පැය විසිහතරට මිලියන පහක් බාපු සුපර් මාරියෝ ක්‍රීඩාව.
මාරියෝ ක්‍රීඩාවේ රසික ජනතාව වැඩිවීමත් සමග Nintendo සමාගම විසින් නවතම "සුපර් මාරියෝ රන්"ක්‍රීඩාව හදුන්වා දී තිබෙනවා.
විවිධ රටවල් සහ ප්‍රාන්ත 151 ක iPhone සහ iPad උපාංගමගින් සුපර් මාරියෝ ක්‍රීඩා කිරීමට අවස්ථාව උදා වී තිබෙනවා. එමෙන්ම මෙය පැය විසිහතරක් අැතුළත මිලියන පහකට වැඩි පිරිසක් බාගත කරගෙන තිබෙනවා. ක්‍රීඩාව අත්හදාබැලීම සඳහා නොමිලේ ආදර්ශකයක් (demo)ලබාදී ඇති අතර මෙම සම්පුර්ණ ක්‍රීඩා මෘදුකාංගය $9.99කට ලබාගත හැකියි. ජංගම දුරකථන ක්‍රීඩා සඳහා එය බොහෝ මිල අධික ලෙස දැනුනද, වෙනත් ජංගම දුරකථන ක්‍රීඩා මිලදිගැනිමෙන් පසුව නැවත අයකිරීම් සිදුවන අතර මෙහි එවැන්නක් නොමැති බව ඔවුන් කියා සිටිනවා. එනම් $9.99කට මෙය මිල දී ගත් පසුව අපට සම්පුර්ණ ක්‍රීඩා මෘදුකාංගයම ලබාගත හැක.
මෙම ඇප් එක දුරකතනයට ඇතුලත් කිරීමෙන් පසුව දුරකතනයේ තිරය එක මත වරක් Tap කල විට ක්‍රීඩාව ආරම්භ වී සතුරන් වළක්වමින් Super Mario දිවීම ආරම්භ කරන අතර කාසි එකතුකර ගනිමින් මෙය ඉදිරියටම ගොස් ක්‍රීඩාව අවසන් කල හැකිය. මෙහිදී ඔබට තෝරාගැනීමට සුපර් මාරියෝ ක්‍රීඩාවේ Modes 3ක් ඇත.
Technical Details
- App Name : Super Mario Run
- File size : 205 MB
- Requirements : iOS 8.0 or later iPhone, iPad, and iPod touch
- License: Free
- Publisher website : www.nintendo.com