Quantcast
Channel: Aluth | Software Review, Download, Tech News
Viewing all articles
Browse latest Browse all 1805

Samsung The ultra wide 49-inch CHG90 Monitor

$
0
0
සැම්සුන් සමාගම ultra wide මොනිටරයක් වෙළදපොලට නිකුත් කරයි.

සැම්සුන් සමාගම හදුන්වාදුන් මෙම අපූරු මොනිටරය මේ දිනවල ඉතාමත් ජනප්‍රිය උපා‍ංගයක්. විශේෂයෙන් ග්‍රැෆික් කටයුතු සහ පරිගණක ක්‍රීඩාවේ


නියැලෙන අයට මේක සුපිරිම බාණ්ඩයක් කිව්වොත් නිවැරදියි. මොනිටරය අගල් 49ක් පළල් කවාකාර ලෙස නිපදවා තිබෙනවා. හරියට නිකන් මොනිටර් 2ක් එකට තිබ්බා වගේ. බලන්න පහත ඡායාරූප කිහිපයක්.

මයික්‍රොසොෆ්ට් Excel sheet එකක් open කරාම පේන විදිය.


කොහොමද නිකන් සාගරේ වගේ දිගයි නේ ස්ක්‍රීන් එක 😮😰 
හැඩේට බැලුවම පේන්නේ මෙහෙමයි.

කවාකාර හැඩය මේකෙන් හොදට පේනවා ඇති ඔයාලට. ගේම් එකක් play කරනකොට සාමාන්‍ය screen resolution දාලා playකරාම පේන්නේ පහත විදියට. (16:9 aspect ratio)

පුළුල් තිරයම දාලා 32:9 aspect ratio ) ගේම් එක play කරනකොට පේන විදිය බලන්න. ඇඩෙනවා 😥😭


පිස්සු හැදෙනවා නේද ? 😚 ගේම් play කරන අයටනම් මේක සුපිරිම මොනිටරයක්. ගේම් එකක් Play කරන ගමන් වෙන වැඩක් කරන්න පුළුවන් Multi-Taskingපහසුකම මැනවින් CHG90 මෙම මොනිටරයෙන් අත් විදින්න පුළුවන්.



1080p Full HDතිරය සහිතව තිරය දෙකට බෙදාගෙන වැඩ දෙකක් එකපාර කරන්න පුළුවන්. 3840 x 1080 Resolution අගයක් මින් ලබාදෙනවා. ඡායාරූප ශිල්පයේ යෙදෙන අයට ෆොටෝ එඩිටින් වැඩ වලට, ග්‍රැෆික් ඩිසයින් කරන අයට එඩිටින් වැඩ වලට නියමයි. 😍



 මෙහි වටිනාකම ඇමරිකන් ඩොලර් 1,500ක් වෙනවා. ඒ කියන්නේ ල‍ංකාවේ මුදලින් රු. 225,000ක් පමණ. සැම්සුන් සමාගමේ නිල වෙබ් පිටුවට පිවිස ඔබට මෙය ඇණවුම් කරන්න අවස්තාව ඔවුන් සලසාදී තිබෙනවා. නැතිනම් ලේසියෙන්ම ඔබට ඇමේසන් වෙබ් අඩවියේ සැම්සුන් store එකෙන් මෙතනින් පිවිස ඔන්ලයින් මිලදී ගන්න පුළුවන්. 👍

Viewing all articles
Browse latest Browse all 1805

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>