Quantcast
Channel: Aluth | Software Review, Download, Tech News
Viewing all articles
Browse latest Browse all 1805

Introducing "Android Oreo" - Sinhala Guide

$
0
0
Oreo ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය හදුන්වාදෙයි.

ඇන්ඩ්‍රොයිඩ් කියන්නේ ලෝකේ වැඩිම දෙනෙකු බාවිතා කරන මොබයිල් මෙහෙයුම් පද්ධතියයි. මෙහි නවතම සංස්කරණය 


"OREO"අද දිනයේ ගූගල් සමාගම නම් කරනු ලැබුවා. වර්තමානයේ පවතින ඇන්ඩ්‍රොයිඩ් Nougat මෙහෙයුම් පද්ධතියට පසුව android 8.0නම්කර තිබෙන්නේ Android Oඑහෙමත් නැත්නම් Android Oreoලෙසයි. ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියට මේතාක් නම් පැමිණියේ පැණිරස කෑම වලින්, Oreoලෙසද හදුන්වන්නේ සීනි රසැති බිස්කට් එකකි. මෙම Oreo OSඑක ගූගල් විසින් ලෝකෙට හදුන්වාදුන්නේ සුර්‍යග්‍රහණයක් ඇති වන්න්නාක් මෙන් අපුරු වීඩියෝවකිනි. බලන්න එම වීඩියෝව පහතින්.


ගොඩක් දෙනෙක් මෙම මෙහෙයුම් පද්ධතියේ ඇති අලුත් වැඩ කෑලි මොනවද කියලා තමයි අවධානය යොමු කරන්නේ. බලමු ඒවා මොන්වද කියලා.
  • Picture in Picture - මෙය මගින් ඔබට ඇප්ස් 2ක් එකවර බලන්න, ක්‍රියා කරන්න පුළුවන්. ඇත්තටම එය අලුත් දෙයක්.
  • Boot Double Speed Up - ඇන්ඩ්‍රොයිඩ් උපාංගය On වෙන වේගය දෙගුණයකින් වැඩිකර ඇත.
  • Chat කිරීමේදි යොදාගන්නා Emoji වැඩිදුයුණු කර අලුතෙන් Emoji 70ක් ඇතුලත් කරලා තියෙනවා.

  • Notification dots - ෆෝන් එකට ලැබෙන Messages, Email, Apps Notificationවැනිදෑ අදාල ඇප් අයිකන් එක මත Tap කිරීමෙන් බලන්න සහ Clear කරන්න පුළුවන්.


    • Autofill - අපි සාමාන්‍යයෙන් මුරපද සහ මුරනාම බාවිතා කරලා පිවිසෙන ඇප්ස් වලට නැවත නැවත අදාල Login Detailsදෙන්න අවශ්‍ය නෑ. මෙය ඉතාමත් සුරක්ෂිත දෙයක් වගේම කාලය ඉතිරි වෙන වැඩක්.
    • Android Instant Apps - මේක තමයි ඇන්ඩ්‍රොයිඩ් වලට ආපු අලුත්ම වටිනම දෙය. කෙටියෙන්ම කියනවානම් ඇප් එකක් ඉන්ස්ටෝල් නොකර වැඩ කරගන්න පුළුවන්. Play-storeඑකෙන් නැතුව වෙබ් බ්‍රවුසර් එකෙන් අදාල ඇප් ලින්ක් එකක් වෙත පිවිස ඇප් එක Run කරන්න පුළුවන්. ඇත්තටම මේක කිව්වට ටිකක් තේරුම් ගන්න අපහසු ඇති. බලන්න මේ Instant App පහසුකම හදුන්වාදෙන ආකාරය.


    මීට අමතරව Security, Apps icon, Speedයනාදියද වැඩිදුයුණු කරලා තියෙනවා. 



    Viewing all articles
    Browse latest Browse all 1805

    Trending Articles



    <script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>