Quantcast
Channel: Aluth | Software Review, Download, Tech News
Viewing all articles
Browse latest Browse all 1805

iCare Data Recovery

$
0
0
http://www.aluth.com/2016/10/icare-data-recovery.html
Delete කරපුවා නැවත ගන්න පුලුවන් මෘදුකා‍ංගය.

පෙන් එකේ, මෙමරි කාඩ් එකේ හෝ පරිගණකයේ ඇති වටිනා ෆයිල් එකක් ඔබ අතින් දැනුවත්ව හෝ නොදැනුවත්ව


Delete වුවහොත් නැවත එය Recovery කරලා ලබාගන්න ආකාරය අපි ඔයාලට කියලා දෙනවා. මේ සදහා විවිද රිකවරි මෘදුකා‍ංග තිබුණත් අපි බාවිතා කරන්නේ නොමිලේ ලබාදෙන iCare Data Recoveryමෘදුකා‍ංගයයි. මෙහිදී අපි පෙන් ඩ්‍රයිව් එකක Delete වූ දත්ත ලබාගන්න ආකාරය ගැන සවිස්තරාත්මකව ඔබට කියලා දෙනවා.

අපට මෙම අවස්තාවට මුහුණ දෙන්න වුනේ පෙන් එක පරිගණකයට සම්බන්ධ කරහම ඉහත ආකාරයට Format කරන්න කියලා එනවා. පරිගණක කිහිපයකට සම්බන්ද කරත් වැඩක් නෑ ෆෝමැට් කරන්න කියලා පෙන්වනවා. එතකොට දැනෙන හැගීම කොහොමද කියලා ඔයාල දන්නවානේ. අපේ වටිනා දත්ත කිහිපයක්ම මෙහි ඇති නිසා Recovery කිරීමට පියවර ගත්තා. වැඩේ සාර්ථක නිසා අපි ඔයාලටත් කියලා දෙනවා මේක කරන ආකාරය.මුලින්ම මෙතනින් පිවිස iCare Data Recovery Free මෘදුකාංගය බාගෙන ඉන්ස්ටෝල් කරගන්න. පරිගණකයට පෙන් එක සම්බන්ධ කරන්න. iCare මෘදුකා‍ංගය open කරහම මේ ආකාරයට පෙන්වයි.


මෙහිදී අපගේ අවශ්‍යතාවය මත Delete වූ ෆයිල් Recovery කරනවාද, Format කරපු ෆයිල් recovery කරනවද, නැති වු partition එකක දත්ත Recovery කරගන්නවද. මෙහිදී අපේ පෙන් එකේ ෆයිල් හානි වීම නිසා පරිගණකයට Recognize කරගන්නේ නැති නිසා LostPartition Recoveryතෝරා Next කරන ලදී. ඊට පසු පහත ආකාරයට අපේ පෙන් එක පෙන් වනවා එය select කරලා Next ලබා දෙන්න.





ඔන්න දැන් පෙන් එකේ ඇතුලත් දත්ත ෆයිල් ෆෝමැට් අනුව පෙන්වනවා.

 මෙයින් අපිට අවශ්‍ය ෆයිල් තෝරා Select කරලා Next ලබාදෙන්න. මෙහිදී 1GBවලට වඩා අඩු ෆයිල් select කරන්න ඕනේ. Free version මෘදුකා‍ගයක් නිසා එය Limit කරලා තියෙන්නේ.


එම ෆයිල් පරිගණකයේ save කරන්න තැනක් පහත ආකාරයට ලබාදෙන්න.

Recovery ෆයිල් save වෙලා අවසන්.




Viewing all articles
Browse latest Browse all 1805

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>