Quantcast
Channel: Aluth | Software Review, Download, Tech News
Viewing all articles
Browse latest Browse all 1805

WinX HD Video Converter Deluxe - Best Video Converter

$
0
0
රු.9,000ක් පමණ වටිනා වීඩියෝ කන්වර්ටර් මෘදුකාංගයක් නොමිලේ.

ඔයාලා දන්නවානේ අලුත් වෙබ් අඩවිය මගින් සල්ලි දීලා මිලදී ගතයුතු වටිනා මෘදුකාංග Giveawayඅවස්ථාවන් මගින් ඔබට නොමිලේ ලබාදෙනවා. 


මේ එලෙස ලබාදෙන විඩීයෝ කන්වර්ටර් මෘදුකාංගයකි. සාමාන්‍යයෙන් අප එදිනෙදා පරිගණකය පරිශීලනය කිරීමේදී වීඩියෝ ෆයිල් සුලබ දසුනක්. ඉතින් එම වීඩියෝ ෆයිල් ස්මාර්ට් ෆෝන් එකට දාගන්න, වීඩියෝව සංස්කරණ කටයුතු කිරීමට කන්වර්ටර් මෘදුකාංගයක් අවශ්‍ය වෙනවා. අන්තර්ජාලය මගින් අපට වීඩියෝ කන්වර්ටර් සුලබව ලබාගත හැකි වුවත් මෙම මෘදුකාංගය නොමිලේ ලබාදෙන එකක් නෙවෙයි. ඒ නිසා මේ නොමිලේ ලබාදෙන විශේෂ අවස්ථාවේ ඩවුන්ලෝඩ් කරලා තියාගත්තත් පාඩු නෑ.

 ඔබ දැනටමත් වීඩියෝ කන්වර්ටරයක් බාවිතා කරනවා වන්නට පුළුවන්. නමුත් මෙම 
WinX HD Video Converter Deluxe මෘදුකාංගය ඉන්ස්ටෝල් කරලා බලන්න ඔබට ඉතාමත් පහසුවෙන් කාර්යක්ෂමව වීඩියෝ කන්වර්ට් කටයුතු කරගන්න පුළුවන්. දැනට ඇති සුපිරිම වීඩියෝ කොලටිය ඇති 1080p multi-track high definition videos ද සහාය දක්වනවා. අන්තර්ජාතික වශයෙන් මෘදුකාංග නිර්මාණය කරන Digiartyසමාගම අවුරුදු 11ක් පිරීම නිමිත්තෙනුයි මෙම මෘදුකාංගය නොමිලේ ලබාදීමට කටයුතු කරලා තිබෙන්නේ.

බලන්න ස්ක්‍රීන්ශොට් එකක්.

ඒ වගේම මෙම මෘදුකාංගය පරිශීලකයාට පහසුවෙන් වීඩියෝ කන්වර්ට් කරගන්න පුලූවන් user friendlyපෙනුමක් තිබෙනවා. Giveaway යටතේ නොමිලේ වින්ඩෝස් මෙහෙයුම් පද්ධති සහිත පරිගණක සඳහා මෙතනින් පිවිස බාගතකරගන්න. මැක් මෙහෙයුම් පද්ධතිය සඳහා මෙතනින් පිවිස බාගන්න.

නිල වෙබ් පිටුවෙන් බාගන්න මෙතනින් පිවිසෙන්න. මෙම මෘදුකාංගය මගින් යූටියුබ් වීඩියෝ ඩවුන්ලෝඩ් කිරීමට හැකිවීම අමතර වාසියකි.


Technical Details

  • Software Name : WinX HD Video Converter Deluxe
  • Requirements : Windows & Mac
  • License : Free & Paid
  • Developer website : www.winxdvd.com

Viewing all articles
Browse latest Browse all 1805

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>