Quantcast
Channel: Aluth | Software Review, Download, Tech News
Viewing all articles
Browse latest Browse all 1805

What is CISCO - Sinhala Guide

$
0
0
කෙටියෙන්ම කියනවනම් CISCO කියන්නේ networking ලෝකේ බලවතා. ඒ කියන්නේ හරියට apple කියන්නේ mobile phone ලෝකේ බලවතා වගේ CISCO කියන්නේ networking field එකේ ඉන්න ඕනි කෙනෙක්ගේ සිහින company එක කියන්න පුළුවන්. CISCO company එක ප්‍රධාන වශයෙන්  කරන්නේ networking devices, telecommunication equipment හදන එක සහ high-technology services provide කරන එක  කියල කියන්න පුළුවන්. CISCO company එක පිහිටලා තියෙන්නේ ඇමරිකාවේ කැලිෆෝනියා වල.CISCO කියන්නේ මොකද්ද ?

IT කියන්නේ දැන් ලංකාවේ තියන trendingම මාතෘකාව කියල කවුරු හරි කිව්වොත් ඒකෙ ලොකු වැරද්දක් නැහැ. Google trendsවලට ගිහින්

C, C++, Java, HTML, CSS, Android මේ වගේ IT relatedවචන බැලුවොත් හුගක් වෙලාවට list එකේ උඩම ලංකාව ඉන්නවා. C, C++වගේ වචන වලට උඩම ඉන්නේ අපේ මේ පුංචි රට. ඉතින් මන් හිතන්නේ ලංකාවේ කාලෙන් කාලෙට එක එක trends ආවට ලංකාවේ තියන most trendingමාතෘකාව IT කියල තමා. ඒ විතරක් නෙවෙයි ලංකාවේ IT faculties, IT coursesතියන තරමෙන්ම ලංකාවේ අපිට තියන IT පිස්සුව හොදට තේරෙනවා. ඒ කොහොම උනත් ලංකාවේ IT fieldඑක කිවුවම හැමෝගෙම ඔලුවට එන දේ තමා Software Engineer කියන වචනය. හැබැයි ලෝකේ තියෙන්නේ Software Engineeringවිතරද? ලංකාවේ ඉන්නේ Software Engineersල විතරද? අන්න ඒ ප්‍රශ්නෙට නිසි පිළිතුරක් මෙම ලිපියෙන් අපි ඔබවෙත ගෙන එනවා.

ලංකාවේ තියෙන්නේ Software Engineering විතරද කියල. නැහැ  ලංකාවේ SE ඒ  කිව්වේ Software Engineeringවලට අමතරව වෙනත් IT related fieldවල අති   දක්ෂයෝ ඉන්නවා. කොහම උනත් ලංකාවේ IT කිව්වම අපේ ඔලුවට එන්නේ SEතමා.  NetHack වලින් කතා කරන්නේ IT fieldඑකේ තියන වැදගත්ම කොටසක් වන Networking ගැන. එකෙත් ගොඩක්ම දුරට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ CISCO certifications ගැන. ඔයා networkingවලට අලුත් කෙනෙක්නම් මේක ඔයාට ටිකක් අමුතු ඇති. CISCO කියන වචනේ ඇහුවෙත් සමහරවිට අදම වෙන්න පුළුවන්. එත් මේ post එක හොඳට මුල ඉඳන් අගටම කියෙව්වොත් ඔයාට CISCO certifications ගැන හොඳ දැනුමක් ගන්න පුළුවන් වෙයි කියල අප විශ්වාස කරනවා.

