Quantcast
Channel: Aluth | Software Review, Download, Tech News
Viewing all articles
Browse latest Browse all 1805

Google I/O Extended 2018 - Tech Blogger of the Year

$
0
0
මෙවර ශ්‍රී ලංකාවේ පැවති Google I/O Extended 2018 වැඩසටහනේදී වසරේ ජනප්‍රියම තාක්ෂණික බ්ලොක් අඩවිය ලෙසට අපව තෝරා පත්වූ බව ඔබට සතුටින් දන්වා සිටිනවා.අලුත්.comනැවතත් සම්මානයට පාත්‍ර වෙයි.

මෙවර ශ්‍රී ලංකාවේ පැවති Google I/O Extended 2018වැඩසටහනේදී වසරේ ජනප්‍රියම තාක්ෂණික බ්ලොක් අඩවිය ලෙසට අපව තෝරා පත්වූ බව 


ඔබට සතුටින් දන්වා සිටිනවා. ඇත්තම කියනවනම් අපි මේ Event එකට Nominationකරලවත් තිබ්බේ නැහැ. අපේ සාමාජිකයින් කිසිම කෙනෙක් මේ වෙනුවෙන් අලුත්.com නම යෝජනා කරේ නැහැ. අවසානයේ Voting systemඑක publish කරාම අපි නොහිතපු විදිහට අලුත්.com කියන blog එක Tech Blogger of the Yearකියන කාණ්ඩය යටතේ ඉදිරියට පැමිණ තිබුණා. ඇත්තටම මේක Surprise එකක් වගේ. 😊


ලංකාවේ නවකයන්ගේ මෘදුකාංග වලට මුල් තැන දුන් අපි මෘදුකාංග නිර්මාණකරුවන්හට ලැබුණු තල්ලුවක් විදියටයි අපි මේක දකින්නේ. මොකද ලංකාවේ තනි පුද්ගල හෝ නවකයෙක්ගේ මෘදුකාංගයක් එළියට යවන්න තැනක් තිබුණේ නැහැ. අද වෙනකොටත් බෝහොම සුළු වෙබි අඩවි ප්‍රමාණයක් තමයි තියෙන්නේ. මේ සියළු මෘදුකාංග එක තැනකට ගැනීම තමයි අලුත්.com පටන් ගන්න මුලිකම අරමුණ වුණේ. මොකද අපි කොච්චර මහන්සි වෙලා නිර්මාණයක් කළත් වැඩක් නැහැනේ ඒ දේ සමාජගත කරගන්න බැරිනම්. 😑

2011 වසරේ සුළුවට පටන් ගත්ත මේ ගමන තනියෙන් ආපු ගමනක් නෙමෙයි. මේ වෙනකොට දේශීය මෘදුකාංග දහසකට වැඩි ප්‍රමාණයක් අපි පළකරලා තියෙනවා. අලුත්.comවෙත මෘදුකාංග නිර්මාණය කර එවපු සහ විවිධ තාක්ෂණික කරුණු ගැන ලිපි ලියපු සිය ගණනකගේ ‍වෑයමෙන් තමයි මේ ගමන ආවේ. ඉතින් අවසානයේ කියන්න තියෙන්නේ අලුත්.comමේ තැනට රැගෙන ගිය, රැගෙන යන අයට තමයි මේ සම්මානයේ සැබෑ අයිතිය. මොකද අපිට මෘදුකාංග හදලා එවපු නිර්මාණකරුවෝ සහ තාක්ෂණික ලිපි ලියපු පිරිස නැත්නම් අපිට මේ ගමන යන්න බැහැ.

Google I/O Extended 2018 Event - Aluth.com Media Coverage. 📢



Google ආයතනය වසරකට වරක් ඔවුන් ඉදිරියෙදී එලි දක්වන්නට නියමිත දේවල් ඇතුලු බොහෝ දේ ගැන මුළු ලෝකයටම කියන්න විශාල සම්මන්ත්‍රණයක් පවත්වනවා. ඔවුන් එක නම් කළේ Google I/Oකියලා. ඇමෙරිකාවේ පැවැත්වෙන ප්‍රධාන සම්මන්ත්‍රණයට අමතරව ලෝකයේ පුරා විවිධ රටවල Google I/O Main Eventපැවැත්වෙනවා. ඊට සම්බන්ධ වෙන්න නොහැකියාවක් පවතින අය වෙනුවෙන් Google I/O Extendedලෙස නම් කෙරූ Live Eventඑකක්ද සංවිධානය කරනවා.

