Quantcast
Channel: Aluth | Software Review, Download, Tech News
Viewing all articles
Browse latest Browse all 1805

What is a Podcast - Introduction to Sinhala.

$
0
0
පොඩ්කාස්ට් කියලා කියන්නේ ලෝකය පුරාම බොහෝ ජනප්‍රිය නමුත් ලංකාවේ අපිට අලුත් දෙයක්. Podcast කියන වචනය අහල නැති ගොඩක් අයත් ඉන්න නිසාම  මේ ලිපියෙන් Podcast කියන්නේ මොකක්ද කියන එක අපි ඔබට හඳුන්වා දෙනවා. Oxford Dictionary එකේ තියන විදිහට Podcast කියලා කියන්නේ, Audio File එකක් හෝ Audio File Series එකක්  Internet හරහා Online හෝ Download කරලා හරි අහන්න පුලුවන් දෙයක්. Podcast ගැන සිංහලෙන්.

පොඩ්කාස්ට් කියලා කියන්නේ ලෝකය පුරාම බොහෝ ජනප්‍රිය නමුත් ලංකාවේ අපිට අලුත් දෙයක්. Podcast කියන වචනය අහල නැති ගොඩක් අයත් ඇති.

ඒ නිසාම මේ ලිපියෙන් Podcast කියන්නේ මොකක්ද කියන එක අපි ඔබට හඳුන්වා දෙනවා. Oxford Dictionary එකේ තියන විදිහට Podcast කියලා කියන්නේ, Audio Fileඑකක් හෝ Audio File Seriesඑකක්  Internet හරහා Online හෝ Download කරලා හරි අහන්න පුලුවන් දෙයක්. 👂

විවිධ මාතෘකා යටතේ කරුණු සාකච්ඡා වෙන මේ Audio වලට අපිට Subscribe කරන්න පුලුවන් පහසුකමත් තියනවා. මේ Podcast වල ආරම්භය වෙන්නේ 2000-2004වර්ෂ වල Adam Curryහා Dave Winerගේ සහභාගිත්වයෙන්. එතනින් ආරම්භ වුනු Podcast අද මේ වෙනකොට ලෝකයේ ජනප්‍රියම දෙයක් බවට පත් වෙලා තියනවා. ලෝකයේ පුද්ගලයන් බොහෝ ආදරය කරන මාතෘකා යටතේ පොඩ්කාස්ට් විශාල ප්‍රමාණයක් මේ වෙනකොට ලෝකය පුරාම විකාශනය වෙනවා. උදාහරණයක් විදිහට විද්‍යාව හා තාක්ෂණය පිළිබඳව, විද්‍යා ප්‍රබන්ධ, Movies and Book Reviews, ආහාර හදන විදි ගැන, Traveling ඇතුලු විවිධ topics සම්බන්ධයෙන් ගොඩනැගුනු Podcast තියනවා. 😎

දැන් ලංකාව තුලත් මේ Podcast පටන් අරගෙන තියනවා. ඉතින් අන්න ඒ ගැන දැනුවත් කරන්න තමා අද මේ ලිපිය ලියන්න ප්‍රධානම හේතුවක්වෙන්නෙත්. දැන් බලමු ඇයි අපි පොඩ්කාස්ට් අහන්න ඕන සහ ඇයි ඒක වැදගත් කියලා.ගොඩක් අය Radio අහනවා තමන්ට අවශ්‍ය කරන දෙයක් අහන්න, හැබැයි ඒකට විකාශනය වෙන වෙලාව එනකම් බලාගෙන ඉන්න වෙනවා. Podcast වලදී ඔයාලට ඕන දේ තියන Category එකක් තෝරගෙන ඕනම වෙලාවක අහන්න පුලුවන් හැකියාව තියනවා. ඒ වගේම තමයි අපි දවසකට සැලකිය යුතු තරමක කාලය නාස්ති කිරීමක් කරනවා.

උදාහරණයක් විදිහට බස් එකකට නැගලා ගමනක් යන්න ගියාම සෑහෙන්න ප්‍රමාණයක් අපේ වෙලාව නාස්ති වෙනවා. ඉතින් අපි ඒ වෙලාවෙදිPodcast එකක් අහන්න ගත්තොත් අපේ ඒ නාස්ති වෙන වෙලාවෙන් වැඩක් ගන්න පුලුවන්. මේ විදිහට ගත්තම සින්දු අහනවා වගේ Podcast අහන්නත් පුරුදු උනොත් ඒක හරිම ප්‍රයෝජනවත්. අලුත් දැනුම හොයන අයට ඒ දැනුම ලබා ගන්න පහසුම විදිහක් තමා Podcasts. ගොඩක් Podcast වල අලුත් වෙන ලෝකයේ දේවල් එසැනින් වාර්තා කරනවා. මේ විදිහට ගත්තම Podcast අහන එකේ වැදගත්කම ගැන බොහොමයක් අදහස් ගන්න පුලුවන්. 🙌


Podcast අහන්නේ කොහොමද ? 🤔

01.Podcast වලට තියනවා SoundCloud , Lybsyn වගේ platforms. ඒ කැමති එකකට ගිහිල්ලා අපිට ඕන Podcast එකේ නම Searchකරලා සවන් දෙන්න.

02.අපිට අහන්න ඕන Podcastඑකේ නම  Google Searchකරලා අදාල Podcast එකේ වෙබ් අඩවියෙන් හෝ Search Pageඑකේ එන Link එකකට ගිහිල්ල අහන්නත් පුලුවන්.

