ලංකාවේ Classical බයික් වලට ආදරය කරන අයට සුසිකි සමාගම විසින් මෙම යතුරුපැදිය වෙළඳපොලට නිකුත්කරනවා.
154.9cc (14.59 bhp @ 8000 rpm 4-stroke, 1-cylinder) එංජිම් ධාරිතාවයකින් යුතු මෙය ගියර් 5කින් යුක්තයි. විශේෂයෙන් මෙවැනි CRUISER RIDING POSITION මාදිලියේ යතුරුදියක් වූ Bajaj Avengerසඳහා මෙය ඉතාමත් හොඳ තරගයක් ලබාදෙතැයි අපට කිවහැකියි. බලන්න හදුන්වාදෙන නිල වීඩියෝව.
තෙල් ටැංකිය 11L වන අතර ලීටරයකට 44KMක් පමණ දුවන්න පුළුවන්. ඉදිරිපස සහ පිටුපස රෝද සඳහා Disk breakතිරිංග පද්ධතියක්ද, ABS Break පද්ධතියක් බාවිතා වේ. Air Cool මගින් එංජිම සිසිලනය වෙනවා. යතුරුපැදිය පන ගැන්වීම Self Start පමණක් ඇතුලත් වෙනවා. 148kg ක් බරින් යුතු අතර දිග 2130 mmක්ද, පළල 805 mm ද වෙනවා. Tubless ( Front :100/80-17 Rear : 140/60-R17 )ටයර් පැමිණෙනවා. තෙල් ලබාදීම Carburetor / Fuel Injectionයන දෙවරගයෙන් සමන්විතයි. බලන්න යතුරුපැදියේ ඡායාරූප කිහිපයක්.






තෝරාගැනීමට කළු සහ අළු වර්ණ දෙකකින් මෙය පැමිණෙනවා. දැනට වෙළඳපොලට හදුන්වාදෙන මිල රු.430,000ක් පමණ වෙනවා. අපි කලින් ලිපියකින් හදුන්වාදුන් Yamaha Fz 250ccගැන දැනගන්න මෙතනින් පිවිසෙන්න.