Quantcast
Channel: Aluth | Software Review, Download, Tech News
Viewing all articles
Browse latest Browse all 1805

Vegetable Plantation - Sinhala Guide

$
0
0
එළවළු වගාව සඳහා වටිනා උපදෙස් පොතක්.

වෙළඳ පොලේ ඇති එළවළු වලට ඇතිකෘෂි රසායනික ද්‍රව්‍ය අඩංගු නිසා ගොඩක් අය තමන්ගේ ගෙවත්තේ පොඩියට එළවළු වගා කරමින් තම එදිනෙදා

 ආහාර අවශ්‍යතා සපුරා ගන්නවා. එළවලු හා පළතුරු වවන්න ගොවිපොලක් හෝ විශාල ඉඩ ප්‍රමාණයක් අවශ්‍යම නැහැ. පොඩි ඉඩ ප්‍රමාණයක සරු අස්වැන්නක් සහිතව වගා කල හැකි ක්‍රම එමට තියෙනවා. නිරන්තරයෙන් ඒ සම්බන්ධ පර්යේෂණ ද කෙරෙනවා. ඔබටත් පුළුවනි ඔබට අවශ්‍ය එළවලු ටික ගෙදරම වගා කරගන්න. බිම් අඟලක් නැතිව වුව ද , ඊට ද යෙදිය හැකි ක්‍රම තියෙනවා. පෝච්චියක හෝ බහාලුම් බඳුනක බෝග වගා කරන්න ඔබට පුළුවන් කම තියෙනවා.

බොහෝවිට අප උනන්දු වෙන්නෙ, අපට තියෙන සුළු ඉඩ ප්‍රමාණ‍යේ මල් පැලයන් හෝ විසිතුරු ශාඛයක් හදාගන්න. මල් පැල ඕන නැහැ කියනවා නෙවෙයි. එළවලු බෝගයක් හදාගන්න උනන්දු වන පිරිස අඩුයි. මල් පැලයක් හදන්න උනන්දු වෙනවා වගේම බෝගයක් හදාගන්නත් උනන්දු වෙතොත් හිත වගේම බඩත් පිරෙයි. මෑ, වැටකොළු, බෝංචි, බණ්ඩක්කා, දඹල, තම්පලා, පතෝල, කැරට්, කරවිල, පිපිඤ්ඤා, වට්ටක්කා, නිවිති යනාදී එළවළු වර්ග විශ්වාසයෙන් යුතුව පරිභෝජනයට ගත හැකියි. ආර්ථික වාසියකුත් තියෙනවා. ඒ විතරද බෝග වගාවෙනුත් මල් පැල වලින් සේම අපූර්ව සුන්දරත්වයක්, ලස්සණක් ලැබෙනවා.

පෝච්චියක වගා කල චෙරි තක්කාලි ගහක් ඵල දැරුවම හරිම ලස්සණයි. වර්ණවත්. මල් පැල වල මල් ිපුනම ඔබේ සතුට ඉහ වහා යනවා වගේම හදාගත්ත බෝගයක් ඵල දරණ කොටත් අපූර්ව සුන්දරත්වයක් ඔබට දැනේවි. මෑ, වැටකොළු, බෝංචි, බණ්ඩක්කා, දඹල, තම්පලා, පතෝල, කැරට්, කරවිල, පිපිඤ්ඤා, වට්ටක්කා, නිවිති වැනි එළවළු වගාවන් හරි විදියට කරන්න උපකාරී වෙන වටිනා PDFපොත් දෙකක් අපට ලැබුණා. කැමති අය පහතින් ඩවුන්ලෝඩ් කරගන්න.


මෙතනින්බාගන්න. 2MB


මෙතනින්බාගන්න. 300KB


Viewing all articles
Browse latest Browse all 1805

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>