
ලංකාවේ පරිගණක ක්‍රිඩා ඉතිහාසය තුල වැදගත් අවස්ථාවක් ඔන්න තව දින කිහිපයකින් දැකබලා ගන්න අවස්ථාව
උදා වෙනවා. ඒ තමයි ලංකාවේ අපේ දක්ශයින් කණ්ඩායමක් වසර කිහිපයක සිට ඉතාමත් කැපවීමෙන් අපේ රටේ පරිගණක ක්‍රීඩා ලෝලීන්ට අපේම කියලා පරිගණක ක්‍රීඩාවක නිරත වීමට හැකි දැවැන්ත නිර්මාණයක් එළිදැක්වීමයි. අපි මේ පිළිබදව ලිපි කිහිපයකින්ම ඔබව දැනුවත් කරලා තියෙනවා. මෙම කංඡායුධ පරිගණක ක්‍රීඩාව Arimac Lankaකණ්ඩායම විසින් සිදු කරන නිර්මාණයක්. ඔවුන් විසින් මෙය ලබන දෙසැම්බර් 13 දින නිල වශයෙන් නිකුත් කිරීමට නියමිතයි. ඒබව ඔවුන් අපූරු වීඩියෝවකින් හෙළිකරනු ලැබුවා.
මෙය නිකුත්කල සැනින් අප වෙබ් අඩවිය ඔස්සේ ඔබට
ගේම් එක බාගැනීමට පුළුවන් 🙌