Quantcast
Channel: Aluth | Software Review, Download, Tech News
Viewing all articles
Browse latest Browse all 1805

Samsung Galaxy X - Project Valley

$
0
0
http://www.aluth.com/2017/01/samsung-galaxy-x-project-valley.html
නම්‍යශිලී දුරකතනයක් සැම්සුන් සමාගම නිපදවීමට සැරසෙයි.

මෙතෙක් ලොව දෙකට නැවිය හැකි ජංගම දුරකථන සුලභව දක්නට ලැබුණත්, ක්‍රම ක්‍රමයෙන් එම ෆ්ලිප් ෆෝන් 

(Flip Phone)අභාවයට ගොස් ඇති බව දකින්නට ලැබෙයි.කෙසේ නමුත් මෙම නවඅාරංචිය අනුව කියැවෙන්නේ නව ෆ්ලිප් ෆෝනයක් සම්බන්ධයෙන් නම් නොවේ. මෙම ආරංචියට අනුව නැවිය හැකි ස්මාට්ෆෝනයක් සැම්සන්ග් සමාගමෙන් 2017 වසර අග භාගයේදී නිකුත් වීමට නියමිතයි. Galaxy Xනමින් හඳුන්වන එය ඉහත කියූ මින් පෙර දක්නට ලැබුණු නැවිය හැකි ජංගම දුරකථන වන ෆ්ලිප් ෆෝන් ආකෘතියෙන් වෙනස් වන්නේ කෙසේද යන්න මෙම නව Galaxy Xහි ඡායාරූප බලද්දී වැටහෙයි. එම ඡායාරූප මෑතකදි සැම්සුන් සමාගම ලබාගත් පේටන්ට් බලපත්‍රයන් ඇසුරෙන්, ලොව පුරා සිටිනා නව ස්මාට්ෆෝනයන් සම්බන්ධ නිර්මාණ සැලසුම් අනාවැකිකරුවන් විසින් නිශ්චය කළ හැඩ සටහන් ඇසුරෙන් නිර්මාණය වූ ඒවා වේ.


 මෙම ව්‍යාපෘතියේ නම ලෙසින් අසන්නට ලැබෙන්නේ Project Valleyයන්නයි. මෙම තවමත් නිල වශයෙන් ප්‍රකාශයට පත්ව නොමැති ස්මාට්ෆෝනය අලෙවි කරන නාමය Galaxy Xවුවත්, ඊට පසුව වෙනත් නමක් ලැබුණද, එහි අපූර්ව හැඩය සම්බන්ධයෙන් සැම්සුන් සමාගමෙන්ම ලැබුණායැයි කියන අාරංචිය මෙයට සුවිශේෂී ආකර්ෂණයක් එක් කොට ඇති බව පෙනී යයි. මෙම ස්මාට්ෆෝනයේ මිළ පිළිබඳව හෝ ස්මාට්ෆෝනයේ අන්තර්ගත විශේෂාංගයන් පිළිබඳව මේ වනතෙක් කිසිඳු තොරතුරක් නිකුත්ව නැතත් මෙම උපාංගයේ හැඩය මතම පමණක් බොහෝදෙනෙකු මෙයට ආකර්ෂණය වී තිබෙන බව මෙම පුවත පැතිරී යන වේගය නිසා හඳුනාගත හැකිය. මෙම තාක්ෂණය සැම්සුන් සමාගම විසින් පසුගියදා හදුන්වාදුන්නේ අපූරූ වීඩියෝවකිනි.


දුරකථනයේ හැඩය දැක්වෙන ඡායාරූප කිහිපයක්.





Viewing all articles
Browse latest Browse all 1805

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>