Quantcast
Channel: Aluth | Software Review, Download, Tech News
Viewing all articles
Browse latest Browse all 1805

Bottleneck - PC Upgrade Sinhalese Guide.

$
0
0
කොටස් එකින් එක එකලස් කරලා පරිගණකයක් නිපදවීම තමයි ඇසෙම්බල් කරලා පරිගණකයක් හදනවා කියන්නේ. සාමාන්‍යයෙන් උපරිම මිල තිබෙන කොටස් මිලදීගෙන එකලස් කලොත් තමන් හොඳ පරිගණකයක් නිපදවා ඇති බව බොහෝ දෙනා සිතනවා. ඒත් ඇත්තටම ඒක ඒක එහෙම වෙන්නේ නෑ. තමන්ගේ මව් පුවරුව මගින් උපරිම performance ලබාගන්න නම් එයට ගැලපෙන කොටස් මිලදී ගැනීමට අවශ්‍යයි. එසේ නොගැලපෙන කොටස් සවිකර නිර්මාණය කරන පරිගණකවල කාර්යක්ෂමතාවය මන්දගාමී වීම තමයි Bottleneck කියන්නේ.
ඇසෙම්බල් කරලා PC හදන අය දැනගතයුතු Bottleneck.

කොටස් එකින් එක එකලස් කරලා පරිගණකයක් නිපදවීම තමයි ඇසෙම්බල් කරලා පරිගණකයක් හදනවා කියන්නේ.

සාමාන්‍යයෙන් උපරිම මිල තිබෙන කොටස් මිලදීගෙන එකලස් කලොත් තමන් හොඳ පරිගණකයක් නිපදවා ඇති බව බොහෝ දෙනා සිතනවා. ඒත් ඇත්තටම ඒක ඒක එහෙම වෙන්නේ නෑ. තමන්ගේ මව් පුවරුව මගින් උපරිම performance ලබාගන්න නම් එයට ගැලපෙන කොටස් මිලදී ගැනීමට අවශ්‍යයි. එසේ නොගැලපෙන කොටස් සවිකර නිර්මාණය කරන පරිගණකවල කාර්යක්ෂමතාවය මන්දගාමී වීම තමයි Bottleneck කියන්නේ.


මේක සරල විදිහට පෙනුනට අර්ථදක්වන්න ගිහාම පැති කිහිපයක් තියනවා 
සරලව කිව්වොත් Unbalance pcඑකක් නිසා තමයි bottleneck හැදෙන්නේ. bottleneck කියන එක සිංහලෙන් ගත්තොත් "බෝතල් කට"කියන එකනේ. කඩේ තියන වතුර බෝතලයක් අරන් මුඩිය ඇරලා බෝතලේ අනිත් පැත්ත හැරෙව්වොත් අපිට යම් කාලයක් බලන් ඉන්න වෙනවා ඇතුලේ තියන වතුර එලියට එනකල්. මොකද බෝතලේ ප්‍රමාණයට සාපේක්ෂව බෝතලේ කට පොඩි නිසා. නමුත් ජෑම් බෝතලයක් වගේ බෝතලේ ප්‍රමාණයටම බෝතලේ කටත් තියනවනම්. එහෙනම් බෝතලේ අනිත් පැත්ත හරවපු ගමන් ෂණිකව වතුර ටික එලියට වැටෙනවා කිසි පරක්කුවක් නැතුව. ඔන්න ඕකම තමා bottleneck තියන pc එකක සහ bottleneck අඩු pc එකක වෙනස පලවෙනි කාරණය තමයි pc එකක 100%ක් bottleneck නැති කරන්න බෑ. මේක කියවද්දී තේරෙයි ඇයි ඒ කියලා.

PC එකේ තියන එක කොටසක් හෝ කොටස් කිහිපයක් නිසා PCඑකේ අනිත් කොටස් වලට ඒවගේ සම්පුර්ණ කාර්යක්ෂම තාවයෙන් වැඩකරන්න නොහැකි වීම නිසා සම්පුර්ණ PC එකම අඩු කාර්යක්ෂම තාවකින් වැඩකරන එක තමා bottleneck එකක් විදිහට හදුන්වන්නේ. හරියට මුලින් කියපු වතුරබෝතලේ කට පොඩි නිසා බෝතලේ ලොකු උනත් වතුර එලියට එන්න වැඩිවෙලාවක් යනවා වගේ , ඒ එක අර්ථ දැක්වීමක්. අනිත් එක තමයි මුළු PC එකම නිසා මොකක්හරි එක කොටසකින් අපිට උපරිම ප්‍රයෝජනය ගන්න නොහැකි වීම.
  • Core2 Quad 
  • DDR3 8GB ram
  • G41 Motherboard 
  • 500W PSU
  • GTX 960 gpu

