වන අතර Trail සංස්කරණයක්ද ඇතුලත් වෙනවා. පුද්ගලික පරිගණකයක් සදහා මෙම Trail versionඑක මගින් Hardඑක check කරගන්න පුළුවන්. අපට මෙය නිතර අවශ්‍ය වෙනවා නම් එනම් පරිගණක අලුත්වැඩියා කරන්නෙකු හට, සමාගමක හෝ ආයතනයක IT Depart එකට මෙම මෘදුකාංගයේ මුදලට ලබාදෙන සංස්කරණය ලබා ගැනීම ප්‍රයෝජනවත් වෙනවා. එසේනම් අවශ්‍ය අය මෙතනින් පිවිස මෘදුකාංගය ඩවුන්ලෝඩ් කරගන්න.