Quantcast
Channel: Aluth | Software Review, Download, Tech News
Viewing all articles
Browse latest Browse all 1805

Helakuru Sinhala Type on Chrome

$
0
0
සි‍ංහල අකුරු කොටන්න හෙළකුරු පරිගණකයටත් පැමිණෙයි.

අපි කවුරුත් මොබයිල් උපා‍ංග මගින් සි‍ංහල typing සිදු කරන්නේ හෙලකුරු ඇප් එකෙන්නේ. ඔන්න දැන් පරිගණකයේ ඇති ගූගල් වෙබ් බ්‍රව්සර් එක මගිනුත්

සි‍ංහල කොටන්න පුළුවන් Extension එකක් හදුන්වාදෙනවා. මෙම හෙළකුරු නිර්මාතෘ වන්නේ භාෂා ලංකාආයතනයයි. ඔවුන් එය හදුන්වාදුන් ආකාරය බලන්න පහත වීඩියෝව.


මෙය ගූගල් ක්‍රෝම් වලට එකතුකර ගැනීමෙන් පසු අපිට සි‍ංහල ඕනෑම වෙබ් අඩවියක ටයිප් කරන්න පුලුවන්. ෆේස්බුක්, ගූගල් ප්ලස්, ට්විටර් වැනි සමාජ ජාල වෙබ් අඩවි වල සි‍ංහලෙන් status සහ comment දාන අයට මේ extension එක ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. බලන්න ස්ක්‍රීන්ශොට් එකක්.



එසෙනම් මෙය බාගත කරගැනීමට මෙතනින් පිවිස Added to chrome ක්ලික් කරන්න. නැතිනම් ගූගල් extension වෙත පිවිස Helakuruලෙස typeකරලා එකතු කරගන්නත් පුලුවන්. වෙබ් බ්‍රවුසර් එකට එකතුකර ගැනිමෙන් පසු බ්‍රවුසර් එක close කරලා open කරන්න. කීබෝඩ් එකෙන් Ctrl+Shift+Zඑකවර ඔබන්න. එවිට සි‍ංහල සහ ඉ‍ංග්‍රීසි අවශ්‍ය විටක මාරු කිරීමෙන් Type කරන්න පුලුවන්. 😍

ඇත්තටම මෙහි වටිනාකම ගොඩක්ම දැනෙන්නේ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය බාවිතා කරන අයට වඩා ලිනක්ස්, උබුන්ටු , මැක් වැනි මෙහෙයුම් පද්ධති බාවිතා කරන අයටයි. හේතුව වින්ඩෝස් වලට සි‍ංහල ටයිප් කරන්න මෘදුකාංග ඕනෑතරම් තිබුණත් අනෙකුත් os වලට සිංහල ටයිප් කරන්න මෘදුකාංග නොමැති වීමයි. ඒ නිසා මෙම හෙළකුරු පරිගණකයට extension එකක් ලෙස පැමිණීම ඒ අයට ගොඩක් වටිනවා. 🙌

💡 වැදගත් : මෙය තවම බීටා ස‍ංස්කරණයක් එනම් පර්යේෂණ මට්ටමේ තිබෙන extension එකක් නිසා පොඩි පොඩි අඩුපාඩුත් ඇති. එසේ අඩුපාඩු ඇත්නම් සහ මෙයට අලුතෙන් එකතුවිය යුතුයැයි අපේක්ෂා කරන දේවල් තියෙනම් පහතින් commentඑකක් දාන්න.  😊




Viewing all articles
Browse latest Browse all 1805

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>