Quantcast
Channel: Aluth | Software Review, Download, Tech News
Viewing all articles
Browse latest Browse all 1805

Kaspersky Free Antivirus Guard Sinhalese Review

$
0
0
දවස් 365 ක් නොමිලේ බාවිතා කරන්න කැස්පර්ස්කයි වයිරස් ගාඩ් එක.

ලෝකේ ජනප්‍රිය සහ හොදම පරිගණක වයිරස් ආරක්ෂක මෘදුකාංගයක් ලෙස කැස්පර්ස්කයි අපට හදුන්වා දෙන්න පුළුවන්. ඔවුන්ගේ 20 වෙනි සංවත්සරය

සැමරීම නිමිත්තෙන් සැමට නොමිලේ බාවිතා කලහැකි Kaspersky Free Antivirus යෙදවුමක් ඔවුන් හදුන්වා දුන්නා. ලෝකේ ප්‍රමුඛපෙලේ වයිරස් ආරක්ෂකයක මෘදුකාංග නිපදවන සමාගමක් ලෙස කාලයක් පුරාවට කැස්පර්ස්කයි සමාගම නම් දරා තිබෙනවා. ලෝකේ වැඩි දෙනෙකු තම මෘදුකාංගය බාවිතා කරන බවත් ඒත් මුදලට ලබාගත නොහැකි අයට අන්තර්ජාලය තුල නිසි ප්‍රති වයිරස් මෘදුකාංගයක් නොමැති බැවින් ඒ අයට මෙය නොමිලේම ලබාදෙන බවයි ඔවුන් පවසන්නේ. දැනට පවතින නොමිලේ ලබාදෙන වයිරස්ගාඩ් තුලින් විවිධ දැන්වීම් ප්‍රචාරය කරගන්නා අතර මෙහි කිසිදු දැන්වීමක්ද පල නොවන බවද පවසනවා. මුලදී මෙය යුරෝපීය රටවලට නොමිලේ ලබාදුන් අතර පසුව ලෝකේ අනෙකුත් රටවලටද ලබා දීමට කැස්පර්ස්කයි කටයුතුකලා.


මෙය මයික්‍රොසොෆ්ට් සමාගමේ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය හිමි ඕනෑම පරිගණකයකට සහාය දක්වනවා. අපි බලමු මෙය දාගන්න විදිය. මෙතනින් පිවිස මුලින්ම online setup downloadගොනුව බාගන්න. එය open කිරීමෙන් පහත ආකාරයට setup එක ඩවුන්ලෝඩ් වෙයි.


ඊට පසු හාඩ් එකේ තැනකට සාමාන්‍ය ආකාරයට ඉන්ස්ටෝල් කරගන්න. ඉන්ස්ටෝල් කරාට පස්සේ පෙන්වන්නේ පහත විදියට.



බලන්න License එක දවස් 365ක් දින තියෙනවා. 😍

වැදගත් - වයිරස්ගාඩ් එක ඉන්ස්ටෝල් කරන්න කලින් පරිගණකයේ පෙර ඉන්ස්ටෝල් කරලා තිබෙන වයිරස්ගාඩ් එකක් ඇත්නම් එය uninstall කරලා මෙය install කරන්න. ඉන්ස්ටෝල් කරාට පස්සේ ඩේටා බේස් එක අප්ඩේට් කරලා පරිගණකය Full Scan පාරක් දාන්න., වයිරස් ෆයිල් තියෙනවා නම් ඒවා මේකට අහුවෙනවා. අනිත් එක මේකේ සතියකට සැරයක්වත් Data Baseඑක අප්ඩේට් කරන්න බලන්න. වැඩි ඩේටා ගානක් ඒකට යන්නේ නෑ.



Viewing all articles
Browse latest Browse all 1805

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>