
EaseUs කියන්නේ Data recovery සහ Backup මෘදුකාංග නිපදවා ලෝකය පුරා ජනප්‍රියතාවයක් ලබා ඇති මෘදුකාංග නිපදවන සමාගමකි.
මෙම සමාගම ආරම්භකර වසර 14ක් පිරීම නිමිත්තෙන් විශේෂ ප්‍රවර්ධන වැඩසටහනක් ආරම්භකර තිබෙනවා. මෙයට සහභාගිවුය හැකි වන්නේ යූටියුබ් චැනල් පවත්වාගෙන යන අයට පමණයි. මේ මගින් ජයග්‍රාහකයින්ට 64GB මෙමරියක් සහිත iPhone 8එකක් හෝ මුදලින් $800 ක් දිනාගන්න අවස්ථාවක් හිමි වෙනවා. මෙම තරගය වලංගු වන්නේ මේමස එනම් අගෝස්තු 23 වෙනි දින දක්වා පමණයි.
මෙහි දෙවන සහ තෙවන ස්ථානන්ද තෝරාගනු ලබන අතර පිළිවෙලින් ඒ අයට $150සහ $100ක මුදල් තෑගි පේපැල් ගිණුම් සඳහා ලබාදීමට නියමිතයි. මෙම campaign එකෙන් ලබන ආදායම ඔවුන් විසින් පාසල් ළමුන් සඳහා අවශ්‍ය ගොඩනැගිලි පහසුකම් ඉදි කිරීමට බාවිතා කරන බවයි EaseUs සමාගම අපවෙත දැන්වූයේ.
මෙයට සහභාගි වීමට ඔබට කරන්න තියෙන්නෙ මෙතනින් campaign පිටුවට පිවිස ඔබගේ යූටියුබ් චැනල් එකේ ලිපිනය සහ අනෙකුත් විස්තර ලබාදීමයි. ඉන් පසුව ඔවුන් ඔබට එවන විස්තර අනුව වීඩියෝවක් නිර්මාණයකර ඔබගේ යූටියුබ් චැනල් එකේ ශෙයා කරන්න අවශ්‍යයි.
අප කලින් ලිපියකින් ලබාදුන් EaseUs Data Recovery මෘදුකාංගය පිළිබඳ පලකල ලිපිය බලන්න මෙතනින් පිවිසෙන්න.
අප කලින් ලිපියකින් ලබාදුන් EaseUs Data Recovery මෘදුකාංගය පිළිබඳ පලකල ලිපිය බලන්න මෙතනින් පිවිසෙන්න.