රැහැන් රහිතව ආරෝපණය වෙන මවුස් එකක්.
අතීතයේ පැවති රැහැන් රහිත මවුස් උපාංග වල තිබූ දුර්වලතාවන් අතර සාපේක්ෂව රැහැන් සහිත මවුස් උපාංග වලට වඩා ප්‍රතිචාර කාලය අඩුවීම සහ කෙටි කාලයක් පවතින

බැටරි කාලය දැක්විය හැක. විශේෂයෙන්ම අතීතයේ තිබූ රැහැන් රහිත මවුස් උපාංග වියළි කෝෂ මගින් ක්‍රියාත්මක වූ අතර, නිරන්තර භාවිතයේදී ඉතා ඉක්මනින් බැටරි බැස යෑම ගැටළුවක් බවට පත්විණි. කෙසේ හෝ පරිගණක ආදාන හා ප්‍රතිදාන උපාංග නිෂ්පාදන තාක්ෂණය දියුණු වීමත් සමගින් මෙම ගැටළු දෙකම සාර්ථක අන්දමින් විසඳිණි.
සාමාන්‍යයෙන් දැනට පවතින රැහැන් රහිත මවුස් වල ප්‍රතිචාර කාලය වෙනසක් නොදැනෙන තරමට දියුණු වී තිබීම විශේෂත්වයකි. කෙසේ නමුත් බැටරි බලය සම්බන්ධ ගැටළුව තවමත් ඉතිරිව තිබේ. සාමාන්‍යයෙන් එදිනෙදා වැඩකටයුතු සඳහා භාවිත වන රැහැන් රහිත මවුස් උපාංගයක බැටරි එක් වරක් දැමූ පසුව වසරක් පමණ එක දිගට භාවිත කළ හැකි පරිද්දෙන් බැටරි ආයුකාලය දීර්ඝ වී ඇත. එනමුත් ගේමින් මවුසයක් සාමාන්‍ය මවුසයකට වඩා බලශක්තිය භාවිත කරමින් ක්‍රියාත්මක වන නිසා තවමත් වැඩි කාලයක් පවතින ලෙසින් බැටරි ආරෝපණය තබා ගැනීම අභියෝගයක් බවට පත්ව තිබේ. මේ නිසා මෙම ගැටළුවට පිළියමක් ලෙස හදුන්වා දෙන Logitech Power playමවුස් පෑඩ් උපාංග කට්ටලය වෙළෙඳ පොළට පැමිණෙන්නේ එම ගැටළුවට විසඳුමක් ලෙසිනි.
වීඩියෝ.
මෙම උපාංගය බැලූ බැල්මට සාමාන්‍යය මවුස් පෑඩයක් ලෙසින් දිස්වන අතර, එය රැහැන් රහිත බැටරි ආරෝපණය කරනා දෘඩාංගයක්ද සමගින් සංයුක්තව පැමිණ තිබේ. මෙම උපාංගය භාවිත කිරීම මගින් ඔබට රැහැන් රහිත ගේමින් මවුසය භාවිත කරන අතරේදීම එය ආරෝපණය කරගැනීමට හැකියාව ලැබේ.
ඡායාරූප.
මෙය වඩාත් වැදගත් වන්නේ පරිගණක ක්‍රීඩා ලෝලීන් හට බව අමුතුවෙන් කිව යුතු නොවේ. නිරන්තරයෙන්ම මවුසය ආරෝපණය වෙමින් පවතින නිසාවෙන්, කිසිවිටෙකත් ක්‍රීඩා කරන අතරතුරදී බැටරි බැස නොයන බැවින් අපහසුතාවත් ඇතිවන්නනේ නැත. අඟල් 10.8 x 12.6ක දිගින් හා පළලින් යුක්ත මෙම Logitech Power playමවුස් පෑඩය සාමාන්‍ය පරිශීලකයෙකුට මෙන්ම පරිගණක ක්‍රීඩා ලෝලියෙකු හටද මවුසය හැසිරවීමට ප්‍රමාණවත් අවකාශයක් ලබාදෙනු ඇත. මෙය මවුස් පෑඩයට ස්ථාපනය කොට ඇති විශේෂිතව සැකසූ විද්‍යුත් චුම්භක සම්ප්‍රයුත්ත පද්ධතියක් හා පැමිණෙන නිසාවෙන්, ඒහා ගැළපෙන ඕනෑම power coreඑකක් ඇති මවුස් උපාංගයක් හෝ ගැළපෙන Power core එකක් ඇති වෙනයම් Logitech උපාංගයක් මවුස් පෑඩය මතට පැමිණි විට ස්වයංක්‍රීයව හඳුනාගනිමින් එය ආරෝපණය කිරීම සිදුවනු ඇත. මෙම ක්‍රියාවලිය ස්වයංක්‍රීය වන නිසාවෙන්ම ඔබට බැටරිය ආරෝපණය කිරීම පිළිබද සිතීමට පවා අවශ්‍ය නොවේ.
එසේම මේ වනවිට මෙම Logitech Power playමවුස් පෑඩ් උපාංගය හා අනුකූල වන මවුස් උපාංග දෙකක් ලොජිටෙක් සමාගම මගින් නිෂ්පාදනය කොට ඇත. ඒ Logitech G903සහ Logitech G703යන මවුසයන් දෙවර්ගයයි.
![]()
මෙම උපාංගයේ මිල පිළිබද සැලකූ විට ඇමරිකන් ඩොලර් 100 පමණ වෙයි. මේ පිළිබද වැඩිවිස්තර හා ඇනවුම් කිරීමට අවශ්‍යනම් මෙතනින් ආයතනයේ වෙබ් අඩවිය වෙතට පිවිසෙන්න.