ඔබ කොහේ සිටියත් ප්‍රවාහන පහසුකම් සපයන PickMeසේවාව.
කෙටියෙන්ම කියනවානම් මේක ස්මාර්ට් ෆෝන් එකෙන් ටැක්සි බුක් කරන්න පුළුවන් සේවාවක්.
අපිට අවශ්‍යනම් Book Laterකියන එක ටැප්කරලා පස්සෙ වෙලාවකට වුණත් වාහනයක් බුක්කරලා තියාගන්න පුළුවන්. Book Nowකියන එක ටැප්කරලා ඊට පස්සේ Confirmකියන එක ටැප් කළාම අපිට අදාළ වාහනයේ හා රියදුරාගේ විස්තර ටික පෙන්වනවා. වාහනය අයිති කාටද ? කිලෝමීටරයට අයකරන ගාණ කීයද ? වගේ විස්තර ඔක්කොම බලාගන්න පුළුවන්.
![]()
Pick Meඑකක යද්දී මගියාගෙන් අමතර ගාණක් කැපෙන්නෙ නෑ. කෙලින්ම අදාළ ටැක්සි සමාගමෙන් තමයි එයාලා ගාණ අයකරන්නේ. ගොඩක් වෙලාවට පාරෙ යද්දි අත දාලා නගින ත‍්‍රීවීල්වලට වඩා Pick Me වල ගාණ අඩුයි. රියදුරාටත් එයාගේ ඇප් එකේ අපි ඉන්න තැන පෙන්වනවා. ගොඩක් වෙලාවට එයාලා එන්න කලින් අපට කෝල් එකක් දෙනවා. සමහර වෙලාවට අතුරු පාරවල් වගෙ ඒවා හරියට මැප් එකේ පෙන්වන් නැති නිසා කෝල් කරලා අහන එකත් හොඳයි. වාහනය අපි ඉන්න තැනට ආවාම අපිට SMS එකක් එනවා. ගොඩක් වෙලාවට රියදුරත් කෝල් එකක් දෙනවා. Pick Meඇප් එක ඇන්ඩ්‍රොයිඞ්, ඇපල් වගේම වින්ඩෝස් ෆෝන්වලටත් දාගන්න පුළුවන්. මෙතනින් Pick Meනිල වෙබ් අඩවියට පිවිස අැප් එක බාගත කරගන්න.
කෙටියෙන්ම කියනවානම් මේක ස්මාර්ට් ෆෝන් එකෙන් ටැක්සි බුක් කරන්න පුළුවන් සේවාවක්.
වැඩිපුරම තියෙන්නෙ ත්‍රීවීල් වුණාට නැනෝ කැබ්, සාමාන්‍ය කාර් හෝ වෑන් එකක් වුවත් බුක් කරගන්න Pick Me App එකෙන් පුළුවන්. මෙය අපේ රටේ තවම පටන් අරන් වැඩි කාලයක් නැතත් කොළඹ අවට ත‍්‍රීවීල් වල නිතර ගමන්-බිමන් යන අය අතර Pick Meදැනටමත් ගොඩක් ජනප‍්‍රියයි. ඔයාගේ නම, ෆෝන් නම්බර් එක වගේ දේවල් ඇතුල්කරලා එකපාරක් ලියාපදිංචි වුණාට පසු ඇප් එකෙන් ඔයා ඉන්න තැනට හෝ වෙනත් ස්ථානයකට ටැක්සියක් ගෙන්න ගන්න පුළුවන්. ස්ථානය හොයාගෙන ඒ කිට්ටුව මේ වෙලාවෙ තියෙන වාහන මොනවද කියලත් එයාලට අපි ඉන්න තැනට එන්න කොච්චර වෙලාවක් යනවද කියලත් අපට පෙන්වනවා. ටැක්සි සේවාව සපයන අයටත් මෙම සේවාව සමග ලියාපදිංචි වීමෙන් හයර් ලබාගන්න පුළුවන්.
මෙම සේවාව ක්‍රියාත්මකවන අාකාරය දැනගැනීමට පහත වීඩියෝව බලන්න.
මෙම සේවාව ක්‍රියාත්මකවන අාකාරය දැනගැනීමට පහත වීඩියෝව බලන්න.