කෙටියෙන්ම කියනවනම් CISCO කියන්නේ networking ලෝකේ බලවතා. ඒ කියන්නේ හරියට apple කියන්නේ mobile phone ලෝකේ බලවතා වගේ CISCO කියන්නේ networking fieldඑකේ ඉන්න ඕනි කෙනෙක්ගේ සිහින company එක කියන්න පුළුවන්. CISCO companyඑක ප්‍රධාන වශයෙන්  කරන්නේ networking devices, telecommunication equipment හදන එක සහ high-technology services provideකරන එක  කියල කියන්න පුළුවන්. CISCO company එක පිහිටලා තියෙන්නේ ඇමරිකාවේ කැලිෆෝනියා වල.


එතකොට මේ ඇමරිකාවේ තියන company එකක් ගැන කිවුවට අපිට වැඩක් නැහැනේ කියල ඔයාලට හිතුන වෙන්න පුළුවන්. ඔවු හැබැයි මේ CISCO company එක certificateඑකක් issue කරනවා. හරියට Java වලට Oracle certificateතියනවා වගේ. එකක් කිවුවට CISCO certificate  ගොඩක් issue කරනවා. මේ CISCO certificate එකක් තියන කෙනෙක් වෙනවා කියන්නේ networking industryඑකේ ඉතා ඉහල පිළිගැනීමක් තියන කෙනෙක් වෙනවා කියන එක. හරි අපි දැන් බලමු මොනාද මේ CISCO issue කරන certificate කියල.


CISCO certificate issueකරන ප්‍රධාන path 10ක් තියනවා.

1. Cloud
2. Collaboration
3. Cyber Security Operations
4. Data Center
5. Design
6. Industrial
7. Routing and Switching
8. Security
9. Service Provider
10. Wireless

මේ හැම path එකේම එක එක level තියනවා. හුගක් වෙලාවට level 3ක් තියනවා. level 4ක් තියන ඒවත් තියනවා. ඒ කියන්නේ හරියට NVQ certificateවගේ. එක එක course තියනවා වගේම ඒවාට එක එක level තියනවා. NVQ-3 , NVQ-4 වගේ.

මෙතනින් පිවිස ඔබට certificate පිළිබද වැඩි විස්තරයක් ලබාගන්න පුළුවන්. මේ certificate අතරිනුත් වැඩියෙන්ම මිනිස්සු කරන certificate එක තමා Routing and Switching certificateඑක.  ලංකාවේ මේ course එක කරන්න තැන කිහිපයක්ම තියනවා. එත් ඒ දේවල් ඉගනගන්න තියන සිංහල resources ඉතාම අඩුයි. ඉදිරි ලිපි මාලාවකින් CISCO Routing and Switchingගැන අපි කතා කරනවා. දැන් බලමු අපි කොහොමද මේ certificate එකක් ගන්න ආකාරය. ලංකාවේ CISCO courseඑකක් කරන්න පුළුවන් තැන කිහිපයක්ම තියනවා. මම මේ අයගේ website වල link පහලින් සඳහන් කරන්නම්.
මේ තැන් වලට අමතරව ඔයාල දන්නා තව තැන තියනවනම් අනිත් යටත් බලාගන්න පහලින් comment කරගෙනම යන්න. හැබැයි මේ තැන්  වලට ගියා කියල ඔයාලට CISCO certificateඑකක් ගන්න බැහැ. මොකද මේ කාටවත් බලයක් නැහැ certificateඑක issue කරන්න. මේකත් හරියටම අපි ඒ ලෙවල් කරනවා වගේ.  මම එහෙම කිවුවේ අපි ඒ ලෙවල් වලට ඉගන ගන්න private classයනවනේ.  හැබැයි ඒ class වල සර්ලට බැහැනේ අපිට ඒ ලෙවල් certificate එක දෙන්න. මේකත් ඒ වගේ තමා. අපි ඔය උඩ සඳහන් කරලා තියන තැන වලට ගිහිල්ල ඉගන ගත්තට අපිට CISCO companyඑකෙන් දෙන exam එක කරන්න සහ ඒ exam pass වෙන්න ඕනෙ CISCO certificateඑක ගන්නනම්.

