Quantcast
Channel: Aluth | Software Review, Download, Tech News
Viewing all articles
Browse latest Browse all 1805

IObit Uninstaller - Sinhala Review

$
0
0
http://www.aluth.com/2017/05/iobit-uninstaller-sinhala-review.html
අනවශ්‍ය ප්‍රෝග්‍රෑම් මුලුමනින්ම ඉවත් කරන්න මෘදුකා‍ගයක්.

පරිගණකයට අපි කොයි තරම්නම් මෘදුකා‍ංග, ඇප්ස්, ගේම් ස්ථාපනය කරනවද, අනවශ්‍ය වූ විටදී වින්ඩෝස් පරිගණකයක් නම් control

panel වෙත පිවිස program & features මගින් ඉවත් කරලා (uninstall)කරලා දානවා. එවිට ප්‍රෝග්‍රෑම් එක ඉවත් වෙලා යන ලෙස Box එකක් පෙන්වනවා. මෘදුකා‍ංගය Open කරන කරන අයිකන් එකත් අයින් වෙලා යනවා. හරි දැන් හිතන්නේ මෘදුකාංගය පරිගණකයෙන් ඉවත් කරා කියලා. සමහර මෘදුකාංග එසේ සම්පූර්ණයෙන් ඉවත් කරත්, අදවෙන විට නිපදවෙන මෘදුකා‍ංග සහ අනෙකුත් ප්‍රෝග්‍රෑම් එහෙම ලේසියෙන් Uninstall වෙන්නේ නෑ. ඒකට හේතු කිහිපයක් තිබෙනවා.
  • මෘදුකා‍ංගය නිපදවූ පුද්ගලයාට අවශ්‍ය මෙම මෘදුකාංගය මගින් අපගේ පරිගණකයේ ඇතුලත් දත්ත සහ අන්තර්ජාලය සමග අප සිදුකරන දේවල් Data Base එකක් මගින් ලබා ගැනීමට වෙන්න පුළුවන්. එවිට අපි නොදැනුවත්වම වෙනත් ප්‍රොග්‍රෑම් එකක් Run වෙන්න පුළුවන්.
  • අලුත් මෘදුකාංගයක් නම් එහි ඇතුලත් සියළු දේවල් ඉවත් වී යන ආකාරයෙන් නිර්මාණය කිරීමට මෘදුකාංගය Develop කරපු අයට නොහැකි වෙන්න පුළුවන්. එවිට සමහර ෆයිල් Program Folderතුල ඉතිරි වෙනවා. අනවශ්‍ය ඉඩකඩකුත් වැය වෙනවා.
  • එක් මෘදුකාංගයක ස්ථාපනය කිරීමේදී ටූල්බා, වෙබ් බ්‍රවුසර් එකට එකතුවෙන Adon, Extension ඉතිරි වෙලා මුල් මෘදුකංගය පමණක් ඉවත් වෙන්න පුළුවන්න.
  • තව දෙයක් තමයි බොහෝ මෘදුකාංග ස‍ංවර්ධකයින් විසින් අදාල මෘදුකාංගය ස්ථාපනය කරන විට අමතර තවත් මෘදුකාංගයක් හෝ දෙකක් ඉන්ස්ටෝල් වෙන්න සලස්වනවා.

වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියේ ඇති Uninstall Manager වැඩ සටහන අවතක්සේරු කරනවා නොවෙයි, එයට වඩා වැඩිකාර්යක්ෂම තාවයක්මේ IObit Uninstallerමෘදුකාංගය මගින් ලබාගන්න පුළුවන්.

බලන්න මෘදුකාංගයේ ස්ක්‍රීන්ශොට්.
 මෙතනින් පිවිස මෙම IObit Uninstallerමෘදුකා‍ංගය නොමිලේම බාගන්න. නිල වෙබ් අඩවියෙන් බානවනම් මෙතනින් පිවිසෙන්න.


Technical Details

  • Software Name : IObit Uninstaller
  • File size :11.3 Mb
  • Requirements :Windows All
  • License :Free
  • Publisher website : www.iobit.com

    Viewing all articles
    Browse latest Browse all 1805

    Trending Articles



    <script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>