Quantcast
Channel: Aluth | Software Review, Download, Tech News
Viewing all articles
Browse latest Browse all 1805

Introducing - Nuwan 3D Graphics Channel

$
0
0
http://www.aluth.com/2017/05/introducing-nuwan-3d-graphics-channel.html
මුල සිට සිංහලෙන් ග්‍රැෆික් ඉගෙනගන්න චැනල් එකක්.

අපි ඔයාලට යූටියුබ් වෙබ් අඩවියේ තාක්ෂණික වශයෙන් වැදගත් අපේ රටේ චැනල් හදුන්වා දෙනවානේ. ඔන්න අද අපි ග්‍රැෆික් ඩිසයින් කරන අයට සුපිරිම චැනල් එකක් හදුන්වාදෙනවා.


මෙම චැනල් එකේ නම තමයි  Nuwan 3D.මෙය පවත්වාගෙන යන්නේ නුවන් පෙරේරා නම් තරුණයා විසිනි.  බලන්න ඔහුගේ නිර්මාණ කිහිපයක්.




ත‍්‍රිමාණ සජිවිකරණ වීඩියෝ නිර්මාණ.




නුවන්ගේ හැකියාව කොහොමද කියලා ඔබට වැටහෙන්න ඇති. ඔබටද මේ දක්ෂතා ඉගෙනගන්න මේ යූටියුබ් චැනල් එකෙන් පුළුවන්. අපි මේ වටිනා චැනල් එක ගැන ඔහුගෙන් ඇසූ ප්‍රශ්න වලට ලබාදුන් පිළිතුරු බලමු.

1. Nuwan3D වීඩියෝ පාඩම් පටන් ගැනිමේ අරමුණ.

            මම අවුරුදු 13 ක පමණ කාලයක සිට ත‍්‍රිමාණ සජිවිකරණ හා ග‍්‍රෑෆික් නිර්මාණ කරණයේ නියැලි සිටිනවා. මාගේ නිර්මාණ කිහිපයක් මෙතනින් පිවිස නැරඹීමට හැක. ඒ අතර මට කැමැත්තක් ඇතිවුණා මම ඉගෙන ගත්ත දේ තව කාටහරි කියලා දෙන්න. ඒ නිසා මම චැනල් එක පටන් ගත්තාග මාස 4ක පමණ කාලයක් තුළ ඉතා හොද ප‍්‍රතිචාර ලැබිම නිසා මම හිතනවා මගේ වැයම සාර්ථකයි කියලා. මම මෙයින් බලාපොරොත්තු වන්නේ හුදෙක් තව කෙනෙකුගේ දැනුම වැඩි කරගැනීමට උදව් කිරිමයි.



2.දැනට ශෙයාකර ඇති වීඩියෝ පිළිබද විස්තරයක්.


               මාගේ චැනලයේ දැනට ත‍්‍රිමාණ සජීවිකරණය, ග‍්‍රෑෆික් නිර්මාණකරණය සහවීඩියෝ සංස්කරණය ආදී විස්තරාත්මකව මුල සිට සරල සිංහලෙන් ඉදිරිපත්කර තිබෙනවා. අපගේ චැනලයට පිවිසුණු පසු ඔබට playlist යාමෙන් විවිධ කාණ්ඩයට අයත් මෘදුකාංග වර්ගීකරණය කරඇති අයුරු දැකගත හැකියි. එමගින් ඔබට පහසුවෙන් අවශ්‍ය කරන පාඩම් තෝරාගෙන බලන්න පුළුවන්.තවද ඔබට මෘදුකාංග පිළිබදව ගැටළු ඇතිවුවහොත් මාගේ Nuwan3D Facebook fan page එකෙන් විමසිය හැක.

Nuwan3d Tutorials චැනල් එක subscribe කර අලූත් වීඩියෝ Upload කල සැනින් ඔබට නැරඹීමට හැකියාව තිබෙනවා .


Viewing all articles
Browse latest Browse all 1805

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>