ෆේස්බුක් වීඩියෝවටත් වෙළෙඳ දැන්වීම් එයි.
වර්තමානයේ ලොව පුරා දක්නට ලැබෙනා ෆේස්බුක් පරිශීලිකයන යොදාගනිමින් ෆේස්බුක් මගින් දැවැන්ත ලෙසින් මුදල් උපයාගැනීම නොරහසක් නෙමෙයි.
මෙම නව ක්‍රමය යොදාගතහොත් ෆේස්බුක් සමාගමට ඒ මගින් පමණක් සිය ආදායමෙන් 55% ක් ආවරණය කරගැනීමට හැකිවනු ඇතැයි විශ්ලේෂකයින් පවසයි. මෙම අංගය ෆේස්බුක් වෙත එක් වුවහොත් ෆේස්බුක් වීඩියෝ නිර්මාණකරැවන්ටද යූටියුබ් හි මෙන්ම මුදල් උපයාගැනීමේ ක්‍රමවේදයක් නිර්මාණය වන නමුත්, එයට ෆේස්බුක් පරිශීලකයින්ගෙන් අයහපත් ප්‍රතිචාර එල්ලවීමේ හැකියාවක්ද තිබෙනා බව කිව යුතුවේ. කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීමෙන් ෆේස්බුක් සමාගම තවමත් වැළකී සිටී.

ලොව ප්‍රකට ව්‍යාපාරික වෙබ් අඩවියක් වන Business Insiderපෙන්වාදෙන පරිදි ෆේස්බුක් වෙළෙඳ ප්‍රචාරණයන් අතර අසන්නට ලැබෙන නවතම තොරතුර වන්නේ ෆේස්බුක් වීඩියෝවක් ධාවනය වීම ආරම්භ වූ පසුව ඒ තුළ වෙළෙඳ දැන්වීම් පළ කිරීම අත්හදා බැලීමට ෆේස්බුක් සමාගම කටයුතු කරමින් සිටින බවයි. සාමාන්‍යයෙන් යූටියුබ් හි දක්නට ලැබෙන ආකාරයේ වීඩියෝවක් ධාවනය වීමට පෙර දිස්වන වෙළෙඳ දැන්වීම් අද වනතුරුත් ෆේස්බුක් මගින් යොදාගෙන නොතිබුණි.