හැබැයි මේ exam හිතන තරම් ලේසි exam නම් නෙවෙයි. හැබැයි ඔය මහන්සි වෙලා වැඩ කරනවානම් එච්චර අමාරුවකුත් නැහැ. ඔයාට එක එක level වලට වෙන වෙනම exam කරන්න වෙනවා. උඩ imageඑකේ තියන විදිහට  සාමාන්යෙන් එක path එකක level 3ක් තියනවා. අපි CISCO Routing and Switchingඋදාහරණයට ගම්මුකො. එකේ ප්‍රධාන වශයෙන් level 3ක් තියනවා.

* CCNA - CISCO Certified Network Associate 
* CCNP - CISCO Certified Network Professional
* CCIE - CISCO Certified Internet-work Expert

ඔය ටික තමා level 3.එතකොට ඔය හැම level එකටම exam තියල ඒක pass වෙන අයට තමන්ගේ නමට යටින් ඔය certificate එකේ නම දාගන්න පුළුවන්. Level 3ක් කිවුවට Routing and witching වලට නම් තව entry levelඑකකුත් තියනවා. ඒ CCENT.එක තමන් කැමතිනම් කරන්න පුළුවන්. Level 3ක් කිවුවට ඔයාගේ නමට value එකක් add වෙන්න level 3ම කරන්න ඕනි කියල කතාවක් නැහැ. CCNA exam එක pass වෙනවා කියන්නෙත් සැලකියයුතු තරම් ලොකු දෙයක්. උදාහරණයක් විදිහට ඒක ලංකාවේ විදිහට ඔයා උසස් පෙළ pass උනා වගේ සලකන්න පුළුවන් අපිට. 


ඊට පස්සේ CCNP එක degreeඑකක් ගත්ත වගෙත් CCIE එක PhD එකක් ගත්ත වගෙත් සලකන්න පුළුවන්. එතකොට ඔයාට තේරෙනවනේ මේ certificate එකේ තියන වටිනාකම. ඔයා සාමාන්‍යපෙළ පවා fail උන කෙනෙක් උනත් ඔයාට CCIE levelඑකට එන්න පුළුවන් කියන්නේ ඔයා PhD එකක් ගත්ත කෙනෙක් වගේ තමා. මොකද ඔයා exam එක කරන්න යද්දී එයාල කවදාවත් ඔයාගේ A level certificateඑහෙම බලන්නේ නැහැ. ඔයාට exam එක pass වෙන්න පුලුවන්නම් එච්චරයි.

ඊළඟට exam තියන විදිහ ගැන කතා කතා කලොත් මේකේ ලියන exam වගේම lab exam තියනවා. ඒ කියන්නේ තේරෙන විදිහට කියනවනම් practical තියනවා කියන එක. මම ඉදිරියට කතා කරන්න බලාපොරොත්තු වෙන Routing and Switchingවල exam ගැන කතා කලොත් CCNA level එකේදීනම් ඔයාට තියෙන්නේ ලියන exam එකක් විතරයි. CCNP වලදීත් එහෙමයි. ඔයාට lab examතියෙන්නේ CCIE levelඑකේදී. CCIE වලදී ඔයාට ලියන examවගේම lab examඑකකුත් තියනව. තව විස්තර කරනවානම් CCNP levelඑකේදී exam 3ක් තියනවා.

* Routing
* Switching
* T-Shoot (Trouble Shoot)

ඔය විදියට තමා examතියෙන්නේ. exam තියන විදිහ ගැන කතා කලේ හුඟක්ම කෙටියෙන්. ඊළඟ ලිපියෙන් exam තියන විදිහ, exam fess, exam වලට ලෑස්ති වෙන විදිහ තව exam වලට registerවෙන විදිහ සහ CCNA පාඩම් මාලාවෙන් අපි එහෙනම් ඊළඟ ලිපියෙන් හමුවෙමු.


Viewing all articles
Browse latest Browse all 1805

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>