ලෝකය පුරා ඉන්න වැඩි දෙනෙක්ට Google I/Oඑකට සහභාගී වෙන්න අපහසු වුවත් Google I/O Extendedහරහා එයට සහභාගී වෙනවාට ඉතා ආසන්න අත්දකීමක් ලබාගන්න පුළුවන්. ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ  Mount Viewවල තිබෙන Shoreline එළිමහන් රඟහලේ පැවැත්වෙන Google I/Oඑක සජීවීව දැකගන්න වගේම විවිධ රටවල සිටින තාක්ෂණික නිර්මාණකරුවන්ට එක්රැස් වෙන්නත් මේ තුලින් අවස්ථාව හිමිවෙනවා. මෙවර පැවැත්වෙන්නේ ඔවුන්ගේ 12 වැනි Google I/Oවැඩසටහනයි. 2008 සිටම වසරේ මැද භාගයේදී මේ වැඩසටහන දිගටම පැවැත්වුණා. අැමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ මවුන්ට් විව් පරිශ්‍රය තුළ සංවිධානය වන මේ සම්මේලනයේ අරමුණ ලොව පුරාම දිනෙන් දින වැඩි වන මෘදුකාංග නිර්මාණකරුවන් සුහද සබඳතා ගොඩනගා ගන්නට දිරිමත් කිරීමයි. Google හි ප්‍රවීණයන්ගෙන් ඍජුවම ගුරු හරුකම් ලබාගතහැකි ප්‍රායෝගික ඉගෙනුම් සැසිවාර වගේම අලුත්ම Google නිමැවුම් බොහෝමයකුත් මුල් වරට දැක ගන්නට ලැබෙන වාර්ෂික Google I/Oසම්මේලනය ලොවපුරා බොහෝ දෙනෙක් මඟබලා සිටින ඉතාම වැදගත් අවස්ථාවක්.

අලුත් වගේම පළපුරුදු මෘදුකාංග නිර්මාණ කරුවන්ටත් දැනුම සහ ප්‍රයෝගික අත්දැකීම් සම්භාරයක් එක්රැස් කරගන්න ඉඩ සලසන Google I/Oසම්මේලනයට සහභාගී වෙන්න විශාල තරඟකාරීත්වයක් පවතිනවා. මේ නිසාම ලොව පුරා සිටින සියලුම මෘදුකාංග නිර්මාණ කරුවන්ට මෙයට ඍජුවම සහභාගී වෙන්න අවස්ථාව හිමිවෙන්නේ නැහැ. කොහොම නමුත් ලෝකය පුරාම වෙසෙන තාක්ෂණ ලෝලීන් බොහෝ දෙනෙක් වෙනුවෙන් එයට සමගාමීව Google I/O Extendedවැඩසටහන් රටවල් ගණනාවකම සංවිධානය කෙරෙනවා.


2018 වසරේත් ශ්‍රී ලංකාවේ Google I/O Extended වැඩසටහනක් පැවැත්වෙනු ලැබුවා. මේක පැවැත්වුණේ ඊයේ (08)දිනයේදීයි. ඒ ශ්‍රී ලංකා ප්‍රදර්ශණ හා සම්මේලන කේන්ද්‍රස්ථානයේ. ඉතින් මේ වසරේදීත් මේ Event එක ශ්‍රී ලංකා ගූගල් මෘදුකාංග නිර්මාණකරුවන් සමූහයේ (Google Developer Group – GDG) සහයෝගය සහිතව නොකඩවා තුන් වන වරටත් Dialog සහ Idea-mart සම්පුර්ණ අනුගාහකත්වයෙන් පවත්වනු ලබනවා.  ලෝකයේ කොතැනක සිටියත්, මේ වෙනුවෙන්ම පැමිණෙන්න කුමන අපහසුතා තිබුණත් එ් බාධක සියල්ලම ජය ගෙන මෘදුකාංග නිර්මාණ කරුවන් සියලු දෙනාටම Google I/Oඅත්දැකීම ලබා ගන්නට Google I/O Extended වැඩසටහන් නිසා හැකියාව ලැබෙනවා.

ලංකාවේ සිටින Googleමෘදුකාංග නිර්මාණ කරුවන් ප්‍රජාව නියෝජනය කරන Google I/O Extendedවැඩසටහන 2016 අවුරුද්දේ Dialog - Ideamartහි මුලිකත්වයෙන් අාරම්භ වීමත් එක්කම එයට අපේ රටේ තාක්ෂණ ලෝලීන්ගේ විශාල අවධානයක් යොමු වුණා. Google I/O Extended Sri Lankaකියන්නේ මුළු දකුණු අාසියාවේම පැවැත්වෙන විශාලතම I/O Extendedවැඩසටහන බව අපිට අාඩම්බරයෙන් කියන්න පුළුවන්. 2016 වසරේදී 2000කට වැඩි සහභාගීත්වයකින් යුක්තව අාරම්භ වුණු මේ වැඩසටහනට 2017 වර්ෂයේ දී 3000 කට වැඩි පිරිසක් සහභාගී වුණා. මෙවර Google I/O Extended 2018 වැඩසටහනට 3500 කට වැඩිපිරිසක් සහභාගී වුණා.