03.Android හෝ Apple Phone වල තියන ඕනම Podcast Appඑකකින් ඔයාට කැමතිම Podcast එකකට සවන් දෙන්න පුලුවන්.අපි බලමු ගොඩක්ම ජනප්‍රිය Android and ApplePodcast App මොනවද කියලා.
Android
  • Google Play Music
  • Pocket Casts
  • Podcast Addict
  • Podcast Go
  • Stitcher Radio for Podcasts
  • SoundCloud
  • Spotify

Apple
  • Overcast
  • Apple Podcasts
  • Castro
  • Pocket Casts
  • Spotify
ඔය තුන තමයි ප්‍රධාන වශයෙන්ම කියන්න තියෙන්නේ. දැන් බලමු ලංකාව තුල තියන Podcast මොනවද ඒවාට සවන් දෙන්නේ කොහොමද කියලා. ලංකාවේ ක්‍රියාකාරී Podcast 9 ක් අපට ලැබුණා. පහල තියන Linksවලින් ඒවාට සවන්දීමේ හැකියාව තියනවා. මේ Podcastසියල්ලගෙම Facebook Communitiesතියනවා ඒවත් එක්ක එකතු වෙලා ඔයාලගේ අදහස් දැක්වීමෙන් මේ Podcasts වලට සක්‍රිය දායකත්වයක් ලබාදෙන්නත් ඔයාලට පුලුවන්.


01. Illumination Podcast


Science and Technology වලට වෙන් වුන පොඩ්කාස්ට් එකක්. දැනට තිබෙන ජනප්‍රියම Podcast එක කිව්වොත් නිවැරැදියි.
  • Listen to podcast
Soundcloud - www.soundcloud.com/illuminationcast
Webpage    - www.illuminationcast.com
Facebook page - www.facebook.com/IlluminationCast


02. Techකතා


Tech කතා යනු ඕනෑම ආකාරයේ තාක්ෂණික ගැටළුවක් සඳහා පිළිතුරු සපයා දෙන, තාක්ෂණික පුවත් හා නව සොයාගැනීම් පිළිබඳව හෙළිදරව් කරන පොඩ්කාස්ට් එකක්.

  • Listen to podcast
Soundcloud - www.soundcloud.com/techkatha
Webpage - www.techkatha.com
Facebook page - www.facebook.com/Techkathaa


03. Daylight Podcast


මේ පොඩ්කාස්ට් එකේදී  Science, Technology, Entertainment, Fictions, Study tips & Tricks, DaytoDay life things, Book Reviews, Film Reviews, Mysterious things, Innovations,Interviewsඇතුලු බොහෝ දේ කතා කරනවා.
  • Listen to podcast
Soundcloud - www.soundcloud.com/daylightpodcast
Facebook page - www.facebook.com/PodcastDaylight


04. Hyperstella Podcast


Science වලටම වෙන් වුන Podcast එකක්, ගැඹුරු විද්‍යාත්මක කරුණු ගොඩක් පහැදිලිව විස්තර කරන Podcast එකක්. Cyber Securityඇතුලු පරිගනක තාක්ෂණය සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා කරන පොඩ්කාස්ට් එකක්.
  • Listen to podcast
Soundcloud - www.soundcloud.com/hyperstella
Webpage - www.podcast.hyperstella.com
Facebook page - www.facebook.com/Hyperstella


05. Binary Podcast


Cyber Security ඇතුලු පරිගනක තාක්ෂණය සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා කරන පොඩ්කාස්ට් එකක්.
  • Listen to podcast
Soundcloud - www.soundcloud.com/binary-podcast
Facebook page - www.facebook.com/binarypodcast


06. Mind Horizon


විද්‍යාත්මක දේවල් ගැන අලුත් විදිහකට ඉගෙන ගන්න පුලුවන් පොඩ්කාස්ට් එකක්.
  • Listen to podcast
Soundcloud - www.soundcloud.com/user-380166338
Facebook Community  - www.fb.com/groups/2120787638165505


07. Music.lk podcast


සිංහල සංගීතය, විනෝදාස්වාදය හා ඒ සම්බන්ධයෙන් අමතර කරුණු සතිපතා ඔබ වෙත ගෙන එන පොඩ්කාස්ට් එකක්.
  • Listen to podcast
Cast Box - www.castbox.fm/channel/Music.lk-id1028627?country=us
Facebook page - www.fb.com/music.lk


08. සංහිඳ Podcast 


කාලීන, සමාජීය හා විද්‍යාත්මක කරුණු ගැන ගැඹුරින් කතා කරන පොඩ්කාස්ට් එකක් ලංකාව තුල මෙවැනි පොඩ්කාස්ට් කිහිපයක්ම තව තියෙනවා.

  • Listen to podcast
Soundcloud - www.soundcloud.com/sanhinda-podcast
Facebook - www.facebook.com/groups/201308373951180


09. Topic එක 


Entertainment,සමාජය තුල ජනප්‍රිය හා මගහැරුන මාතෘකා ගැන කතා කරන අලුත්ම විදිහක පොඩ්කාස්ට් එකක්.
  • Listen to podcast - www.chatboxlk.com
  • Facebook - www.facebook.com/groups/topiceka

එහෙනම් ඔබට දැන් පොඩ්කාස්ට් කියන්නෙ මොකද්ද කියලා නිවැරදි අවබෝදයක් එන්න ඇති. ඔබ දන්න podcast තියෙනම් පහතින් කමෙන්ට් එකක් විදියට දාන්න. 🙂

🖊 Post by Gunasinghe



Viewing all articles
Browse latest Browse all 1805

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>