Quantcast
Channel: Aluth | Software Review, Download, Tech News
Viewing all articles
Browse latest Browse all 1805

OpenIt Android App

$
0
0
අන්තර්ජාලයේ සැරිසරන අයට වටිනා ඇප් එකක්.

OpenIt appඑක සතියක් වගේ පොඩි කාලෙකින් සහන් රණසිංහ විසින් Develop කරපු වැඩසටහනකි. මොහුට මෙය නිර්මාණය කිරීමට හේතු වූයේ පහත කාරණාවයි.


"මං හැමදාම නිදාගන්න ගිහින් ෆෝන් එකෙන් ඉන්ටනෙට් එකේ Articles, Blogsකියවල YouTube වීඩියෝ බලල තමයි නිදා ගන්නේ. ඒත් ඒ බලන දේවල් මට මගේ ලැප් එකෙන් පස්සේ වෙලාවක බලන්න open කරලා තියන්න විධියක් තිබුනේ නෑ. Play Store එකේ එහෙම App එකක් තිබුනේ නැති නිසා මං තීරණය කළා මේ App එක develop කරන්න. මුලින් මුලින් පොඩියට වැඩේ පටන් ගත්තත් යාලුවොන්ගේත් ඉල්ලීම මත මන් app එකට තව තව features එකතු කරලා හැදුවා."

Android Appඑක.



chrome extension එක.


මේ මගින් ෆෝන් එකෙන් කියවන Web Siteඑකක්, බලන YouTube වීඩියෝ එකක් OpenIt app එක හරහා තත්පර කිහිපයක් ඇතුලත Chrome Browser එකේ open කරගෙන බලන්න පුළුවන්. ඊට අමතරව ෆෝන් එකේ බලන දෙයක වචනයක් හෝ වචන කිහිපයක් Google එකෙන් search එකක් විදියට PC එකේ Chrome Browserඑකෙන් open කරගන්නත් පුළුවන්. Appඑකේ history එක පෙන්නන නිසා පරණ වෙබ් සයිට් එකක් වුනත් සුළු වෙලාවකින් open කරගන්න පුළුවන්. 

දැනට මේ පහසුකම Google Chromeසහ Chromium web browserදෙකටත් Android ෆෝන් වලටත් විතරයි developකරලා තියෙන්නේ. ඉදිරියට Firefox browser එකට වගේම iPhone වලටත් App එක ලබා දෙන්න කටයුතු කරනවා. App එක පාවිච්චි කරන්නනම් Chrome browser එකට OpenIt extension එක installකරලා Google account එකෙන් Sign inවෙන්න ඕන. ඊට පස්සේ Android ෆෝන් එකට OpenIt appඑක install කරලා Sign inවෙන්න ඕන. කොහොමද මේකෙන් වැඩ ගන්නේ කියන එක ගැන පොඩි අදහසක් ලබාගන්න පහත වීඩියෝව බලන්න.



ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක බාගන්න මෙතනින් පිවිසෙන්න.
ගූගල් ක්‍රෝම් extension එක මෙතනින් පිවිස ලබාගන්න.



Viewing all articles
Browse latest Browse all 1805

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>