Quantcast
Channel: Aluth | Software Review, Download, Tech News
Viewing all articles
Browse latest Browse all 1805

2017 Smart Technology - WeMo Switch

$
0
0
http://www.aluth.com/2017/01/2017-smart-technology-wemo-switch.html
2017 වසරේ ලොවට හඳුන්වා දෙන නවතම ස්මාර්ට් ස්විච්.

විදුලිය භාවිතාවේදී විය හැකි නොයෙකුත් ප්‍රායෝගික ගැටලු නිසා අයහපත් ප්‍රතිඵලවලට මුහුණදීමේ අවදානමකින් මිදෙන්නට මඟක් ලෙස 

මෙම තාක්ෂණය 2017 වසරේ ලොවට හඳුන්වා දී තිබෙනවා. ඔබ නිවෙසට එන්නට ප්‍රමාද වුවහොත් ගෙදර විදුලි පහන් දල්වන්නට කෙනෙක් තබා යන්නට හෝ සොයා ගන්නට මහන්සි වීම, නිවෙසින් පිටව යන විට හෝ වෙනත් කාර්යයක නිතර වන විට අතපසු වීමෙන් විදුලි උපකරණ ක්‍රියාවිරහිත කරන්නට අමතක  වීම වගේ ප්‍රායෝගික ගැටලු වලට මෙම තාක්ෂණය පිළිතුරු ලබා දී තිබෙනවා. දැනටමත් ප්‍රචලිතව පවතින iDevicesහරහා නිවස ස්මාර්ට් හවුස් එකක් කරගෙන ඇති පාරිභෝගිකයන් හට ස්මාර්ට් ෆෝන් එක හරහා තමන් සිටින ඕනෑම තැනක සිට තම නිවසේ විදුලි උපකරණ, විදුලි පහන් සහ විදුලියෙන් ක්‍රියාත්මක වන තව ඕනෑම ගෘහ උපාංගයක් පාලනය කිරීමේ හැකියාව ස්මාර්ට් ප්ලග්ස් ලබා දෙයි. මෙම තාක්ෂණය හඳුන්වාදීමේ වීඩියෝවක් පහතින් බලන්න.


නිදිමත බිඳගෙන ඇඳෙන් බැස ගොස් ලයිට් නිවා දමා එන්නට මැළිකමක් දක්වන බොහෝ දෙනකුට මෙය සුබ ආරංචියක් විය හැකියි. කුඩා දරුවන් ප්ලග්වලට ඇඟිලි ඔබන පුරුද්ද නිසා ඔවුන් හට විදුලි සැර වැදීමේ අවදානමත් ස්මාර්ට් ප්ලග්ස් නිසා බැහැර වෙනවා. wemo ප්ලග්වලට පමණක් සංවේදී වන නිසා එය පුංචි ඇඟිල්ලක් විවරයට එබූ විට විදුලි ධාරාවක් නිකුත් කරන්නෙ නැහැ. ඊට අමතරව ස්මාර්ට් ප්ලග්ස් නිවසේ දුමක් නැතහොත් කාබන් ඩයොක්සයිඩ් වායුව නිකුත් වුවහොත්, එසැණින්ම මොබයිල් ඇප් එක ඔබේ ස්මාර්ට් ෆෝන් එකට Alert එකක් එවන බැවින් වඩාත් අාරක්ෂාකාරී වෙයි.

Apple Hmekit සහ Works with Nest හරහා ඇපල් Siri සහ Amazon Echo වැනි උපාංග වල සහයෙන් දැනටමත් නිවසේ යම් යම් උපාංග දුරස්ථව සහ කාල සටහනකට අනුව ක්‍රියාත්මක කිරීමේ හැකියාව ඇතත්, 2016 අවසානයත් සමඟ හඳුන්වා දුන් Google Home හරහා නිවැසියන්ගේ කටහඬ අනුවද පාලනය කළ හැකි මධ්‍යම පරිපාලන පද්ධතියක් නිවසට එක්වන දවස වැඩි අෑතක නොවේ.

ඡායාරූප කිහිපයක්.






Viewing all articles
Browse latest Browse all 1805

Trending Articles