Quantcast
Channel: Aluth | Software Review, Download, Tech News
Viewing all articles
Browse latest Browse all 1805

Far Cry 5 : Official Announce Trailer

$
0
0
Far Cry 5නිකුත් වෙන දිනය සහ Game play Review.

පරිගණක සහ වීඩියෝ ක්‍රීඩා කරන සෑහෙන පිරිසක් දන්න කියන ගේම් එකක් තමයි Far Cryකියන්නේ. Ubisoft සමාගමේ නිර්මාණයක් වූ මෙය ලබන වසරේ පෙබරවාරි 27 නිල වශයෙන්

නිකුත් කිරීමට සැරසෙනවා. Far Cry 4 එකෙන් පසු පැමිණි Far Cry Primal ස‍ංස්කරණය බොහෝ දෙනෙක් සිතුවේ Far Cry 5 ලෙසයි. නමුත් එසේ නොවන බව මින් පෙනී යනවා. බලන්න Ubisoft  සමාගම විසින් මෙය හදුන්වාදුන් අයුරු.


මෙය PS4, Xbox One සඳහාද පසුව PC වලට නිකුත්කරන බව අන්තර්ජාලයේ සඳහන් වෙනවා. Ubisoft හි ගේම් Developer වරු විසින් 
Far Cry ගේම් එකෙහි open world action -adventure නිර්මාණය කිරීමට පෙර ඔවුන් විසින් ලෝකයේ විවිධ ප්‍රදේශ තෝරාගෙන තම රසිකයින්ගේ වැඩි මනාපයක් ඇති ප්‍රදේශය පාදක කරගනිමින් ගේම් එක නිර්මාණ කටයුතු සිදුකරනවා. Far cry 4 ස‍ංස්කරණය සදහා හිමාල කදුවැටිය ආශ්‍රිත ප්‍රදේශයක් ලබාගත් අතර මෙවර ඇමරිකාවේ මොන්ටානා ප්‍රදේශය තෝරාගෙන ඇත.

මෙවර Far cry වීරයා වන්නේ Ajay Ghale හෝ Jason Brody නෙවෙයි. පසුගිය වතාවන් වලදී ඔවුන්ගේ නමින් ඔබ පෙනී සිටිය අතර මෙවර තමන්ගේ නමින් ඔවුන් හදුන්වාදිය හැක.


පරිගණක වලින් ගේම් Play කරන අයට තිබෙන වැදගත්ම ප්‍රශනය නම් මෙය play කිරීමට තමන්ගේ පරිගණකගේ තිබිය යුතු අවම පහසුකම්ය. නිල වශයෙන් මෙහි specification තවම නිකුත් කර නොමැති අතර පසුගිය Far cry 4වලට වැඩි Ram & VGA performance එකක් නොඉල්ලූ නිසා මෙයටද සාමාන්‍ය ගේමින් පරිගණක වලද playකිරීමට අවස්තාව සැලසෙනු ඇතැයි අප අපේක්ෂා කරන්නෙමු. Farcry 5ගේම් එක එනකන් කැමති අය පහතින් PC & Mobile wallpaper එක බාගෙන Desktopඑකට දාගන්න.



Viewing all articles
Browse latest Browse all 1805

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>