Quantcast
Channel: Aluth | Software Review, Download, Tech News
Viewing all articles
Browse latest Browse all 1805

Introducing eSim Technology

$
0
0
ඔබ නිතර පරිගණකයත් සමඟ ඉන්න කෙනෙක්ද ? එහෙනම් මේ යෙදවුම ඔබට ගොඩක් වැදගත් වේවි. වෙලාවට වැඩ කරන්න අපි කවුරුත් කැමතියි.  නමුත් අපි කරන වැඩ රාජකාරි බහුල වීමත් සමඟ ඊළඟට කරන්න තියෙනදේ අමතක වෙන්න පුළුවන්. ඒකට පිළියමක් වශයෙන් මේ මෘදුකාංගයෙන් අපිට ලොකු සේවාවක් ලබාගන්න පුළුවන්.ස්මාර්ට් ජංගම උපාංග සඳහා හදුන්වාදෙන eSim තාක්ෂණය.

ඔබගේ දුරකතනයට එහි සේවා සම්පාදකයා සමඟ සබඳතාව ඇති කරන්නේ SIM පත හරහා යි. සිම් පතෙහි ආරම්භය 1991 දක්වා ඈතට දිවයන්නකි.

එම මුල්ම සිම්පත ඔබ වර්ථමානයේ භාවිතා කරන ක්‍රෙඩිට් කාඩ් එකක හැඩයට සමාන කළ හැකිය.එතැන් පසු ක්‍රමයෙන් මෙම සිම්පත් කුඩා වෙමින් නිශ්පාදනය වීම සිදුවිය. පහත ඡායාරූපය මගින් ඔබට මෙය වඩා හොදින් වටහා ගන්න පුළුවන්.



වර්තමානයේ ඔබ දැක ඇති කුඩාම සිම්පත ලෙස Nano simඑක ඔබ දැනටමත් භාවිතා කරනවා ඇති. නමුත් අද වන විට මෙම දුරකතන, ස්මාර්ට් ඔරලෝසු ආදියේ ප්‍රමාණයන් අඩු කිරීමේ දී, නව විශේෂාංග එක් කිරීමේ දී ද මෙම සිම්පත් වලට වැඩි ඉඩ ප්‍රමාණයක් යාම ගැටළුවක් වී තිබෙනවා.එයට විසදුමක් වශයෙන් බොහෝ රටවල නැනෝ සිම්පතටත් වඩා ,කුඩා වූ උපාංගය තුළම ස්ථාවරව සැකසූ ඉලෙක්ට්‍රොනික සිම්පතක් හදුන්වාදී තිබෙනවා. මෙය eSim ලෙස හදුන්වනවා.

eSIMසහිත device එකක ඇති විශේෂත්වය වන්නේ උපාංගය ගලවා, සිම්පත් මාරු කරමින් කල් ගත කරනවා වෙනුවට දුරකතන සේවා සම්පාදකයා සමඟ ලියාපදිංචිවූ විට සිම්පතක් වෙනුවට ඊමේල් එකකින් ලැබෙන QR codeඑකකින් eSIM profile එක device එකට install කරගත හැකි වීම යි. මෙම තාක්ෂණයට දකුණු ආසියාවේ ප්‍රථම වරට ලංකාවේ දුරකතන සේවා සම්පාදකයෙකු වන Dialog Axiata ආයතනයෙන් සහාය දක්වනු ලබනවා. මේ නිසා දැන් eSIM සහිත උපාංග ලංකාවේ පාවිච්චි කරන්නට අපිට අවස්ථාව ලැබී තිබෙනවා.තවද Dialog හි One number සේවාව හරහා උපාංග කිහිපයකට තනි අංකයක් භාවිතා කිරීමේ හැකියාවද විශේෂත්වයකි. මෙම තාක්ෂණය ලංකාවට ගෙන ඒමේදී eSim පහසුකම සහිත උපාංගයක් ලෙස Huawei Watch 2 ස්මාර්ට් ඔරලෝසුව හදුන්වාදී තිබෙනවා. ස්මාර්ට් වොච් එක පිළිබද වැඩි විස්තර දැනගන්න මෙතනින් පිවිසෙන්න.



මෙම eSIM ක්‍රමවේදය හරහා දුරකතනයෙන් ස්වාධීනව ඇමතුම් ගැනීම, මැසේජ් යැවීම සහ අන්තර්ජාලයට සම්බන්ධ වන්නට හැකියාව ලැබෙනවා. මෙම තාක්ෂණය ස්මාර්ට් නිවාස උපාංගවලට, මෝටර් රථවලට පවා ඇතුළු කරමින් තිබෙන නිසා නුදුරේදී ම ප්‍රධාන සිම්පත් මාදිලිය බවට පත්වනු නිසැකය. බලන්න හදුන්වාදීමේ වීඩියෝව.




Viewing all articles
Browse latest Browse all 1805

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>