Quantcast
Channel: Aluth | Software Review, Download, Tech News
Viewing all articles
Browse latest Browse all 1805

Apple iPhone 8 & iPhone X Sinhala Review

$
0
0
අයිෆෝන් සහ අයිෆෝන් Xගැන දැනගමු.

ලෝකේ අ‍ංක එකේ වෙළද නාමයට හිමිකම් කියන ඇපල් සමාගමේ නවතම ස්මාර්ට් ෆෝන් දෙක වූ අයිෆෝන් 8සහ අයිෆෝන් X පසුගියදා හදුන්වා දුන්නා. 

ඔබ මේ වනවිටත් මේ ගැන දන්නවා ඇති. නමුත් එහි ඔබ දැනගත යුතුම කරුණු අපි මෙම ලිපියෙන් ඔබවෙත ගෙන එනවා. මෙලෙස තම නවතම ස්මාර්ට් උපාංග දෙක හදුන්වාදීම පැවැත්වුනේ සැප්තැම්බර් 12වනදා කැලිෆෝනියාවේ ස්ටීව් ජොබ්ස් රඟහලෙහි දී, ඒ අනුව, සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ටිම් කුක් (Tim Cook)විසින් සභාව අමතමින් iPhone 8සහ iPhone Xලෙසින් දුරකථන මාදිලි දෙකක් හඳුන්වා දෙනු ලැබුවා.

ටිම් කුක් මහත්මයා පැවසූයේ “අපේ පරම අභිලාෂය හැමවිටම විශ්මයජනක සහ ජවසම්පන්න නිෂ්පාදන එළි දැක්වීමයි.” මෙම සජීවී අත්දැකීම බලන්න බැරිවුන අය සහ බැලීමට කැමති අය පහතින් බලන්න එහි විශේෂ අවස්ථා ඇතුලත් වීඩියෝව.

Video by The Verge YouTube Channel

ඔන්න ඔය ආකාරයට අලුත්ම අයිෆෝන් 8සහ අයිෆෝන් ‍Xහදුන්වාදුන්නා. මෙහිදී මුලින්ම අපි අයිෆෝන් 8 ගැන කතා කරලා ඉමු. අයිෆෝන් 7වලින් පසුව බොහෝ දෙනා  අයිෆෝන් 7Sපැමිණෙනු ඇතැයි අපේක්ෂා කලත් පැමිණුනේ අෆිෆෝන් 8 ස්මාර්ට් උපා‍ංගයයි, 8වලත් 8 Plusලෙස ඩිස්ප්ලේ එක තරමක් විශාල ස්මාර්ට් ෆෝන් එකකුත් මොවුන් හදුන්වා දුන්නා.  අයිෆෝන් 8එකේ 4.7"සහ Plus එකේ 5.5"ක් දිග ඩිස්ප්ලේ එකක් ඇතුලත් වෙනවා. බලන්න හදුන්වාදෙන නිල විඩියෝව පහතින්. 😍


iPhone 8 හි 12MPපසුපස කැමරාවක් ද, iPhone 8 Plusහි 12MPකැමරා දෙකක් ද තිබෙන අතර ඒ දෙකෙහිම ඉදිරිපස 7MPකැමරාවක් තිබෙනවා. ඉන් optical zoomingමෙන්ම දහ ගුණයක විශාලනයක් ඡායාරූප සඳහාත්, 6 ගුණයක විශාලයක් වීඩියෝ සඳහාත් ලැබෙනවා.



