
මේ වනවිට අපේ රට තුල අන්තර්ජාලය තුල සිංහල භාවිතය ගොඩක් වැඩි වෙලා තියෙනවා. ඒ සිංහල අකුරු යොදාගෙන් ග්‍රැෆික් ඩිසයින් සිදුකරන
ආයතන වල බහුලව බාවිතයට ගන්නා සිංහල ෆොන්ට් සෙට් එකක් ලෙස ඉසි අකුරු හදුන්වා දෙන්න පුළුවන්. ලංකාවේ දැනට නිර්මානය වී ඇති ලස්සනම අකුරු ඇත්තේ මෙම ඉසි ෆොන්ට් වල කියලා දන්නවානේ. ඉතින් මෙම අකුරු යොදාගෙන විවිධ ග්‍රැෆික් නිර්මාණයන් කරන අයට වටිනා ටූල් එකක් ලෙස KDJ Singlishහදුන්වාදෙන්න පුළුවන්.
ඉසි ෆොන්ට් එක පාවිච්චි කරන ආධුනිකයන්ට තියෙන ලොකුම ගැටළුව තමයි විජේසෙකර කීබෝඩ් Layout එක සමග Type කරන්න බැරිකම. ඒ කියන්නෙ සමාන්යවයෙන් FM Bindumathi, FM Basuru වලින් ටයිප් කරනවා වගේ අකුරු ටයිප් කරන්න බැරි එක. ඉතින් ඒ ගැටලුවට ඉතාමත්ම කඩිනම් සහ 100% නිවැරදි තාවයකින් යුතු Online Version එකක් ලෙස මෙය ක්‍රියාත්මක වෙනවා. මේ KDJ Singlish වෙබ් අඩවිය භාවිතා කරලා ඔයගොල්ලන්ට මැසේජ් ටයිප් කරන විදිහට (Singlish)ඉසි ෆොන්ට් ලෙහෙසියෙන්ම ටයිප් කරන්න පුළුවන්. බලන්න තිර ඡායාරූප.
ඔයගොල්ලන්ට මතකනම් කලින් Posts වලත් අපි දෙපාරක්ම KDJ Singlishගැන කතා කරල තියෙනවා. ඒ Singlish වලින් Type කරලා සිංහල යුනිකෝඩ් සහ සිංහල ෆොන්ට්ස් (Wijesekara Layout Related) වලට හරවගන්න. සරලව මතක තියගන්න පුළුවන් විදිහට කෙටි URLsද මෙහි ඔබට බලාගත හැක.
එසේනම් ඉසි ෆොන්ට් ඔන්ලයින් පහසුමක සඳහා මෙතනින් KDJ වෙබ් පිටුවට පිවිසෙන්න.
විශේෂයි : දැනට ඉසි ෆොන්ට් සඳහා Online Versionඑක පමණක් වුවත් ඉදිරියේදී Offline Versionඑකටද (Updateඑකක් ලෙස)ඉක්මණින්ම ලබාදෙන බවට මෙය නිර්මාණය කල Kavindu Dilshanවිසින් ප්‍රකාශ කර තිබෙනවා.