
වින්ඩොස් මෙහෙයුම් පද්ධතිය පරිගණකයකට ඉන්ස්ටෝල් කිරීමෙදී අප දැනුවත්ව හෝ නොදැනුවත්ව හාඩ්එක පාටිශන් කරන පියවර
මගහැරෙන්න පුළුවන්. එවැනි අවස්ථාවක පරිගණකයට ලැබෙන්නේ "C"සහ තවත් එක් පාටිශන් එකක් පමණයි. අන්න ඒ වෙලාවට කලබල නොවී වින්ඩෝස් පරිගණකයට ඉන්ස්ටෝල් වීමට ඉඩහැර මෙම AOMEI Partition Assistant StandardEdition මෘදුකාංගය හරහා හාඩ් එකට තවත් අමතර පාටිශන් එක් කර ගැනීමට පුළුවන්. මෙය ඉතාමත් ආරක්ෂිත යෙදවුමක්, ඔබගේ හාඩ් එකේ තිබෙන දත්ත වලට කිසිදු හානියක් මේ මගින් සිදුවන්නේ නෑ.
මෙම මෘදුකාංගය සරල අතුරු මුහුණතක් සහිත පහසුවෙන් භාවිතා කළ හැකි පරිදි නිර්මාණය කර තිබේ.මෙම මෘදුකාංගය මගින් ඔබට පහසුවෙන් නව පාටිශන් Create කිරීම, Format කිරීම,පාටිශන් ඒකාබද්ධ කිරීම, Move කිරීම ආදිය සිදුකරගන්න පුළුවන්. බලන්න තිරඡායාරූපයක්.
Windows 10, Windows 8.1, Windows 8, Windows 7, Vista, XPයන සංස්කරණ වලට මෙය සහාය දක්වනවා. පහත වැඩටික මේ මෘදුකාංගයෙන් කරගන්න පුළුවන්.

එසේනම් මෙතනින් පිවිස මෙම මෘදුකාංගය බාගන්න.
Technical Details
- Software Name : AOMEI Partition Assistant Standard Edition
- File size : 10.51 MB
- Requirements : Windows All
- License : Free
- Publisher website : disk-partition.com