Quantcast
Channel: Aluth | Software Review, Download, Tech News
Viewing all articles
Browse latest Browse all 1805

Tips to Speed Up Windows 10

$
0
0
http://www.aluth.com/2017/03/tips-to-speed-up-windows-10.html
මන්දගාමී වූවින්ඩොස් 10 පරිගණක වේගවත් කරමු.

වින්ඩොස් 10 භාවිතා කරන බොහෝ දෙනෙකුට තිබෙන ගැටළුවක් තමයි, කාලයක් යන විට මෙහෙයුම් පද්ධතිය මන්දගාමි වීම. මෙසේ වීමට බලපාන මූලික හේතු කිහිපයක් ඇත.

 ඒවා නම්, වින්ඩොස් Boot වනවිට වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක වීම, දෘඩ තැටිය තුළ ඇති ෆයිල් Fragments වී තිබීම. හාඩ්වෙයාවලට ක්‍රියාත්මක කිරීමට අසීරු ලෙස ඇපියරන්ස් හා අලංකාර යෙදුම් භාවිතා කිරීම, හාඩ් ඩිස්ක් එකේ ප්‍රී ස්පෙස් එක අඩු වීම වැනි මෙම හේතු නිසා මෙහෙයුම් පද්ධතිය මන්දගාමී වේ. පහත ක්‍රම මගින් වින්ඩොස් 10 මෙහෙයුම් පද්ධතියේ ක්‍රියාකාරීත්වය වැඩි කරගන්න පුළුවන්.

01.Startup
වැඩසටහන් සීමා කිරීම.

මේ සදහා ඔබ Task manager ඕපන් කරගත යුතුය. එ් සදහා Task barඑක මත රයිට් ක්ලික් කිරීමෙන් හෝ Ctrl + Alt + Delමගින්ද ඕපන් කරගත හැකිය. ඉන්පසු Startup ටැබ් එක මත ක්ලික් කරන්න. එහි name යටතේ දක්වා ඇති පරිදි පරිගණකය බූට් වීමේදී ක්‍රියාත්මක වන අනවශ්‍ය වැඩසටහන් තෝරා Disable බටන් එක ක්ලික් කරන්න.


02. Defragment කිරීම.

යම් යම් අවස්ථාවලදී අප විසින් පරිගණකයේ සේව් කරන ෆයිල් හාඩ් ඩිස්කයේ කොටස් වෙනවෙනම බෙදී විවිධ තැන් වල ගබඩා වෙන්න පුළුවන්. ඉතින් මේ ෆයිල් නැවත නැවත භාවිතා කරනකොට හාඩ් ඩිස්කය විසින් විසිරී ගිය ෆයිල් කොටස් එකතු කර ඔපන් කරයි. මේ නිසා වැඩි කාලයක් ගතවේ. මෙසේ දෘඩ තැටියේ Fragment වුනු ෆයිල් De-fragmentකිරීම සිදු කර යුතුය.  ඒ සදහා මුලින්ම C drive එක එනම් වින්ඩොස් ස්ථාපනය කර ඇති Partition එක මත රයිට් ක්ලික් කර Properties ක්ලික් කරන්න. එවිට එන වින්ඩොවු එකේ ඇති Tools ටැබ් එක ක්ලික් කරන්න.පසුව Optimize and de-fragment drive යටතේ ඇති Optimize බටන් එක ක්ලික් කරන්න.


03. හාඩ් ඩිස්ක් Cleanup කිරීම.

ඇතැම් විට හාඩ් ඩිස්ඩකයේ ඉඩ පිරී ගිය අවස්ථාවකදී ද පරිගණකය මන්දගාමී වේ. සාමාන්‍යයෙන් හාඩ් එකේ මුලු ඉඩෙන් 25%ක් වත් නිදහස්ව පැවතිය යුතුය.මේ සදහා පරිගණකයේ ඇති අනවශ්‍ය ෆයිල් ගොනු ඉවත් කිරීම, භාවිතා නොකරන මාදුකාංග ඉවත් කිරීම සිදු කළ යුුතුය.  අනවශ්‍ය මෘදුකාංග Uninstall කිරීමට Start ගොස් Setting වෙත යා යුතුය. ඉන්පසු එහි ඇති system අයිකන් එක මත ක්ලික් කර වම් පස ඇති Apps & featuresතෝරා ගත යුතුය.එහිදී ඔබට පරිගණකයේ ස්ථාපනය කොට ඇති සියලුම වැඩසටහන් ලැයිතුවක් සේ පෙන්වයි. දැන් ඉවත් කිරීමට අවශ්‍ය වැඩසටහන තෝරා ක්ලික් කරන්න.


04. ඇපියරන්ස් (Appearance windows)සැකසීම.

ඇපියරන්ස් සැකසීම සදහා මුලින්ම This PCඅයිකන් එක මත රයිට් ක්ලික් කර Propertiesතෝරාගන්න. අනතුරුව විවෘත වන වින්ඩොවු එකේ වම් පස ඇති Advanced System Settingsයන්න තෝරා ගන්න. දැන් විවෘත වන වින්ඩොව් එකෙහි Advanced ටැබ් එක සිලෙක්ට් වී තිබෙනු දැකිය හැකිය. එහි ඇති Performance යන්නට පහලින් තිබෙන Setting බටන් එක ක්ලික් කරන්න. එවිට විවෘත වන dialog boxඑක තුළ ඇති Adjust for best performanceයන්න සිලෙක්ට් කර ගන්න. ඉන්පසු මෙහෙයුම් පද්ධතියේ ලස්සනට යොදාගෙන ඇති විවිධ යෙදවුම් එනම් විවිධ සජීවිකරණ, සෙවනැලි , ආකර්ශනීය අයිකන් වැනිදෑ ක්‍රිියාත්මක වීම නතර කරයි. එමගින් පරිගණකයේ අනවශ්‍ය ලෙස භාවිතා වන රැම් ධාරිතාවද අවම කරගන්න පුළුවන්.

05.වයිරස්ගාඩ් භාවිතා කිරීම.
 

වයිරස් වැඩසටහන් නිසාද මෙහෙයුම් පද්ධතියේ ක්‍රියාකාරීත්වය අඩපණ ගැන්වේ. එමනිසා වින්ඩොස් 10 තුළ භාවිතා කළ හැකි හොදම වයිරස් ගාඩ් එක ලෙස ඔබගේ රැම්ධාරිතාවයට ගැලපෙන වයිරස්ගාඩ් එක බාවිතා කරන්න.

තවත් වින්ඩොස් 10 වේගවත් කරගන්න පුළුවන් ක්‍රම බලන්නපහත වීඩියෝව.
 


Viewing all articles
Browse latest Browse all 1805

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>