ඇපල් අයිෆෝන් 7සහ 7 Plusනිකුත්වෙයි.
අලුත් ඇපල් ෆෝන් එකේ ඔබ දැනගතයුතුම කරුණු.
ඇපල් අයිෆෝන් වලට ආදරය කරන සියළුදෙනාට ඊයේ රාත්‍රිය ඉතාමත් විශේෂයි.
ඒ මෙම වසරේ ඇපල් සමාගම විසින් නිකුත් කරන නව ස්මාර්ට් ජංගම දුරකතනය විශේෂ සජීවී වැඩ සටහනක් මගින් හදුන්වාදීමයි. බලන්න පහත වීඩියෝව.
![]()
![]()
![]()
![]()
![]()
අලුත් ඇපල් ෆෝන් එකේ ඔබ දැනගතයුතුම කරුණු.
ඇපල් අයිෆෝන් වලට ආදරය කරන සියළුදෙනාට ඊයේ රාත්‍රිය ඉතාමත් විශේෂයි.
ඒ මෙම වසරේ ඇපල් සමාගම විසින් නිකුත් කරන නව ස්මාර්ට් ජංගම දුරකතනය විශේෂ සජීවී වැඩ සටහනක් මගින් හදුන්වාදීමයි. බලන්න පහත වීඩියෝව.
මොනවද අලුතෙන් අයිෆොන් 7හි ඇතුලත් වෙන්නේ ?
- අයිෆොන් 7 Plusවලදී පිටුපස 12 Mpකැමරා දෙකක් ඇතුලත් අතර එකක් Telephoto කැමරා ලෙන්ස් එකකි. ඉදිරිපස සෙල්ෆි ගැනීමට 7 MPකැමරාවක්ද ඇතුලත් වෙනවා. ඒ අනුව telephoto කැමරා ලෙන්ස් එක මාර්ගයෙන් 10x zoomකොට ඡායාරූප ඉතා පැහැදිලිව ලබාගත හැක. එමෙන්ම DSLR කැමරාවල පැමිණෙන පුද්ගල ඡායාරූප ගැනීමේදී පිටුපස බොඳ වන තාක්ෂණය පළමුවරට ජංගම දුරකතනයක් සඳහා හඳුන්වා දීමට ඇපල් සමාගමට හැකිව තිබේ.

- අයිෆෝන් 6Sවලට වඩා වැඩි කාලයක් පවතින බැටරිය.

- රැහැන් රහිත AirPods 2ක් හදුන්වාදීම.
( මෙය ආරෝපණයෙන් පසු පැය 5 ක කාලයක් ක්‍රියාත්මක වේ )

මෙය ඇපල් අයිෆෝන් සඳහා අලුත් උපාංගයක් වූ අතර වීඩියෝවකින් හදුන්වාදුන්නේ මෙලෙසයි.
- 3.5mm Audio Jack portඑක අයිෆෝන් 7සහ 7 Plusවලදී දක්නට නොලැබෙයි. Ear Phoneසම්බන්ධ කරන්නේ Data Cable Port එකටමයි. ඒ සදහා විශේෂ Audio Cableඑකක් හදුන්වාදී තිබෙනවා.


- Four-Core ප්‍රොසෙසරයක් සහ A10චිප් සෙට් එකක් අඩංගු වෙනවා. 6sවලට වඩා 40%ක් වේගවත්ය. තවද මෙහි විශේෂත්වය වන්නේ ඉතාම මෙය ක්‍රියාත්මක වීම සඳහා ඉතාම අඩු බැටරි බලයක් අවශ්‍ය වීමයි.
- අයිෆෝන් 6s හි තිබු රෙටිනා HD තිරයේ දීප්තිය 25%වැඩිකොට තිබේ.
- අයි ෆෝන් 7 හි ධාරිතාවය දෙගුණ කොට තිබේ. ඒ අනුව දැන් ඔබට අයි ෆෝන් 7මිලදිගනු හැක්කේ 32gb, 128gb, 256gbයන ධාරිතා වලිනි.
- නව අයි ෆෝන් 7 ජලයට හා දූවිල්ලට ඔරොත්තු දේ.
- ඇපල් අයි ෆෝන් නව හෝම් බටනය දැන් Tapatic Engineඑකක් සමග පැමිණේ. ඒ අනුව වෙනදාටත් වඩා වැඩි කාර්යන් කොටසක් සඳහා හෝම් බටනය සකසා ගත හැක.
අයෆෝන් 7ලෝක වෙළඳපොල තුල $649ක් ද iPhone 7 Plus $769ලෙස ඇපල් වෙබ් අඩවිය විසින් දක්වා තිබෙනවා. එතෙක් මෙතෙක් ඉතිහාසයේ ඇපල් සමාගම විසින් නිර්මාණය කළ හොඳම සහ බලවත්ම ජංගම දුරකතනය ලෙස එම සමාගම නම් කරන්නේ මෙම නවතම iphone 7සහ iphone 7 plusදුරකතනයන් දෙකයි.