Quantcast
Channel: Aluth | Software Review, Download, Tech News
Viewing all articles
Browse latest Browse all 1805

Li-Fi Technology Sinhala Guide

$
0
0
අප වෙබ් අඩවියට වැඩියෙන්ම පැමිණෙන්නේ පරිගණක තාක්ෂණයට කැමති සහ ඒ ආශ්‍රිතව වෘතීය වශයෙන් නියැලෙන පිරිසයි.  අන්න ඒ අය අනිවර්‍යයෙන් අනාගතයේ පැමිණෙන නව තාක්ෂණය ගැන දැනගත යුතුයි. අද අප ඔබට මෙම ලිපියෙන් හදුන්වාදෙන්නේ අනාගතයේ පැමිණෙන Li-Wi තාක්ෂණය ගැනයි. අපි කරුවුත් දන්නා වර්තමානයේ බාවිතාවෙන වයිෆයි තාක්ෂණයට සමාන නමුත් බාවිතාවෙන තාක්ෂණය සහ performance හාත්පසින්ම වෙනස් වෙනවා. Li-Fi තාක්ෂණය ගැන සිංහලෙන්ම දැනගමු.

අප වෙබ් අඩවියට වැඩියෙන්ම පැමිණෙන්නේ පරිගණක තාක්ෂණයට කැමති සහ ඒ ආශ්‍රිතව වෘතීය වශයෙන් නියැලෙන පිරිසයි.

අන්න ඒ අය අනිවර්‍යයෙන් අනාගතයේ පැමිණෙන නව තාක්ෂණය ගැන දැනගත යුතුයි. අද අප ඔබට මෙම ලිපියෙන් හදුන්වාදෙන්නේ අනාගතයේ පැමිණෙන Li-Wi තාක්ෂණය ගැනයි. අපි කරුවුත් දන්නා වර්තමානයේ බාවිතාවෙන වයිෆයි තාක්ෂණයට සමාන නමුත් බාවිතාවෙන තාක්ෂණය සහ performance හාත්පසින්ම වෙනස් වෙනවා. 

මොකද්ද ඇත්තටම මේ Li-Fiකියන්නේ ?

                       Wireless තාක්ෂණයේ මීළඟ පෙරළිකාරයා විදියට හඳුන්වන්න සුදුසුම තාක්‍ෂණයක් තමයි මේ Li-Fiකියන්නේ. කෙටියෙන් Li-Fi නමින් හඳුන්වන මෙයින් අදහස් වෙන්නේ Light Fidelityකියන තාක්‍ෂණය. සරලවම කියනවානම් Li-Fi කියන්නේ දත්ත සම්ප්‍රේෂණ මාධ්‍යක්, එහෙමත් නැත්නම් data transmission mediumඑකක් විදියටත් හඳුන්වන්න පුලුවන්. විශේෂත්වය තමයි මෙහිදී දත්ත සම්ප්‍රේෂණය සිද්ධ වෙන්නේ Light Emmitting Diodes (LEDs) භාවිතයෙන්. ඒ නිසාවෙන්ම මෙය Visible Light Communications (VLC) පද්ධතියක් විදියටත් හඳුන්වනවා. Li-Fi තාක්ෂණයේ නිර්මාතෘ විදියට සළකනු ලබන්නේ එක්සත් රාජධානියේ Edinburgh විශ්ව විද්‍යාලයේ මහාචාර්ය Harald Haasමහතා.



කොහොමද මේ Li-Fiක්‍රියාත්මක වෙන්නේ ?

                    බොහෝ අවස්ථාවලදී wireless data transmission ගැන කතා කරද්දී අපිට මුලින්ම මතකයට නැගෙන්නේ රේඩියෝ තරංග. නමුත් කලින් සඳහන් කළ ආකාරයට මෙහිදී දත්ත සම්ප්‍රේෂණය සඳහා යොදා ගනු ලබන්නේ ආලෝක තරංග. මෙහිදී ආලෝක තරංග නිකුත් කිරීම සඳහා LED විදුලි බුබුළු යොදා ගැනෙන අතර ආලෝක තරංග ප්‍රතිග්‍රහණය කිරීම සඳහා යොදා ගනු ලබන්නේ photoreceptors. Li-Fi පද්ධතියේ මූලිකම උපාංග විදියටත් හඳුන්වන්නේ මේ ඉහළ දීප්තියක් සහිත LED විදුලි බුබුළු සහ එම ආලෝකය ප්‍රතිග්‍රහණය කරගැනීම සඳහා යොදා ගන්න photo-receptor එක වන silicon photodiodes.නැනෝ තත්පර ගණනක් තුළදී මේ LED බුබුළු දැල්වීමට සහ නිවීමට සැලැස්වීමෙන් Visible Light Communication (VLC) signals නිර්මාණය කෙරෙනවා. මේ ක්‍රියාවලිය හරහා සාර්ථක ලෙස 1සහ 0ඇතුළත් විවිධ digital stringsසන්නිවේදනය කිරීමට අවස්ථාව සැලසෙනවා.




Li-Fi තාක්ෂණයේ වැදගත්කම මොන වගේද ?

                Wi-Fi සහ Li-Fi කියන මේ තාක්ෂණයෙන් දෙකම භාවිතා කරන්නේ විද්‍යුත් චුම්භකත්වය උපයෝගී කරගෙන. නමුත් Li-Fi තාක්ෂණය ආලෝක තරංග යොදා ගැනීම නිසා රේඩියෝ තරංග යොදා ගන්න Wi-Fiවලට වඩා Li-Fiඉතාමත් වේගවත්. ඒ විතරක් නෙවෙයි, තවත් විශේෂ කාරණාවක්! යම් හේතුන් නිසා රේඩියෝ තරංග යොදාගත නොහැකි ප්‍රදේශ වලට, (උදාහරණයක් විදියට අධික විකිරණශීලි පරිසර සහිත රසායනාගාර ආශ්‍රිතව) කිසිම ගැටලුවකින් තොරව Li-Fiයොදා ගත හැකි වෙනවා. මේ වාසිදායක තත්වයන් නිසාම ඉතාමත් සාර්ථක ලෙස අධ්‍යාපන, සෞඛ්‍ය, ප්‍රවාහන, විද්‍යා හා පර්යේෂණ ආදී වූ ඕනෑම ක්ෂේත්‍රයක ඉතාමත් සාර්ථකව Li-Fiයොදා ගත හැකි වෙනවා.


🖊 Post by Sandali Siriwardane


Viewing all articles
Browse latest Browse all 1805

Trending Articles