අැමරිකාවේ Google I/O වැඩසටහන අාරම්භ වන අවස්ථාවට සමගාමීව ඊයේ (08)සවස 6.30Google I/O Extended Sri Lankaඅාරම්භ වුණා. එ් සඳහා ලියාපදිංචි වීමටත්, අසුන් ගැනීමටත් සවස 4.30 සිට අවස්ථාව සළසා තිබුණා. මේ වන විට ඉල්ලුම් පත් 9000 කට වැඩි ප්‍රමාණයක් ලැබී තිබුණත් වැඩසටහනට සහභාගී වන්නට අවස්ථාව හිමි වන්නේ 3000 සිට 3500දක්වා පිරිසකට පමණයි. නමුත් තාක්ෂණ ලෝලීන් කිසිවෙකුට මේ අවස්ථාව මඟහැරී යාමට ඉඩ නොතබමින් Dialog TVහි Channel 1හරහා වගේම Dialog හි නිල Facebookපිටුව හරහාත් මේ වැඩසටහන සජීවීව විකාශය කෙරෙනු ලැබුවා.

කැලිෆෝනියාවේ පැවැත්වෙන වැඩසටහන සජීවීව විකාශය කිරීමට අමතරව ඊට පෙර ත්, ඊට පසුවත් අපේ රටේ මෙන්ම විදේශීය කථිකයන් ගණනාවක් සහභාගී වන වැඩමුළු බොහොම යක් Google I/O Extendedහි දී සංවිධානය කෙරෙනවා. Google හි ශ්‍රී ලංකා උපදේශකවරයා වන ප්‍රාශ් බාලක්‍රිෂ්ණන්, ප්‍රවීණ Google මෘදුකාංග නිර්මාණකරු ලිම් ෂැන් යී, ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර අැතුළු බොහෝ දෙනෙක් මෙයට සහභාගී වුණා.

දැනුම සහ අත්දැකීම් වගේම විනෝදාත්මක දේවල් වලිනුත් Google I/O Extendedහි කිසිම අඩුවක් වුණේ නෑ. සහභාගී වන සියලු දෙනාටම විනෝද විය හැකි දේවල් ගණනාවක්ම මේ වැඩසටහනට අැතුළත් වුණා. නුදුරු අනාගතයේදීම අැති වීමට ඉඩ තිබෙන Internet of Things(IoT)පෙරැළියට සූදානම් වීමට Dialog අායතනය බිහිකර අැති IoTනිපැයුම් දැක බලා ගැනීම සඳහාත් ප්‍රදර්ශන කුටියක් වෙන් කර තිබුණා. අැමරිකාවේ වේලාවට අනුව රාත්‍රී කාලය පුරාම ක්‍රියාත්මක වන වැඩසටහනක් නිසා නිදි මත සහ කම්මැලිකම අැති නොවී උද්යෝගීමත්ව සිටින්නට කාටත් ක්‍රියාශිලීව සහභාගී වෙන්න පුළුවන් විනෝද ක්‍රීඩා බොහෝමයකුත් Dialogඅායතනයෙන් සංවිධානය කර තිබුණා.

ශ්‍රී ලංකාවේ තාක්ෂණය ගැන උනන්දු සියලුම දෙනාට හිතවත්කම් ගොඩ නගා ගන්න, නව නිර්මාණ බිහි කරන්න වගේම, මෘදුකාංග නිර්මාණයේ නව කඩයිම් සොයා යන්නටත් ලේසියෙන් නොලැබෙන අවස්ථාවක් ලෙසට මෙය පත්වුණා.

Google I/O Extended Sri Lankaසම්පුර්ණ වැඩසටහන පහතින් බලන්න.


ඊයේ කැලිෆෝනියාවේ පැවති Google I/Oවැඩසටහනේ විශේෂ අවස්ථා පහතින් බලන්න.


Google I/O Extended Sri Lankaඡායාරූප කිහිපයක් පහතින්.











🏆 මෙම සම්මානය ලබා ගැනීමට Vote කරපු සියලු දෙනාට අපගේ ස්තූතිය. 🙌


Viewing all articles
Browse latest Browse all 1805

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>