Quantcast
Channel: Aluth | Software Review, Download, Tech News
Viewing all articles
Browse latest Browse all 1805

Introducing Lenovo ThinkStation P320 Desktop PC

$
0
0
Lenovoසමාගමෙන් සුපිරි ඩෙස්ක්ටොප් පරිගණකයක්.

Workstation පරිගණක යනුවෙන් සැලකෙන්නේ සාමාන්‍යයෙන් පුද්ගල පරිගණක වලට වඩා වැඩි බලයක් සහිත, වඩාත් වෘත්තිමය වැඩකටයුතු සඳහා යොදාගත හැකි


පරිගණක යැයි කිව හැක. අතීතයේ පැවති වර්ක්ස්ටේෂන් පරිගණක පිළිබද කතාකිරීමේදී ප්‍රබල කාර්යක්ෂමතාවත් තිබුනද ඒවා ප්‍රමාණයෙන් විශාල වුණි. කෙසේ නමුත් අද වන විට මෙම පරිගණක හුරුබුහුටි නිමාවකින් යුක්තව නිර්මාණය කිරීමට පරිගණක නිෂ්පාදකයින් මහත් පරිශ්‍රමයක් දරයි. හඳුන්වා දෙන Lenovo ThinkStation P320 Tinyයනු එම උත්සාහයන්ගේ ප්‍රතිඵලයක් ලෙස හදුන්වාදිය හැක. වර්තමානයේ දක්නට ඇති සාමාන්‍යය ඩෙක්ස්ටොප් පුද්ගල පරිගණකයකටත් වඩා ප්‍රමාණයෙන් අතිශයින්ම කුඩා මෙම වක්ස්ටේෂන් පරිගණකය Lenovo සමාගම විසින් හඳුන්වන්නේ ISV සහතිකය ලබා ඇති ලොව කුඩාම වර්ක්ස්ටේෂන් පරිගණකය ලෙසිනි.


වෘත්තිය ක්‍රියාකාරකම් සඳහාම විශේෂිතව සකස් කර ඇති මෙම Lenovo ThinkStation P320 Tinyසංයුක්ත ඩෙක්ස්ටොප් පරිගණකය ඔබට සාමාන්‍ය ඩෙක්ස්ටොප් ටවර් පරිගණකයක් සේම උස අතට මේසය මත පිහිටුවීමට නැතිනම් තිරස් අතට පිහිටුවීමට හැකියාව තිබෙනා අතර මෙහි ප්‍රමාණය සලකා බලන විට ඔබට වැඩ කරන්නට සිදුවන්නේ කෙතරම් කුඩා ඉඩක වුවත් මෙම පරිගණකය එතැනට වඩාත් ගැළපෙනු ඇත.


මෙම පරිගණකයේ ප්‍රමාණයන් සැලකූ විට උසින්, ගැඹුරින් හා පළලින් අඟල් 7.1 X 7.1 X 1.4ක ප්‍රමාණයක් වෙයි. එසේම රාත්තල් 2.9 කට නොවැඩි බරක් ඇති මෙය ඔබ භාවිත කරනා මොනිටරය පසුපස කුඩා ඉඩක වුවත් සම්පූර්ණයෙන්ම සැඟවීමට වුවත් හැකියාව ඇත.මෙහි 7th Generation Intel Core i7-7700T vProප්‍රොසෙසරයක් සහ  NVIDIA Quadro P600ග්‍රැෆික් ප්‍රොසෙසරයක් තිබෙනා අතර DDR4රැම් මතකය ගිගාබයිට් 32දක්වා ඉහළ අගයක් දක්වා ඉහළ දැමීමට හැකියාව තිබේ. එමෙන්ම මෙහි ටෙරාබයිට් 2 ක් දක්වා වූ සමස්ත මතක ධාරිතාවක් ලබාදෙන සොලිඩ් ස්ටේට් ඩ්‍රයිව් (SSD) දෙකක් ස්ථාපනය කර ඇත.

මීට අමතරව මෙහි Dual Band Wireless ac 8265වයි-ෆයි සහ Bluetooth 4.1 රැහැන් රහිත සම්බන්ධතාවයන් තිබේ. Windows 10 Pro (64 bit)දක්වා වූ මෙහෙයුම් පද්ධතීන් සමගින් මෙය මනාව ක්‍රියාත්මක වනු ඇත.තවද පසුපස Security lock ස්ලොට් එකක්, Ethernet පෝට් එකක්, Wi-Fi antenna ස්ලොට් එකක්, විදුලි බල ඇඩැප්ටරය සම්බන්ධ කෙරෙනා ස්ලොට් එක සහ තවත් USB 3.0පෝට් තුනක් තිබේ. වැඩි විස්තර දැනගන්න මෙතනින් ආයතනයේ වෙබ් අඩවියට පිවිසෙන්න.

හදුන්වාදෙන නිල වීඩියෝව.



Viewing all articles
Browse latest Browse all 1805

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>