Apple A11 Bionicප්‍රොසෙසරයක් මේ දෙකෙහිම ඇති අතර, iPhone 8එකේ රැම් එක 2GBදක්වාත්, iPhone 8 Plus රැම් එක 3GB දක්වාත් වර්ධනයකර තිබෙනවා. රැහැන් රහිතව බැටරිය ආරෝපණය කරන්න පුලුවන් ප්‍රථම ඇපල් අයිෆෝන් උපාංග දෙක මෙයයි.
රිදි පැහැය, space grey, New gold finish වර්ණ තුනෙන් පැමිණෙනවා. සැප්තැම්බර් 22 වෙළදපොලට පැමිණීමට නියමිත අතර Pre-orderකිරීමට දැන් සිටම ඔබට අවස්තාව තිබෙනවා.
  • අයිෆෝන් 8 64GB එකක මිල ඇ.ඩො 699 ක් (රු.108,000)අයිෆෝන් 8 256GB එකක මිල ඇ.ඩො 849 ක් (රු.128,000)
  • අයිෆෝන් 8 Plus 64GB එකක මිල ඇ.ඩො 799 ක් (රු.120,000)අයිෆෝන් 8 Plus 256GB එකක මිල ඇ.ඩො 949 ක් (රු.143,000)

දැන් බලමු අයිෆෝන් ‍Xඑකේ මොනවද විශේෂ කරුණු.


අයිෆෝන් පරම්පරාවේ ලොකු වෙනසක් සිදු කිරීමට සමත් මෙම අයිෆෝන් X නැතිනම් අයිෆෝන් 10බැලූ බැල්මට ඔබගේ සිත ඇදිලා යන පෙනුමකින් යුක්තයි. ඉදිරිපස මුහුණ පුරාවට ඩිස්ප්ලේ එකකින් වැසී පවතිනවා. සුපුරුදු Home Buttonඑක මෙහි දක්නට ලැබෙන්නේ නෑ. 


මෙහි කීපැඩ් ලොක් එක ලෙස පැමිණෙන්නේ Face IDතාක්ෂණයයි. ඉදිරිපස ඇති අධෝරක්ත කැමරාව මුහුණ හඳුනාගනිමින් Unlockවේ, සමහරු හිතයි මෙයට අපගේ ෆොටෝ එකක් හරි වෙස් මුහුණක් හරි තිබ්බනම් ඕනේ කොරෙක්ට ලොක් එක අරින්න පුළුවන්නේ කියලා. නමුත් ඇපල් සමාගමනම් පවසන්නේ එලෙස Unlock නොවන බවත් ඉදිරිපස 7MP කැමරාවේ අධෝරක්ත කිරණ මගින් මුහුණේ ගැඹුර යනාදියද මැන බලන බවයි. 😮



පසුපස 12MP ද්විත්ව කැමරාව OISහෙවත් අත හෙල්ලුනත් ස්ථාවර ඡායාරූප ලබාදෙන තාක්ෂණයෙන් යුක්තයි. ඒවගේම අලුතෙන් හදුන්වාදෙන Animation Emoji (Animoji) අපේ මුහුණේ අ‍ංග චලනයන් වලට අනුව වැඩ කරනවා. චැට් කරන අයට මෙය අලුත්ම අත්දැකීමක්.


Animoji
Simple Photo Light Editing
තත්පරයට ගණනය කිරීම් බිලියන 600ක් කළ හැකි අධි වේගවත් A11 Bionicප්‍රොසෙසරය iPhone 7හි තිබූ A10 Fusionප්‍රොසෙසරයටත් වඩා 25%ක් පමණ වේගවත් බවයි ඔවුන් පවසන්නේ. 3GB RAMඑකත් පිටුපස 12MPකැමරා දෙකත් ඇතුලත් වෙනවා. iPhone 8 එකේ මෙන් X එකෙත් රැහැන් රහිතව බැටරිය ආරෝපණය කරන්න පුළුවන්. මෙහි ඇතුලත් වැඩකෑලි මැනවින් පෙන්වාදෙන අපුරූ වීඩියෝවක් බලන්න පහතින්.


 මෙම අයිෆෝන් Xදුරකථනය මේ වසරේ අග භාගයේදී $999 කට (රු. 150,000)වෙළඳපොළට නිකුත් කිරීමට නියමිතයි. 😤

වැදගත් : ඉහත අප මිල ගණන් සදහන් කර තිබෙන්නේ රජයේ Taxඑකතු කිරීමට පෙර මිලයි.


Viewing all articles
Browse latest Browse all 1805

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>