උඩ තියන PC එකේ තියන ප්‍රධානම Bottleneck එක මොකද්ද අදුරගන්න පුලුවන්ද එතන bottleneck කිහිපයක් තිබුනත් ප්‍රධානම එක තමයි G41 Motherboardඑක සහ GTX 960 GPUඑක අතර තියන bottleneck එක.
 හේතුව තමයි G41 Boardඑකේ තියෙන්නේ PCI Express 1.1 කියන ස්ලොට් එක, ඒත් 960 GPUඑක PCI Express 3.0 වලට තමයි හදල තියෙනේ මේ නිසා මේ GPU එක මේ Motherboard එකේ වැඩකරත් ලොකු performance අඩුවීමක් වෙනවා. 
ඉතින් මෙතන තියන අසමතුලිත බව නැතිකරන්නනම් එක්කෝ මේ 960 GPUඑක වෙනුවට 750ti එකක් දාන්න පුළුවන්. නැතිනම් motherboard එක මාරුකරන්න වෙනවා. දෙවෙනි ක්‍රමයට ගියොත් motherboard එකත් එක්කම processor එකත් මාරුකරන්න වෙනවා මොකද Core2 Quadකියන්නේ LGA 775 සොකට් එක තියන ප්‍රොසෙසර් එකක්. ඉතින් අලුත් PCI E 3.0 තියන board එකක් ගත්තොත් ඒ බෝඩ් එකේ ප්‍රොසෙසර් සොකට් එක වෙනස් මොකද PCI Express 3.0තියන LGA 775 මදර්බෝඩ් නිර්මාණය උනේ නෑ. ඉතින් උඩ තියන PC එකේ අසමතුලිත තාවය නැතිකරන්න තියන ලාබදායිම පහසුම විදිහ තමයි GPU එක මාරු කරන එක. අපේ අය ගොඩක්ම මේ Bottleneck හදාගන්නේ PC upgradeකරන්න යද්දී. මෙහෙම හිතන්නකෝ ගොඩක් අය ලොකු කැමැත්තක් තියනවා GPU එකක් ගද්දි capacity එක නැත්තම් ගිගාබයිට් ගැන වැඩි එකක් ගන්න. ඒ කියන්නේ මෙහෙම හිතන්නකෝ,
  • Radeon RX 480 4GB
  • Radeon RX 480 8GB

මේ කාඩ් දෙකෙන් ගොඩක් අය ගන්න කැමතියි 8GB එක. එත් කවදාවත් ගොඩක් අය නොහිතන දෙයක් තමයි මේ 8GB කියන VRAM එක භාවිතා වෙන විදිහේ වීඩියෝ ප්‍රොසෙස් එකක් තමන්ගේ PC එකේ සිද්දවෙනවද කියන දේ. උදාහරණයකට Intel Pentium G4560වගේ. නැත්තම් i3 වගේ PC එකකට 8GB වගේ ලොකු VRAM එකක් තියන GPU එකක් වැඩක් නෑ. මොකද ඒ තරම් ලොකු ග්‍රැෆික් එකක් ප්‍රොසෙස් කරන්න තරම් PC එක ප්‍රමාණවත් නෑ.  ඉතින් අන්න ඒවගේ වෙලවටත් එතන හැදෙන්නේ bottleneck එකක් තමයි වෙනස තියෙන්නේ අපිට ඒක පෙනෙන්නේ නෑ. එත් වෙලාතියෙන්නේ මුළු PC එකම නිසා GPU එකට ක්‍රියාත්මක වෙන්න තියන අවකාශය පටුවෙලා.

ඒ නිසා PC එකක් අලුතින්ම Assemble කරද්දී හෝ පරණ PC එක Upgrade කරද්දී තමන් කරනදේ ගැන හොද වැටහීමකින් කරන එක තමයි හොද නැත්තම් සිද්දවෙන්නේ නිරපරාදේ මුදල් නස්තිවිමක් විතරයි. නිතරම අලුතින් දෙයක් ගද්දි ඒක PC එකේ අනිත් උපාංග එක්ක ගැලපෙනවද කියල බලන්න. PC එකක් නිතරම සමතුලිත මට්ටමේ තියෙන්න ඕනේ. මේ මොනදේ කරත් අපිට PC එකක Bottleneck සම්පුර්ණයෙන්ම නැතිකරන්න බැරි වෙන්නේ අපේ storage deviceනිසා. අපේ PC එකේ ප්‍රොසෙසර් එක වැඩකරන වේගයට සාපේක්ෂව අපේ RAM, SSD, HDDවැඩකරන්නේ බොහොම හෙමින්. ඉතින් අපිට පුළුවන්නේ PC එකක bottleneck පුළුවන්තරම් අඩුකරන්න විතරයි.  අපිට ඒක සම්පුර්ණයෙන් නැතිකරන්නනම් බෑ.

🖊 Post by Kosala Weerasinghe

Viewing all articles
Browse latest Browse all 1805

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>